Pages

Subscribe:

Ads 468x60px

Wednesday, December 26, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා ....!!!


                                                 බ්ලොග් ලියන කියවන යාළුවො හැමෝටම කිරි සහ පැණි ඉතිරෙන, සාමය සතුට සෞභාග්‍යය සපිරුණ, නිදුක් නිරෝගී, කරන කියන හිතන පතන වැඩකටයුතු හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන, බොහෝම වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා ...!!!!!!!

                                     මට ටිකක් කලින්ම සුභපතන්න හිතුන මේ සැරේ අලුත් අවුරුද්දට ගෙදර ඉන්න වෙන්නේ නැති නිසා .එස් බී මහත්තය හෙට ඉදන් සති දෙකකට විතර අපිට එන්න කියල තියෙනවා මොකක්දෝ එකක් කරන්න .ආයෙත් පනපිටින් ගෙදර අවෙත් විස්තරේ කියන්නම්කො ....:D

Tuesday, October 23, 2012

Ashampoo Snap...Screen එක Capture කරමු ..

                                                                 මේ වැඩේ කරන්න තියෙන මෘදුකාංග අතරේ හොඳම එකක් තමයි Ashampoo Snap කියන්නේ .ඉහල ගුණාත්මක භාවයකින් යුතුව screenshots ගන්න පුළුවන් .print screen බොත්තම ඔබනවා වගේ නෙවෙයි .ඊට වඩා ගොඩක් වැඩ මේකේ තියෙනවා .video tutorials එහෙම හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් .සමහරුන්ට skype කෝල් රෙකෝඩ් කරන්න ඕනනේ :) ඒවා කරගන්නත් පුළුවන් .දාගෙන බලන්න ..


Monday, October 22, 2012

Kaspersky Password Manager..

Kaspersky මෘදුකාංග වලට කැමති කට්ටියට සුපිරි බඩුවක්
                                                         .Password Manager මෘදුකාංග මගින් කරන්නේ අපේ online accounts වලට අදාල password මතක තියාගන්න ඒක ..එකවුන්ට් ගොඩක් තියෙන අයට මේකෙන් හරිම පහසුවක් දැනෙයි.තව පහසුකම් ගොඩක් මේකේ තියෙනවා  .සමහර අයට fb account ම පහක් හයක් තියෙනවනේ. :).එයාලට එහෙම ගොඩක් ලේසියි .මේක දාගත්තහම අපි මතක තියාගන්න ඕනෑ මේ මෘදුකාංගයට ලබාදෙන මුර පදය විතරයි. දාගෙන නැති අය දැන්ම දාගන්න ..



Thursday, October 18, 2012

සින්දු අහමු ...(7)

සුභ දවසක් යාලුවනේ ..
                                     මම මේ පොස්ට් එක හද හදා ඉන්නකොට අපේ ගෙදර ආපු යාලුවෙක් කිව්ව ඕක නම් කිසිම තේරුමක් නැති වැඩක් කියල .කීයෙන් කී දෙනාද මේ වගේ සින්දු අහන්නේ කියල එයා  මගෙන් ඇහුව .කතාවනම් ඇත්ත තමයි .ඒත් ඉතින් මම බ්ලොග් ලියන්නේ සම්පුර්ණයෙන්ම විනෝදයට මිසක් විශේෂ තේරුමක් ඇතුව නෙමෙයිනේ.එක නිසා තේරුමක් නැති පොස්ට් දැම්මට කමක් නෑ කියලයි මම නම් හිතන්නේ .. :)
මෙන්න තවත් ලස්සනම ලස්සන සින්දු ටිකක් .ගොඩක් ඒවගේ  තනුව අරන් සිංහල සින්දු හදල තියෙනවා ..

1. Pattikada Pattanama ෆිල්ම් එකේ Adi Ennadi Rakkamma කියන දෙමල සින්දුව.මම ගන්නෙමි කරකාර බන්දාල කියල ජෝතිපාල කියන්නේ මේකේ සිංහල එක ..




