Wednesday, February 6, 2013
ඊයේ......!
ඊයේ හරිම ලස්සන දවසක්.දවස දෙක තුනක් වහැපු වැස්ස නැවතිලා ලස්සනට ඉර පායලා තිබුනා.මම ටවුන් එකට යන්න පිටත් වුනේ විශේෂ වැඩකටත් නෙවෙයි ගෙදර ඉන්න කම්මැලි කමට.වෙලාව උදේ 9ට විතර ඇති.මම පාරට බැහැල සිංදුවකුත් කියාගෙන හෙමින් හෙමින් ගමන පටන් ගත්තා.අපේ ගෙදර පල්ලහ තියෙන ලොකු වෙල් යාය ලඟට එනකොට මම දැක්කා ඈත වංගුවෙන් කව්දෝ එනවා.ඇස් ලොකු කරලා හොඳට බැලුවම තමයි දැනගත්තේ ඒ එයා කියල !!
එයා කිව්වේ මම කාලයක් තිස්සේ හිතින් විතරක් පෙම් කරන ගෑනු ළමයා.ලබන මාසේ ඉවර වෙන්න කලින් යාලුවෙන්න අහන්නයි මම හිතාගෙන හිටියේ.උදේ පාන්දරම කොහේ ගිහිල්ලද මන්ද.ඒ වෙලාවේ පැත්ත පළාතටම පේන්න හිටියේ උඩහ ගෙදර බල්ලා විතරයි.මේ වගේ අවස්ථාවක් ආය කවද ලැබෙන්නද කියල මට හිතුනා.අදම යාලුවෙන්න අහන්න ඕන කියල මම හිතාගත්ත.තව ටිකකින් මමත් පෙම්වතෙක් වෙයිද?කියල හිතනකොටත් මට මාර කික් එකක් දැනුනා.ම්ම කමිසේ අත් දෙක තව ටිකක් නවාගෙන කොන්ඩෙත් අතින් හදාගෙන අහක බලාගෙන මල් හිනාවක් ටෙස්ට් කරලා බැලුවා.තවම එයා ඈත.මම හෙමින් ඇවිදගෙන ගියා.
එකවරම ......මට අහන්න බෑ හිතුනා.අද විස්තර ටිකක් විතරක් කතාකරන්න ඕන කියල හිතුවා.ගුඩ් මොර්නින් නංගි.කුකුලත් අතින් අරන් උදේම කොහෙද ගියේ.බෑරක් වත්ද? ඒ මදැයි...
අව්වටද මන්ද මට දැන් ටිකටික දාඩියත් දාන්න පටන් අරන්.දැන් එයා මට හොඳටම පේන තරමට ලඟට ඇවිත්.
Wednesday, January 30, 2013
අලුත් විදිහට මාල කැඩීම...!
ඉස්සර අපේ රටේ මුළු සර්වාන්ගෙම වැහෙනකම් කැරට් 24 පිරිසිදු රත්තරන් වලින් හදපු මාල,වළලු,මුදු,කරාඹු,පාදගම්,පාසලඹ,පාදජාලා කියන ස්ත්‍රී අභරණ පැළඳ ගත්තු තනිකඩ ලලනාවියකට මහ දවාලේ පයින් ඇඟේ එක රෝම කුපයකටවත් හානි වෙන්නේ නැතුව දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා ගිහින් ආපහු එන්න පුළුවන් කම තිබුනා කියල කවුදෝ කියනවා මට ඇහිලා තියෙනවා.එහෙව් රටේ දැන් නම් මාලයක් දාගෙන තනිපංගලමේ අඩි දහයක් වත් යන්න බැරි තත්වයක් උදාවෙලාදෝ කියල මට හිතෙනවා.
පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත මාල වළලු කඩාගන්න සිද්ධි පුදුම විදිහට වැඩිවෙලා.බයික් එකකින් ඇවිත් මාල කඩාගන්න සිද්ධි තමයි 90%ක්ම තියෙන්නේ .මුලින් මුලින් තනියම පාලු පාරවල් වල යන එන අය තමයි බොහෝ දුරට මේකට ගොදුරු උනේ.ඒත් දැන් දැන් දෙනෝ දාහක් මැද්දේ කිසිම ගානක් නැතුව කඩාගෙන යනවා.අපේ නැන්දා කෙනෙකුගෙත් ගිය අවුරුද්දේ පාරේ යනකොට බයික් එකෙන් ආපු දෙන්නෙක් පිහියක් පෙන්නලා මාල වළලු ගලවගෙන තිබුනා.
Monday, January 14, 2013
මහා ලීඩරශිප් ජාතකය ....!!!!!!
