Pages

Subscribe:

Ads 468x60px

Monday, February 20, 2012

සින්දු අහමු ...(2)

සුභ දවසක් යාලුවනේ ..
                     ජෝතිගේ සැලෙන  ලෙලෙන දළුව විලස කියන එකට ආසද?ඔන්න ඒක  යට ඇති හින්දි එකත් එක්කම. ඊට  කලින් මේ ටිකත් කියන්න ඕන ..
ඇත්තටම කොහොමද ජෝතිගේ සින්දු  මේතරම් ජනප්‍රිය උනේ??
1)  හඬ :-      ජෝතිගේ තියෙන්නේ සුපිරි හඬක් නේ .එකට සම කරන්න පුළුවන් කෙනෙක් ඒකාලේ හිටියේ නෑ.කොටින්ම කියනවනම් පොදු ජනතාවගේ ගායකයා වීමට අවශ්‍ය හඬ ජෝතිට තිබුනා.
2)පද රචනාව:-      ජෝතිගේ සින්දු ගැන කතාකරද්දී පද රචනාව ගැනත් කතාකරන්නම ඕන .දැන් තියෙන සින්දු දිහා බැලුවහම අපිට හිතෙනවා ඉක්මන්   ජනප්‍රියත්වයකට නම් පද රචනය එච්චර වැදගත් නැත්ද මන්දා කියල.එත් මෙච්චර කාලයක් නොනැසී පවතින්න නම් පද ඉතාම  වැදගත්.  අපි ට හම්බෙන ඕනෑම  අවස්ථාවක මුමුනන්න පුළුවන් පද ජෝතිගේ සිංදුවල තියෙනවනේ . විශේෂයෙන්ම  විශිෂ්ට රචකයන් වන කරුණාරත්න අබේසේකර වගේ අය  අපුරුවට  ඒ කාර්යය කරලා තියෙනවා .සදාකාලික පද රචනා ගොඩක් ලියල තියෙනවා .

3)තනුව :-     ඊළගට  වැදගත්ම  දේ තනුව . අතිශයින් ජනප්‍රිය ජෝතිගේ සින්දු ගොඩක් ඒවගේ තියෙන්නේ හින්දි තනු .වචනයෙන් කියන්න බැරිතරම් සුන්දරත්වයක් ඒවගේ තියෙනවා .ජෝතිගේ සින්දු ජනප්‍රිය වෙන්න වැඩිපුරම හේතු උනේ මේ තනුව කියලත් කියන්න පුළුවන් .
ඉතින් මේ තුනම අපුරුවට මෙහෙම එකතුවෙලා තමයි මේවා මෙච්චර ජනප්‍රිය උනේ  :D

මෙන්න සැලෙන  ලෙලෙන දළුව විලස ...




මේක හින්දි එක (දෙමළද මන්ද:D)...


              
අර ඉස්සරලා  මම දැම්ම සරා ගොයියා  කියන සින්දුව තිබුනේ shree 420 කියන  film එකේ . මේ එකේ තිබුන තවත් ලස්සන   සින්දු   දෙකක්..



  • මේවගේ  සිංහල  එකකුත්  තියෙයි මට මතක නෑ .මතක් උන ගමන් දාන්නම් ..:)








No comments:

Post a Comment

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!