  • මම ගන්නෙමි කරකාර බන්දාල ...හිත හොඳ මිනිහෙක් ෆිල්ම්  එකෙන් .....





Sunday, October 14, 2012

සිංහලෙන් ලියන්න ලේසිම විදිහ ...

මේක ගැන නම් ඔයාල ගොඩක් අය  දැනුවත් වෙලා ඇති .තවම දන්නේ නැති අය  වෙනුවෙන් තමයි මේ පොස්ට් එක .මේ මෘදුකාංගය ලබාදෙන්නේ google සමාගම.බුකියේ comment දාන්න,blog ලියන්න .සිංහලෙන් චැට් කරන්න එහෙම මිට වඩා ලේසි විදිහක් නැතුව ඇති :)

ඉස්සරලම මෙතනින් ගිහින් google input tool ඒක  බාගන්න ..

දැන් ඒ file  ඒක double click කලාම install  වීම සම්පූර්ණ වෙයි ..

ඔය රූපයේ තියෙනවා වගේ 1 කියන තැනින් සිංහල තෝරන්න .එතකොට 2 වගේ එකක් එයි .

අපි වැඩිදෙනෙකුට විජේසේකර යතුරු පුවරුව පුරුදු නෑනේ .තියෙන ඒක තමයි පුරුදු.දැන් අපිට තියෙන්නේ සිංග්ලිෂ් විදිහට ලියන්න ඕන ඒවා ලියන එක .එහෙම ලියල space bar ඒක එබුවම අවශ්‍ය සිංහල වචනය එයි ,හරියට ඔය යට රූපේ තියෙනවා  වගේ .



Thursday, October 11, 2012

නුඹේ ආදරේ ........

රණ්ඩු උනහම ආදරේ ගැන හිතෙන දේවල්....!!!




 රිදෙන් නැතුව ගලවනු බැරි 
   තියාගන්නකොහොමත් බැරි 
                         නරක වෙච්ච දතක් වගෙයි නුඹේ  ආදරේ ....

   තිත්ත හින්ද බොන්නත් බැරි 
ඒත් නොබී ඉන්නත්   බැරි 
                     තිත්ත කසායක් වාගෙයි නුඹේ ආදරේ .....

  හැපුව කියල රසකුත් නැති 
      විසිකරන්න හිතෙන්නේ නැති 
                    චුයිංගම් එකක් වාගෙයි නුඹේ ආදරේ ....

Tuesday, October 9, 2012

උද්ගෝෂණයක් කරමුද ..??




උද්ගෝෂණයක් කරලා වැඩක් තියෙයිද ?
                                     දැනට නම් නෑ වගෙයි..
ඒ මොකද ?
             උද්ගෝෂණ කලට රජය ගණන් ගන්නේ නෑ .

