Pages

Subscribe:

Ads 468x60px

Thursday, October 11, 2012

නුඹේ ආදරේ ........

රණ්ඩු උනහම ආදරේ ගැන හිතෙන දේවල්....!!!




 රිදෙන් නැතුව ගලවනු බැරි 
   තියාගන්නකොහොමත් බැරි 
                         නරක වෙච්ච දතක් වගෙයි නුඹේ  ආදරේ ....

   තිත්ත හින්ද බොන්නත් බැරි 
ඒත් නොබී ඉන්නත්   බැරි 
                     තිත්ත කසායක් වාගෙයි නුඹේ ආදරේ .....

  හැපුව කියල රසකුත් නැති 
      විසිකරන්න හිතෙන්නේ නැති 
                    චුයිංගම් එකක් වාගෙයි නුඹේ ආදරේ ....


ඈතට ලස්සනට පෙනෙන 
 කිට්ටු වෙද්දි රඟේ දැනෙන 
                 කිඩාරම් මලක් වගෙයි නුඹේ ආදරේ ....

අතහැරියත් මං      ඉවරයි 
නැතත් ඉතින් මං   ඉවරයි 
                        කොටි වලිගය වගේ තමයි නුඹේ ආදරේ ...

මෙච්චරකල් try කලානේ 
ඒත් තාම බැරි    උනානේ 
                  තේරුම්ගන්නට බෑ මට නුඹේ ආදරේ ....



10 comments:

ලහිරු said...

ඇත්තට ම?

පැතුම් [සිතුම් පැතුම්] said...

කෙල්ලෙක්ව තේරුම් ගන්න ජීවිත කාලෙම මදි වෙයි මචං.

Kasun Dayananda said...

ඇත්තමයි ..:)ඒත් එහෙම හිතෙන්නේ ටික වෙලාවයි ..@ලහිරු

ඔව් පැතුම් කෙල්ලෝ තේරුම්ගන්න try කරන එකේ තේරුමක් නෑ ..:)

Anonymous said...

සුපිරි ආ

හිරුහිමාවී said...

:) හි හි

Kasun Dayananda said...

තැක්ස් ආ. @ඇනා

:D ඔහොම කිව්වේ විහිලුවට හිරු ...

Chams said...

මේ ඔයාගෙම අත්දැකීමක්ද මල්ලි ;)කොහොම උනත් කවි ටික නම් හැමදාමත් වගෙ සුපිරිම විදිහට ලියල තියෙනව.
// රිදෙන් නැතුව ගලවනු බැරි
තියාගන්න කොහොමත් බැරි
නරක වෙච්ච දතක් වගෙයි නුඹේ ආදරේ ....//

ඔයාගෙ උපමාවන් ටික නම් ශෝක් :D

Kasun Daya said...

ගොඩක් ස්තුතියි අක්කේ ..... ඇත්තම කියනවනම් 1&3 කවි කෙලින්ම මගේ අත්දැකීමක් තමයි ,හී හී ... :D :D

Kasun Daya said...
This comment has been removed by the author.
Kasun Daya said...
This comment has been removed by the author.

Post a Comment

ලිපිය කියෙව්වට ස්තුතියි යාලුවනේ ..කැමතිනම් ඔයාලට හිතුන දෙයක් කියලම යන්න. :)