Pages

Subscribe:

Ads 468x60px

Monday, January 6, 2014

දෙවියෙක්ද? භුතයෙක්ද? මොකෙක්ද??





                                     හැමදාම අනං මනං විකාර පොස්ට් කර කර ඉඳල හරියන්නේ නෑ  කියල කවුදෝ කිව්වා .එක නිසා ටිකක් වැදගත් වගේ දෙයක් කියන්නයි මම මේ ලෑස්තිවෙන්නේ මේක බොරුවක් නම් නෙවෙයි 100 % ඇත්ත කතාවක්..
                                         ඔයාල ගුප්තදෙවල් ගැන මොකද හිතන්නේ?යන්ත්‍ර මන්ත්‍ර, හදි හූනියම්,දෙවියෝ භූතයෝ, කුම්භාණ්ඩයෝ,සාස්තර..... මේ වගේ දේවල් ගැන...??මට නම් ඉතින් පැහැදිලි අදහසක් නෑ .හරිම පැටලිලි සහගත අදහසක් තමයි තියෙන්නේ (හරියට හොඳට නිදාගෙන ඉන්නකොට කවුරුහරි එකවරම ඇහැරෙව්වහම ඉන්නේ කොහෙද, මොකද වෙන්නේ, මම කවුද,
කියල ඇතිවෙන මඤ්ඤං හැඟීම වගේ )කොහොම උනත්  අර හේ තුවාදියෝ වගේ නැතුව අපිට නොතේරෙන අපි නොදන්න, දැනට දන්න දේවල්වලින් පැහැදිලි කරන්න බැරි ගොඩක් දේවල් මේ ලෝකෙ තියෙන්න පුළුවන් කියල විවෘත මනසකින් ඉන්න ඒක කෝකටත් හොඳයි
                                                                    ඉතින් මම මේ කතාව කියන්න යන්නේ, හිතා  ගන්න බැරි විදිහට සාස්තර කියන කෙනෙක් ගැන.කෑගල්ල පැත්තේ අයනම් සමහරවිට දන්නවත් ඇති .සාමාන්‍යයෙන් සාස්තරයක් අහනවා කියන්නේ අතේ තියෙන සල්ලි ටිකත් නැතිකරගෙන, වෙච්ච දේකුත් ලැබිච්ච දේකුත් නැතුව හිස් අතින් ගෙදර එන සිද්ධියක්නේ .ඒක නිසා අපිටත් මෙයා ගැන ඇහුවට වැඩි  උනන්දුවක් තිබුනේ නෑ කොහොමහරි අපේ ගෙදර කට්ටිය ගිහින් කිව්ව දේවල් අහල මටත් යන්න හිතුනා .මමත් ගියා .