ඇයි ගණන් ගන්නේ නැත්තේ ?
                   ඒවගෙන් රජයට හානියක් නැති නිසා.
පැහැදිලි මදි ?
                      දැනට තියෙන තත්වේ හැටියට අපි ඔලුවෙන් හිටගෙන පොළොවේ පස්කකා උද්ගෝෂන කලත් රජය එක ඡන්දයක්වත් පරදින්නේ නැත්නම්,අඩුම තරමේ ඡන්ද අඩුවෙන්නේ වත් නැත්නම් රජය කලබල වෙලා වැඩක් නෑ .
ඇයි එහෙම වෙන්නේ ??
                                         විසදාගතයුතු ප්‍රශ්නය අන්න ඒකය. තියෙන සද්දේ හැටියට කුමක් හෝ විය යුතු යයි හිතෙන නමුත් එසේ වන්නේ නැත.ලංකාවේ බහුතරය තවත් අයි ටි එන් බලන ජනතාවය. රජයේ සේවකයන්ට,ආචාර්යවරුන්ට හෝ නාගරික මධ්‍යම පන්තියට ඇති ප්‍රශ්න, බහුතරයට බල නොපායි .උදා ලෙස අධ්‍යාපනයට මුදල් වැඩිකිරීම හෝ අඩු කිරීම වැදගත් වන්නේ ඉතා සුළුතරයකට මිස බහුතරයකට නෙවේය.(හැමෝටම වැදගත් නමුත් දැන් තත්වය එහෙමය ) එහි ප්‍රථිපල ක්ෂණිකව පෙනෙන දෙයක්ද නොවේ .එසේ පෙනෙන්නේ පාරක් කොන්ක්‍රීට් කිරීමක්,ලයිට් දීමක්, වතුර දීමක් වැනි දෙයක්ය .මැතිවරණයක් ආසන්නයේ හැම පාරකටම තාර කෝප්පය බැගින් හලාගෙන ගියානම් ඡන්දය ඉහලින්ම දිනීමට එය  ප්‍රමාණවත්ය .                                                          වැදගත්ම කරුණ වන්නේ  ලංකාවේ ජනතාවට දේශපාලඥයන්ගේ ප්‍රතිපත්ති වදගත් නොවීමය.රු 500 යට, අරක්කු බෝතලයට ඡන්දය දෙන්නවුන් තවමත් බොහෝය. නමුත් බොහොමයක් දියුණු රටවල් සලක බැලීමේදී ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ඇති අතර ජනතාවද ඒවා කෙරෙහි අවදියෙන්ය .තම ප්‍රතිපත්ති ඉටුකිරීමට නොහැකි වූ දේශපාලඥයින්ගේ ඉල්ලා අස්වීම් බහුලය.ලංකාවේ අපි එහෙම දේවල් දන්නෙවත් නැත.සමරු මේකට පකිස්ලන්තය කියන්නේ ඒ නිසාය.කොහොමටත් අනික් රටවල මිනිස්සුන්ට වඩා ලංකාවේ මිනිස්සු වෙනස්ය  :D.රට පාලනය කිරීමට කුඩ්ඩන්, මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ පත් කරන්නේ රටේ ජනතාවමය .

Tuesday, September 18, 2012

මගේ ප්‍රථම E bay ගනුදෙනුව ..

           
            මටත් හිතුන නිකමට වගේ e bay එක පැත්තට  ගොඩවෙලා මොකක් හරි අරන් බලන්න.කට්ටිය ගෙදරටම එනවා එනවා කිව්වට ඇත්තටම එනවද දන්නේ නෑනේ.
කොහොමහරි අව්ලක් නැතුව ගෙදරටම ආව.මේ තියෙන්නේ ඒක.,



       මම ගෙන්නුවේ මගේ ෆෝන් එකට housing එකක් .ෆෝන් ඒක ගොඩක් පරණ මොඩ්ල් එකක් නිසා housing ලංකාවේ නැද්ද කොහෙද .තිබුනත් ලංකාවට වඩා ගොඩක් ගාන අඩුයිනේ e bay එකේ.මේක එන්න දවස් 14-28 අතර යනවා කියල තිබුනේ  .හරියටම දවස් 14 න් ආව .මේකට ගෙවන්න මම පාවිච්චි කරේ සම්පත් වෙබ් කාඩ්  එකක්  .සම්පත් බැංකුවකට ගිහින් ඒක ලේසියෙන්ම ගන්න පුළුවන් .කාඩ් ඒක එන්නත් සති දෙකක් විතර යනවා .ඉතින් e bay  ගනුදෙනු   තාම කරලා නැති,කරන්න කැමති  කට්ටිය ඉන්නවනම් සම්පත් බැංකුවකට ගිහින් අදම වැඩේ පටන් ගන්න. ඉස්සරලම top rated seller කෙනෙක්ගෙන් බඩු ගන්න .අනිවා ගෙදරටම එයි ...

Sunday, September 9, 2012

ගන්ධබ්බයෝ ......!!!



