Pages

Subscribe:

Ads 468x60px

Friday, July 6, 2012

දන්නෑ .....!!!





හැමදාම උදේ අපේ ගෙදර ඉස්සරහින් phone එක කනේ ගහගෙන ගාමන්ට් යන නංගිලා ටික වෙනුවෙනි... 






උදේ පැයයි දවල් පැයයි 
හවස්වෙලා ආයේ පැයයි 
දවස් හතම කියවන්නේ, 
මොනවද දන්නෑ..  

යන්නේ කොහෙද සිහියක් නෑ 
ඉන්නේ කොහෙද සිහියක් නෑ 
නංගිලට මක්වෙලාද,
මමනම් දන්නෑ..  

මහා හයියෙන් හිනැහෙනවා 
ලජ්ජාවෙන් ඇඹරෙනවා
හිටපු ගමන් වැලපෙනවා 
ඇයිදෝදන්නෑ..  

මාසයක්ම මහන්සියෙන් 
හොයාගත්ත තුට්ටු දෙකෙන් 
phone එකේ බිල ගෙව්වම,
සතුටුද දන්නෑ...  

phone එකේ වැරද්දක්ද 
නංගිලාගේ වැරද්දක්ද 
වෙන කෙනෙක්ගේ වැරද්දක්ද 
කියන්න දන්නෑ ... 


6 comments:

අවතාර් said...

ඇත්ත ඔහොම ගියපු අවතාර්ලාගේ ගම් පැත්තේ කෙනෙක් ගියා අවසන් ගමන ආයේ නොඑන්නම පාර පනිද්දි ලොරියකට හැපිලා
මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරහන් නැත්තම් බලන අය දාන කමෙන්ට් අඩු වෙයි.

Kasun Dayananda said...

කියලා වැඩක් නෑ.. හැබැයි ඒකත් බලන්න වටිනා අපූරු වැඩක් නේ ....:)

ඔන්න ඒක අයින් කලා ... @අවතාර්

ශෂී said...

හ්ම්ම් ..හොදයි

DDT said...

ෆෝන් කනේ ගහන් ඒකෙ සිහියෙන් පාරෙ යන අය ගැන නම් කියල වැඩක් නෑ. අතපය වත් කඩාගත්ත දවසක තමා එයාල දැනගන්නෙ.

Kasun Dayananda said...

ස්තුතියි යාලුවනේ..@ශෂී ,DDT ඇත්තටම මේක බලාගෙන ඉදලම මට නිකන් මඤ්ඤං වගේ...

ඉසුරු සම්පත් said...

මාත් ඕක හැමදාම කල්පනා කරපු සීන් එකක්,මොකද මාත් ඕක හැමදාම දකිනවනේ

මැක්සා මචන්..මේක අදාල අයට පෙන්නන්න පුලුවන් විදියක් තියෙනම් නියමයි :D

Post a Comment

ලිපිය කියෙව්වට ස්තුතියි යාලුවනේ ..කැමතිනම් ඔයාලට හිතුන දෙයක් කියලම යන්න. :)