Pages

Subscribe:

Ads 468x60px

Thursday, April 12, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!



 යාලුවනේ...

 ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ....!

මේ තියෙන්නේ අවුරුද්ද වඩාත් සුන්දරව ගතකිරීමට උපදෙස් කීපයක්.

මේ ටික මම උපුටා ගත්තේ පැරණි ඍෂිවරයෙකුගේ පුස්කොලපොතකින්...:D




ලෙල්ල පිටින් කෙහෙල් එහෙම කන්න   එපා 
කැවුම් කෑ විගස  නින්දට යන්න            එපා 
කිරිබත් එක්ක කෝලිකුට්ටු කන්න        එපා 
අලුව කාල වතුර නොබී ඉන්න              එපා 


බෝතලයක් එකවර හිස් කරනු              එපා 
හිස්කෙරුවොත් ගෙවල් පැත්තේ යන්න   එපා 
ගෙදර ගියොත් වැඩිපුර දගලන්න            එපා 
මේ උපදෙස් අමතක කර  දමනු              එපා 



නින්දට පෙර දත් මැදලා නින්දට පසු කට    සෝදනු
කෑමට  පෙර සබන් ගාල  කෑමට පසු අත    සෝදනු 
දෙහි බෑවක් ඔලුවේ ගාල උදේ හවස හිස    සෝදනු 
විනාකිරියි ජලයයි සම සමව රැගෙන  රෙදි  සෝදනු 

අද පරණ අවුරුද්ද නේ....:D


ගෙදර එවුන් ගැන පොඩ්ඩක්        හිතපල්ලා 
වටේ පිටේ  එවුන් ගැනත්            හිතපල්ලා 
කම්මැලිකම ටිකකට අත්            හැරපල්ලා 
කොල්ලනි  කෙල්ලනි අදවත්       නාපල්ලා   

කඩේ ගිහින් ලින්ක් කේශ බෝතලයක්     ගේන්නෝ
එකෙන් චුට්ටක් අරගෙන කොප්පෙකට      දාන්නෝ 
දෙහි ගෙඩියක් මිරිකලා ඒ කොප්පෙටම      දාන්නෝ
හිස තෙල් ගානා   දවසේදී  ඔන්න ඕක      ගාන්නෝ   






8 comments:

වර්ෂා.. said...

හප්පා..උප‍දෙස් ගොඩායිනේ..D
සුබ අලුත් අවුරුද්දක් වේවා අය්යේ.

Kasun Dayananda said...

heeh hee...ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා වර්ෂා ...:))

Chams said...

හොඳ උපදෙස් තියෙන පුස්කොළපොතක්නෙ මල්ලිට හම්බවෙලා තියෙන්නෙ :D

ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!

Kasun Dayananda said...

:D :D ඔව් ඔව්..සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ..!!!

NANDUN said...

සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ.......

Kasun Dayananda said...

එසේම වේවා මල්ලි .....!!!:)

අසරණයා said...

හන්තිම කවිය තම නියම.ගෙවල් පැත්තෙනම් යන්නේ නැහැ.ලේ වල තියෙනකම්..

Kasun Dayananda said...

කියල වැඩක් නෑ :)))

Post a Comment

ලිපිය කියෙව්වට ස්තුතියි යාලුවනේ ..කැමතිනම් ඔයාලට හිතුන දෙයක් කියලම යන්න. :)