                    උසස් පෙළ ඉවර වෙලා කැම්පස්  පටන් ගන්නකම් ගතකරන ගන්ධබ්බ කාලේ තමයි මේක. ගන්ධබ්බයෙක් විදිහට මෙච්චර කාලයක් ඉන්න   වෙයි කියල නම් ළමයි කව්රුත් හිතන්න නැතුව ඇති ..පේන හැටියට නම් කොහොමටත් තව මාස තුන හතරක් වත් යයි වගේ .වැඩ කරනකොට වැඩ කරන එක කොච්චර අමාරුද කියල තේරෙනවා වගේම නිකන් ඉන්න කොට තමයි තේරෙන්නේ  නිකන්ම ඉන්න එකත්    කොච්චර අමාරුද කියල .මාසෙකට රෑන්ක් දෙකතුනක් එන නිසා ඒකාකාරී ගතිය ටිකක් නැතිවෙනවා. කොහොමින් කොහොම හරි එක විභාගයට වැඩිම රෑන්ක් ගණනක් ලබාදීමේ ගිනස් වාර්තාව ලබගන්නත් පහුගියදා අපේ විභාග දෙපාර්තමේන්තුවට හැකිඋනා .එක ගැනනම් අපි ආඩම්බර වෙන්න ඕන . :)

මොකටද අප්පා 
විභාග කෙරුවේ 
 පාඩම් කෙරුවේ, 
                         අපි නැහිලා...        

Thursday, July 26, 2012

පිස්සන් සමග වාසේ ......




                                                මහින්ද චින්තනය යටතේ 2011 උසස්පෙළ සදහා නිකුත් වූ තෙවන ප්‍රතිපලයද ආවේය.ඒ අනුව නව නිර්දේශයෙන් පෙනී සිටි සිසුන් කැවුම් කිරිබත් කන අතරේ පැරණි නිර්දේශයෙන් පෙනීසිටි  අපිට සිදුවී ඇත්තේ වහ කෑමටය.පැරණි සිසුන් සියල්ලගේම Z අගයන් අඩුවී දිස්ත්‍රික් හා දිවයින් කුසලතා  පසුපසට ගොස්  තිබන අතර බහුතරයකට තමන් ඇතුලත් වීමට සුදුසුකම්  ලබා  තිබු පාඨමාලාව  නොලැබී ගොස් ඇත.ඛේදජනක තත්වය නම්  විශ්ව විද්‍යාල වරම් ලබා තිබු බොහෝ පිරිසකට (විශේෂයෙන්  කලා   විෂය ධාරාවේ ) කිසිදු පාඨමාලාවකට ඇතුලත් නොවිය හැකිසේ එය අහිමි වීමයි .ඔවුන්ට නැවත විභාගයට පෙනී සිටීමට විභාග දෙපාර්තමේන්තුව විසින් සති තුනක් ලබාදී ඇති අතර ඒ අනුව  වසර දෙකක උ .පෙ විෂය නිර්දේශ

Friday, July 6, 2012

දන්නෑ .....!!!





හැමදාම උදේ අපේ ගෙදර ඉස්සරහින් phone එක කනේ ගහගෙන ගාමන්ට් යන නංගිලා ටික වෙනුවෙනි... 






උදේ පැයයි දවල් පැයයි 
හවස්වෙලා ආයේ පැයයි 
දවස් හතම කියවන්නේ, 
මොනවද දන්නෑ..  

යන්නේ කොහෙද සිහියක් නෑ 
ඉන්නේ කොහෙද සිහියක් නෑ 
නංගිලට මක්වෙලාද,
මමනම් දන්නෑ..  

මහා හයියෙන් හිනැහෙනවා 
ලජ්ජාවෙන් ඇඹරෙනවා
හිටපු ගමන් වැලපෙනවා 
ඇයිදෝදන්නෑ..  

මාසයක්ම මහන්සියෙන් 
හොයාගත්ත තුට්ටු දෙකෙන් 
phone එකේ බිල ගෙව්වම,
සතුටුද දන්නෑ...  

phone එකේ වැරද්දක්ද 
නංගිලාගේ වැරද්දක්ද 
වෙන කෙනෙක්ගේ වැරද්දක්ද 
කියන්න දන්නෑ ... 


