Pages

Subscribe:

Ads 468x60px

Sunday, October 14, 2012

සිංහලෙන් ලියන්න ලේසිම විදිහ ...

මේක ගැන නම් ඔයාල ගොඩක් අය  දැනුවත් වෙලා ඇති .තවම දන්නේ නැති අය  වෙනුවෙන් තමයි මේ පොස්ට් එක .මේ මෘදුකාංගය ලබාදෙන්නේ google සමාගම.බුකියේ comment දාන්න,blog ලියන්න .සිංහලෙන් චැට් කරන්න එහෙම මිට වඩා ලේසි විදිහක් නැතුව ඇති :)

ඉස්සරලම මෙතනින් ගිහින් google input tool ඒක  බාගන්න ..

දැන් ඒ file  ඒක double click කලාම install  වීම සම්පූර්ණ වෙයි ..

ඔය රූපයේ තියෙනවා වගේ 1 කියන තැනින් සිංහල තෝරන්න .එතකොට 2 වගේ එකක් එයි .

අපි වැඩිදෙනෙකුට විජේසේකර යතුරු පුවරුව පුරුදු නෑනේ .තියෙන ඒක තමයි පුරුදු.දැන් අපිට තියෙන්නේ සිංග්ලිෂ් විදිහට ලියන්න ඕන ඒවා ලියන එක .එහෙම ලියල space bar ඒක එබුවම අවශ්‍ය සිංහල වචනය එයි ,හරියට ඔය යට රූපේ තියෙනවා  වගේ .






Sinhala Tamil IME තිබුනානම් ඒකෙන් exit වෙන්න .නැත්තම් මේක වැඩ කරන්නේ නැතිවෙයි. 



සිංහල ටයිප් කරන්න තියෙන හැම එකකටම වඩා මටනම් මේක  ලේසියි.ඔයාලත් ට්‍රයි කරලා බලන්න./bye



14 comments:

Nimal (Desertfrog) said...

ගොඩක් ස්තුතියි.... විජේසේකර එකෙන් තමයි කොට කොට හිටියේ ඒකත්නම් දැන් හුරුවෙලා ...මේකත් දාගත්ත ....මේක ලේසියි තමයි

amila niroshan said...

බොහොම ස්තුතියි ආආආ බඩු වැඩ මේකනම් හරිම ලේසියි මම මේ කොමෙන්ට් එක දැම්මෙත් එකෙන් තමයි, ගොඩක් ස්තුතියි

පැතුම් [සිතුම් පැතුම්] said...

ෂාහ් මේක මරුනේ. මට මේක වැදගත් වෙන්නේ තව ටික දවසකින්. ඔන්න එහෙනම් මම ලින්ක් එක මගේ අත්‍යවශ්‍ය ලින්ක් ලිස්ට් එකට එකතු කළා.

Chams said...

වැදගත් තොරතුරක් මල්ලී...ස්තූතියි දැනුවත් කලාට.

විචාරක Wicharaka said...

මම දැනට මාස හයක පමණ කාලයක සිට පාවිච්චි කරනවා. හරිම පහසුයි. නමුත් සංඤ අකුරු (පෙනෙනවද ඒ වචනය වැරදියට වැදිලා තියන හැටි) ලියන්න බැහැ. යංශය සහ රේඵය ඇතුලත් වචනත් නිවැරදිව ලියන්න අමාරුයි.

අසමි දකිමි සොයමි ලියන විචාරක

හිරුහිමාවී said...


දන්නා දේ කියාදීම වටිනවා..ඔව් ඕක නියමම නියමයි!

Kasun Daya said...

ස්තුතියි යාලුවනේ අදහස්වලට :) @ nimal,amila niroshan,පැතුම් ,chams අක්කා ,විචාරක ,හිරු ..

විචාරක කිව්වා වගේ පොඩි පොඩි අවුල් තිබුනත් මේකෙන් ලැබෙන පහසුවත් එක්ක බලනකොට ඒවා ගානක් නෑ වගේ :)

ලහිරු said...
This comment has been removed by the author.
ලහිරු said...

මමත් මේක දැනගෙන හිටියෙ නැහැ, ස්තූතියි කිව්වට! මම නම් පාවිච්චි කරන්නෙ Easy Sinhala කියන Firefox ඇඩොන් එක. ඒක මට ගොඩක් ලේසියි! වෙලාවක් තිබුණොත් බලන්නකෝ ඒ ගැන මම ලිව්ව සටහන Unicode Coverter එක සඳහා විකල්පයක්....!

Anonymous said...

බොහොම ස්තුතියි

Kasun Daya said...

ස්තුතියි යාලුවෝ දෙන්නටම @ ලහිරු ,ඇනෝ..
ඔයා කියපු එකත් හරිම ලේසියි තමයි ලහිරු සහෝ ..

හිරුහිමාවී said...

ඊයේ පෝස්ට් එක පබ්ලිෂ් වෙලා නැද්ද?

Kasun Daya said...

ඊයේ පෝස්ට් එක කිව්වේ මොකද්ද හිරු ..තේරුනේ නෑනේ .. :O

DILAN JANITHA said...

niyamaai..

Post a Comment

ලිපිය කියෙව්වට ස්තුතියි යාලුවනේ ..කැමතිනම් ඔයාලට හිතුන දෙයක් කියලම යන්න. :)