යටගිය දවස සිරිලංකාදිපයෙහි මලින්ද රාජුපක්ෂ නම් රජ කෙනෙකුන් දැහැමින් හා ඉතා සෙමින් රාජ්‍ය කරන සමයේ එරට සියලු තක්සලාවන්ට අධිපතිව දළු බණ්ඩාර නම් එක ඇමැත්තෙක් විසුහ .ඌ තුමූ නුවණ නැත්තාහ.ඉතා මූඪය.කට වාචාලය.එයිදු තෙමේ වචාලයා හෙයින්ද උපායෙහි බුහුටි හෙයින්ද රජු රවටා සියලු සම්පත් ඇරගෙන කල් ගෙවන්නේය. දිනක් මේ දළු බණ්ඩාරයා සිතන්නේ,මෙකල මෙරට තක්සලාවන්හි සිසුන් නම් ආවේගශිලිහුය.කාර්යයෙහි සූරය.එහෙයින් මතු කලෙක මුන් අපිට එදිරිව ගියමනාය.මුන්ගේ හිස දැන්ම බෑ යුතු යයි සිතා ලීඩරසීපය නම් උපායක් කල්පනා කළහ.ඒ කෙසේද යත්:- සියලු සිසුන් වනමැද මහා කඳවුරක ගාල් කොට පියා නේක විධික්‍රම මගින් උන් මහත් සේ භය ගන්වා උන්ගේ බල බිද, තම බහට නැමියා වූ රූකඩයන් බවට පත් කිරීම යැයි දත යුතු.
මෙකල කල්යාණන්දයායැ,වජිරයායැ,හරූනායැ යි තිදෙනෙක් මිත්‍ර සන්ධානයෙන් කල් ගෙවන්නේ උන්ටද අසුවල් දවස අසුවල් තැනට එවූයයි රාජ අණ ලැබුහ .උන් තිදෙනාද රාජ අණ හෙයින්ද,කඩ කලොත් නපුරක් හෙයින්ද,එමෙන්ම යාම් මිස ඒම් විශ්වාස කටයුතු නොවන හෙයින්ද සිය දෙමාපිය ඥාති හිතමිත්‍රාදින්ගෙන් සමුගෙන බොහෝ දුක සේ නියමිත දින කඳවුරට වැදුනාහ.
ඒ කඳවුරෙහි තතු නම් මෙසේයැ.අඟලක් අඟලක් පාසා තුවක්කුයැ,කාලතුවක්කුයැ,බෝම්භයැ,කිනිසියැ,පොලුයැ ආදී වූ පන්චායුධයෙන් සන්නද්ධ වූ,උකුසු නෙත් ඇති නොසෙල්වෙන රූ ඇති,සද්දන්ත යුධ භටයෝය.පිටතින් බැලූකල පළමුව ස්වාසිලන්ත ජනපදයෙන් ගෙන්වූ මහා දැති මෝරුන් හා හැල කිඹුලන් ගහන දිය අගලක්ය .ඉක්බිති නයින්,මුගටින්, පිඹුරන්, ඇනකොන්ඩාවන් ගහන මහා කලල් අගලක්ය.ඉන් ඔබ්බේ අසූ රියනක් උසැති නවරියනක් පළලැති මහා පවුරක්ය.අවටතෙරක් නොපෙනෙන නිල් වන රේඛාවය.ඉදින් පලායාම නම් සිහිනෙන්ම මිස හැබැහින් නොසිතු වීරුය.
Labels:
ජාතක කතා
Wednesday, December 26, 2012
සුභ අලුත් අවුරුද්දක් වේවා ....!!!
බ්ලොග් ලියන කියවන යාළුවො හැමෝටම කිරි සහ පැණි ඉතිරෙන, සාමය සතුට සෞභාග්‍යය සපිරුණ, නිදුක් නිරෝගී, කරන කියන හිතන පතන වැඩකටයුතු හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන, බොහෝම වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා ...!!!!!!!
මට ටිකක් කලින්ම සුභපතන්න හිතුන මේ සැරේ අලුත් අවුරුද්දට ගෙදර ඉන්න වෙන්නේ නැති නිසා .එස් බී මහත්තය හෙට ඉදන් සති දෙකකට විතර අපිට එන්න කියල තියෙනවා මොකක්දෝ එකක් කරන්න .ආයෙත් පනපිටින් ගෙදර අවෙත් විස්තරේ කියන්නම්කො ....:D
Tuesday, October 23, 2012
Ashampoo Snap...Screen එක Capture කරමු ..
මේ වැඩේ කරන්න තියෙන මෘදුකාංග අතරේ හොඳම එකක් තමයි Ashampoo Snap කියන්නේ .ඉහල ගුණාත්මක භාවයකින් යුතුව screenshots ගන්න පුළුවන් .print screen බොත්තම ඔබනවා වගේ නෙවෙයි .ඊට වඩා ගොඩක් වැඩ මේකේ තියෙනවා .video tutorials එහෙම හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් .සමහරුන්ට skype කෝල් රෙකෝඩ් කරන්න ඕනනේ :) ඒවා කරගන්නත් පුළුවන් .දාගෙන බලන්න ..