Tuesday, May 1, 2012

සින්දු අහමු ...(6)

මෙන්න යාලුවනේ  ගින්දර වගේ ලස්සන සින්දු ටිකක් ...:!!!!

මේ හින්දි සින්දුව අහල තියෙනවද ??


  • Aji qibla......Moho tharma.......


 

මේ වගේ සිංහල එක ජෝතිපාල මහත්මයාගේ, 

  • රන් තිලකා....  පොඩි මැණිකා....   


Thursday, April 12, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!



 යාලුවනේ...

 ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ....!

මේ තියෙන්නේ අවුරුද්ද වඩාත් සුන්දරව ගතකිරීමට උපදෙස් කීපයක්.

මේ ටික මම උපුටා ගත්තේ පැරණි ඍෂිවරයෙකුගේ පුස්කොලපොතකින්...:D




ලෙල්ල පිටින් කෙහෙල් එහෙම කන්න   එපා 
කැවුම් කෑ විගස  නින්දට යන්න            එපා 
කිරිබත් එක්ක කෝලිකුට්ටු කන්න        එපා 
අලුව කාල වතුර නොබී ඉන්න              එපා 


බෝතලයක් එකවර හිස් කරනු              එපා 
හිස්කෙරුවොත් ගෙවල් පැත්තේ යන්න   එපා 
ගෙදර ගියොත් වැඩිපුර දගලන්න            එපා 
මේ උපදෙස් අමතක කර  දමනු              එපා 


Tuesday, April 3, 2012

Revison ගිය කාලේ.........


මමත් සංසාරේ එපා වෙනකම් Revison ගිය කොල්ලෙක්නේ..:D 
ඒ කාලේ පොඩි ගතියකුත්  නැතුවාම නෙවෙයි. එත් ඉතින් අනේ මන්ද. 
ඒකාලේ මගේ දවසක්  මේ වගේ තමයි ගතවෙන්නේ.. 




පාන්දරම       ඇහැරින්නට
හීතලේට       වෙව්ලන්නට 
බැරිය තවත්     ඉවසන්නට   
හිතෙයි ගෙදර  නවතින්නට  

මුණ  ටිකක්   තෙමාගත්ත
බත් කටකුත්    ඔබාගත්ත 
තවත් එකක්     ඔතාගත්ත 
අදත් යන්න     හිතාගත්ත 

විනාඩියක් දෙකක් කලින් හෝල්ට් එකට    දුවාගත්ත  
පණ ඇද ඇද ආ බසයට යන්තම් හිස         ඔබාගත්ත 
එහෙට දුවල මෙහෙට දුවල සීට් එකක්    හොයාගත්ත 
දෙවි පිහිටෙන් පැයක් විතර යාන්තමට       නිදාගත්ත  

Thursday, March 29, 2012

සින්දු අහමු.. (5)

සුභ දවසක් යාලුවනේ...


ඔයාල දෙමළ සින්දු වලට කැමතිද?
මම නම ඉස්සර කැමති නැති උනාට දැන් නම් ටිකක් කැමතියි. බලාගෙන යනකොට ඒවගෙත් පොඩි ගතියක් වගේ එකක් තියෙනවා..:) 
මෙන්න මේ ටික අහල බලන්නකෝ..
  • Marugo Marugo........


  • සිංහල එකක් මතක් වුනා  නේද?දීපාල්  සිල්වාගේ  එන්නකෝ එන්නකෝ කෙලින් එන්නකෝ....


  • chinna chinna aasayi .. ලස්සන slow  සින්දුවක්. මේකේ තේරුම තමයි.., 

Friday, March 23, 2012

බුකියෙන් සමුගතිමි....!





  සතුට සොයන් මෙහි   ආවා     
   ඇවිත් අතරමං             වූවා   
  තිබුන ටිකත් නැති       වූවා   
කාට කියන්නද         මේවා 

යාළුවො නම් මහ    තොගයකි 
අඳුනන්නේ කිහිප      දෙනෙකි 
ඉස්සර  රස            ආකරයකි 
දැන්නම් මල           විකාරයකි  

Wednesday, March 21, 2012

අධි රුධිර පිඩනයද ..?



