Pages

Subscribe:

Ads 468x60px

Sunday, September 9, 2012

ගන්ධබ්බයෝ ......!!!



                    උසස් පෙළ ඉවර වෙලා කැම්පස්  පටන් ගන්නකම් ගතකරන ගන්ධබ්බ කාලේ තමයි මේක. ගන්ධබ්බයෙක් විදිහට මෙච්චර කාලයක් ඉන්න   වෙයි කියල නම් ළමයි කව්රුත් හිතන්න නැතුව ඇති ..පේන හැටියට නම් කොහොමටත් තව මාස තුන හතරක් වත් යයි වගේ .වැඩ කරනකොට වැඩ කරන එක කොච්චර අමාරුද කියල තේරෙනවා වගේම නිකන් ඉන්න කොට තමයි තේරෙන්නේ  නිකන්ම ඉන්න එකත්    කොච්චර අමාරුද කියල .මාසෙකට රෑන්ක් දෙකතුනක් එන නිසා ඒකාකාරී ගතිය ටිකක් නැතිවෙනවා. කොහොමින් කොහොම හරි එක විභාගයට වැඩිම රෑන්ක් ගණනක් ලබාදීමේ ගිනස් වාර්තාව ලබගන්නත් පහුගියදා අපේ විභාග දෙපාර්තමේන්තුවට හැකිඋනා .එක ගැනනම් අපි ආඩම්බර වෙන්න ඕන . :)

මොකටද අප්පා 
විභාග කෙරුවේ 
 පාඩම් කෙරුවේ, 
                         අපි නැහිලා...        
         
විභාග ප්‍රථිපල 
      සහතික ඔක්කොම 
    ගෙයි මුළුවල අද, 
                     පුස් කාලා.. 

රටට වැඩක් නෑ 
අපිට වැඩක් නෑ
  නිකන්ම ගෙදරට, 
                     නාකි වෙලා.. 

 Film බලන්නයි 
සින්දු අහන්නයි 
   අපේ තරුණ විය, 
                     යයි ගෙවිලා.. 

  පාසල් නොගිහින් 
 කැලේට පැනලා
  හිටපු  එවුන්  අද, 
                    දියුණු  වෙලා..   

පාසල් නොගිහින් 
කැලේ පැන්නනම් 
 අපිත්  මෙලහකට,  
                   දියුණු වෙලා.. 

එහෙම     එවුන්
අපි දිහාව බලලා
   හිනාවෙනවා ඇති,
                   දුක හිතිලා... 

බලන් හිටිය ඇති
නිකන් හිටිය ඇති
බලනවා හේනක්,
                    වත් කොටලා... 

4 comments:

DDT said...

ඇත්ත කතාව, මොනව කරන්නද බලං ඉන්නව ඇරෙන්න.

Chams said...

//නිකන් ඉන්න කොට තමයි තේරෙන්නේ නිකන්ම ඉන්න එකත් කොච්චර අමාරුද කියල//
සහතික ඇත්ත මල්ලි.වැඩ තියෙන කොට වැඩ කරලම එපා වෙනවා (දැන් මේ මට වෙලා තියෙනව වගෙ ;) ) අනිත් අතට වැඩ නැති උනාමත් හරි කම්මැලියි තමයි.

කොහොම උනත් ඔයාගෙ කවි ටික නම් හැමදාමත් වගෙ ලස්සනයි...

Kasun Dayananda said...

ඔව් අප්පා කරන්න දෙයක් නෑ ....:( @DDT

tnxxx අක්කේ.. මට ඔයාගේ blog එකට යන්න බෑනේ. ඇයි ඒ? @chams

Chams said...

කාලෙකින් මං බ්ලොග් කියවන්න ආවෙ.ගොඩ දවසකට පස්සෙ කමෙන්ට් එකක් දැම්මෙත් ඔයාගෙ පෝස්ට් එකට තමයි.මගෙ බ්ලොග් එකත් ටික දවසකට අයින් කරල තිබ්බෙ මල්ලි...ඒකයි ඒ :)

Post a Comment

ලිපිය කියෙව්වට ස්තුතියි යාලුවනේ ..කැමතිනම් ඔයාලට හිතුන දෙයක් කියලම යන්න. :)