Labels:
Software
Monday, October 22, 2012
Kaspersky Password Manager..
Kaspersky මෘදුකාංග වලට කැමති කට්ටියට සුපිරි බඩුවක්
.Password Manager මෘදුකාංග මගින් කරන්නේ අපේ online accounts වලට අදාල password මතක තියාගන්න ඒක ..එකවුන්ට් ගොඩක් තියෙන අයට මේකෙන් හරිම පහසුවක් දැනෙයි.තව පහසුකම් ගොඩක් මේකේ තියෙනවා .සමහර අයට fb account ම පහක් හයක් තියෙනවනේ. :).එයාලට එහෙම ගොඩක් ලේසියි .මේක දාගත්තහම අපි මතක තියාගන්න ඕනෑ මේ මෘදුකාංගයට ලබාදෙන මුර පදය විතරයි. දාගෙන නැති අය දැන්ම දාගන්න ..
.Password Manager මෘදුකාංග මගින් කරන්නේ අපේ online accounts වලට අදාල password මතක තියාගන්න ඒක ..එකවුන්ට් ගොඩක් තියෙන අයට මේකෙන් හරිම පහසුවක් දැනෙයි.තව පහසුකම් ගොඩක් මේකේ තියෙනවා .සමහර අයට fb account ම පහක් හයක් තියෙනවනේ. :).එයාලට එහෙම ගොඩක් ලේසියි .මේක දාගත්තහම අපි මතක තියාගන්න ඕනෑ මේ මෘදුකාංගයට ලබාදෙන මුර පදය විතරයි. දාගෙන නැති අය දැන්ම දාගන්න ..
Labels:
Software
Thursday, October 18, 2012
සින්දු අහමු ...(7)
සුභ දවසක් යාලුවනේ ..
මම මේ පොස්ට් එක හද හදා ඉන්නකොට අපේ ගෙදර ආපු යාලුවෙක් කිව්ව ඕක නම් කිසිම තේරුමක් නැති වැඩක් කියල .කීයෙන් කී දෙනාද මේ වගේ සින්දු අහන්නේ කියල එයා මගෙන් ඇහුව .කතාවනම් ඇත්ත තමයි .ඒත් ඉතින් මම බ්ලොග් ලියන්නේ සම්පුර්ණයෙන්ම විනෝදයට මිසක් විශේෂ තේරුමක් ඇතුව නෙමෙයිනේ.එක නිසා තේරුමක් නැති පොස්ට් දැම්මට කමක් නෑ කියලයි මම නම් හිතන්නේ .. :)
මෙන්න තවත් ලස්සනම ලස්සන සින්දු ටිකක් .ගොඩක් ඒවගේ තනුව අරන් සිංහල සින්දු හදල තියෙනවා ..
1. Pattikada Pattanama ෆිල්ම් එකේ Adi Ennadi Rakkamma කියන දෙමල සින්දුව.මම ගන්නෙමි කරකාර බන්දාල කියල ජෝතිපාල කියන්නේ මේකේ සිංහල එක ..
මම මේ පොස්ට් එක හද හදා ඉන්නකොට අපේ ගෙදර ආපු යාලුවෙක් කිව්ව ඕක නම් කිසිම තේරුමක් නැති වැඩක් කියල .කීයෙන් කී දෙනාද මේ වගේ සින්දු අහන්නේ කියල එයා මගෙන් ඇහුව .කතාවනම් ඇත්ත තමයි .ඒත් ඉතින් මම බ්ලොග් ලියන්නේ සම්පුර්ණයෙන්ම විනෝදයට මිසක් විශේෂ තේරුමක් ඇතුව නෙමෙයිනේ.එක නිසා තේරුමක් නැති පොස්ට් දැම්මට කමක් නෑ කියලයි මම නම් හිතන්නේ .. :)
මෙන්න තවත් ලස්සනම ලස්සන සින්දු ටිකක් .ගොඩක් ඒවගේ තනුව අරන් සිංහල සින්දු හදල තියෙනවා ..
1. Pattikada Pattanama ෆිල්ම් එකේ Adi Ennadi Rakkamma කියන දෙමල සින්දුව.මම ගන්නෙමි කරකාර බන්දාල කියල ජෝතිපාල කියන්නේ මේකේ සිංහල එක ..
- මම ගන්නෙමි කරකාර බන්දාල ...හිත හොඳ මිනිහෙක් ෆිල්ම් එකෙන් .....
Labels:
Music
Subscribe to:
Posts (Atom)