මටත් ඕක තියෙනවා යාලුවනේ.:( බෙහෙත් ගන්නම වෙනවා . ක්‍රිකට් මැච් එහෙම බලනකොට තමයි මටනම් හොදටම වැඩිවෙන්නේ 
ඒ වෙලාවට මම කරන්නේ මාළු ටැංකියක්  දිහා වගේ ටිකක් වෙලා බලාගෙන ඉන්න  එක.ටක්ගාල අඩුවෙනවා. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. 
මාළු ටැංකියක් නැති නිසා ඇත්තටම මම කරන්නේ Dreamaquarium screen saver එක දිහා බලාගෙන එන්න එක .දෙකම එකයි නේ.:D

 ඔයාලටත් මාළු ටැංකි screen saver එක ඕනනම් ඔන්න ගන්න .
මේක ගොඩක් අය ළඟ ඇතිනේ. නැති අය ගන්න .මමත් තුන හතරක්ම බෑවා මේවා තමයි වැඩකරේ..මාර ලස්සනයි මටනම් මේක .

  • 1 ටැංකිය .

Tuesday, March 13, 2012

සින්දු අහමු....(4)

 අති පැරණි හින්දි ගීයට පෙම් බැඳී නංගියේ මල්ලියේ,
 අක්කේ අයියේ,
 සහෝදරයා සහෝදරිය,
 මේ ඔබ වෙනුවෙන්මයි....!!! 


  • ජෝතිපාල මහත්මයාගේ නින්ද නේන රාත්‍රියේ.  මේ පාළු කාන්සියේ..



  •  හින්දි එක . Chanudvin Ka Chand Ho...

Saturday, March 10, 2012

හංගනවනම් මෙන්න බඩු ...



අපි හැමෝටම සැගවිය යුතු  දේවල් තිබේ .සමහරුන්ට ටිකකි සමහරුන්ට ගොඩකි. 
ඒවා අත්‍යාවශ්‍යයෙන්ම සැඟවිය යුතු අතර එසේ නොකිරීමෙන්   බරපතල  ලෙඩ ඇතිවේ :D.
එක නිසා දැන්ම මේක බාගන්න .
මේකෙන්  හංගන හැමදේම හරිම ලස්සනට පිළිවෙලට  හංගන්න පුළුවන් ..!


දීල තියෙන  එක වැඩ කරන්නේ නැත්නම් මේක දාගන්න F82BE-FADA4-F761A-BFCB9

Wednesday, March 7, 2012

යන්න.....!!!!


එයාට යන්න ඕනලු .. :((

 

 උදුරාගත්ත 
 මගේ සතුට 
ආපහු මට
   දීල යන්න...

   හොරාගත්ත
   මගේ හිනාව 
 ආපහු මට 
   දීල යන්න...

හැමදාටම
     මතක්වෙන්න 
   පුංචි දෙයක් 
  දීල යන්න..

    යන්න හිතුනේ 
ඇයිද කියල 
පුලුවන්නම් 
   කියල යන්න..

     නුඹ වෙනුවෙන් 
   හෙලන කදුළු 
දිහා ටිකක් 
     බලල යන්න...

Monday, March 5, 2012

සින්දු අහමු ..(3)

සුභ දවසක් යාලුවනේ ..
                             මෙන්න ලස්සනම ලස්සන සින්දු ටිකක්..!! මේ ටික අහන්නේ නැතුව නම් ඉදල  වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ .:D

  • ඉස්සරලම මේක අහන්න ..





 ලස්සනයි නේද? මෙන්න සිංහල එක (කොළ කඩ කඩ බොරුවට   දෙනවා කියන එක ).





