Pages

Subscribe:

Ads 468x60px

Friday, March 23, 2012

බුකියෙන් සමුගතිමි....!





  සතුට සොයන් මෙහි   ආවා     
   ඇවිත් අතරමං             වූවා   
  තිබුන ටිකත් නැති       වූවා   
කාට කියන්නද         මේවා 

යාළුවො නම් මහ    තොගයකි 
අඳුනන්නේ කිහිප      දෙනෙකි 
ඉස්සර  රස            ආකරයකි 
දැන්නම් මල           විකාරයකි  


උදේ ඉදන්   රෑ වෙනකම් බුකියට වී                    සිටින්නේ 
Like දදා Comment දදා දවසම ගත                   කරන්නේ 
සැබෑ නොවන දවල් හීන  හිටපු ගමන්                 දකින්නේ 
මෙව්වා මෙහෙම උනා කියල මොනවත් නැහැ   ලැබෙන්නේ 

අත දෙන්නට හුඟක්       ඇතේ 
පණ දෙන්නත් ටිකක්     ඇතේ
කිසිවෙකුගෙන් වැඩක්  නැතේ 
ඕන විටදී එකෙක්        නැතේ 

මෙච්චරකල් බැරි    උනා
ඊයේ පුළුවන්          උනා 
අන්තිමේදී       තේරුණා 
ෆැන්ටසියෙන්   ගැලවුනා   

හීන ලෝකේ  අතහැරලා,
හැබෑ ලොවට අතුල්වෙන්ට   
කාලය හරි මම යනවා,
මහ පොළොවට පය තබන්ට   



10 comments:

Shuja Rafi said...

Maath Bukiyen ayin wela inne ooka Nikan boru gong part wadak

Kasun Dayananda said...

සිරාවටම. කිසිම තේරුමක් නෑ..:( @suja Rafi

Kanishka | කණියා said...

‍facebook එකෙං ගැලවුනාලු.. ඒ උනාට‍ දාලා තියෙන්නේ Facebook social plugin :D :D
ඕවට තමා කියන්නෙ හක්කෙ බුදුරැස්, බොක්කෙ දඩමස් කියලා :D :D

Kasun Dayananda said...

@ Kanishka ..අනේ මන්ද ඉතින් ...:D:D:D

ඔබ නොදු‍ටු ලොවක් said...

ජය වේවා !!!

Kasun Dayananda said...

@ඔබ නොදු‍ටු ලොවක්...ස්තුතියි ඈ...:D:D

Chams said...

කවි ටික නම් හරිම ලස්සනයි :)

Kasun Dayananda said...

tnxxxxx:D @Chams

වර්ෂා.. said...

ඇයි කතාවක් තිබුණා නේද මාර්තු 15න් පස්සෙ ෆේස්බුක් තහනම් කරනවා කියලා.අනේ මන්දා.කාටකාටත් තේරුම් යනවා නම් හොදයි බුකියේ කිසිම තේරුමක් නැකි බව.

Kasun Dayananda said...

ඒක බොරුවක් වර්ෂා...හැමෝටම පස්සේ තේරෙයි samaharawita:D:D

Post a Comment

ලිපිය කියෙව්වට ස්තුතියි යාලුවනේ ..කැමතිනම් ඔයාලට හිතුන දෙයක් කියලම යන්න. :)