Monday, February 20, 2012

සින්දු අහමු ...(2)

සුභ දවසක් යාලුවනේ ..
                     ජෝතිගේ සැලෙන  ලෙලෙන දළුව විලස කියන එකට ආසද?ඔන්න ඒක  යට ඇති හින්දි එකත් එක්කම. ඊට  කලින් මේ ටිකත් කියන්න ඕන ..
ඇත්තටම කොහොමද ජෝතිගේ සින්දු  මේතරම් ජනප්‍රිය උනේ??
1)  හඬ :-      ජෝතිගේ තියෙන්නේ සුපිරි හඬක් නේ .එකට සම කරන්න පුළුවන් කෙනෙක් ඒකාලේ හිටියේ නෑ.කොටින්ම කියනවනම් පොදු ජනතාවගේ ගායකයා වීමට අවශ්‍ය හඬ ජෝතිට තිබුනා.
2)පද රචනාව:-      ජෝතිගේ සින්දු ගැන කතාකරද්දී පද රචනාව ගැනත් කතාකරන්නම ඕන .දැන් තියෙන සින්දු දිහා බැලුවහම අපිට හිතෙනවා ඉක්මන්   ජනප්‍රියත්වයකට නම් පද රචනය එච්චර වැදගත් නැත්ද මන්දා කියල.එත් මෙච්චර කාලයක් නොනැසී පවතින්න නම් පද ඉතාම  වැදගත්.  අපි ට හම්බෙන ඕනෑම  අවස්ථාවක මුමුනන්න පුළුවන් පද ජෝතිගේ සිංදුවල තියෙනවනේ . විශේෂයෙන්ම  විශිෂ්ට රචකයන් වන කරුණාරත්න අබේසේකර වගේ අය  අපුරුවට  ඒ කාර්යය කරලා තියෙනවා .සදාකාලික පද රචනා ගොඩක් ලියල තියෙනවා .

Thursday, February 16, 2012

සින්දු අහමු .......(1)








ඔයාල කැමතිද පරණ සින්දු අහන්න ?.ජෝතිපාලලගේ   ,ඒ කලේ හිටපු ගොඩක් ගායකයන්ගේ සින්දු හරිම ලස්සනයිනේ.  ඒ කලේ ගායකයන්ගේ ගොඩක් ජනප්‍රිය සින්දුවලට යොදාගෙන තියෙන්නේ හින්දි තනු ඇත්තටම ඒ හින්දි සින්දු සිංහල එකටත් වඩා ලස්සනයි . ඒවාගෙන්  ගොඩක් ඒවා  you tube එකේ එහෙම  තියෙනවා .එත් හොයාගන්න තමයි  අමාරු ..ඉතින්  ඒවගේ සින්දු ටිකක් දෙන්න තමයි  මම මේ හදන්නේ .මේවට කැමති අය බලන්න ..
මේ සින්දු අහද්දී සමහරවිට ඔයාලට හිතෙන්න පුළුවන්,
 මෙච්චර ලස්සන සින්දුත් තිබිලා- දන්නේ නැතුව අපි ඇහුවනේ බයිලා කියල ..
සමහරවිට මෙහෙම හිතෙන්නත් පුළුවන්,
 කියපු නිසා අපි ඇහුවට පැනලා- දැන් නම් හිතෙනවා මොකටද කියලා...:P
 කොහොමහරි කමක් නෑ,
කැමති කැමති විදිහට රස විදලා- යනකොට යන්නකෝ අදහස් කියලා ..:D 

Tuesday, February 14, 2012

ආයුබෝවන් .....!!!!

ඔන්න මමත්  Blog  කෙරුවාව පටන් ගත්ත යාලුවනේ .මේ දවස් වල කරන්න වැඩකුත් නැනේ ..
ගෙදරට වෙලා නිකන්ම ඉන්න කොට සංසාරේ එපාවෙනවා.බෙදාගන්න පුළුවන් හැමදේම ඔයාලත් එක්ක බෙදාගන්න මම කල්පනාකරනවා..
ඒ වගේම මේකට යන එන හැමෝම (දැනට නම් යන්නේ එන්නේ මම විතරයි:D ) සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා   ....!!!