Pages

Subscribe:

Ads 468x60px

Wednesday, December 25, 2013

ආදරණිය මහින්ද මාමා ..!!

                                                           

                                                                                ඇයි අප්පා මේ සමහර අය මහින්දට මෙච්චර බනින්නේ ?මටනම් හිතාගන්නවත් බෑ .බලන්ඩකෝ ඉතින් මහින්ද කියන්නේ කොච්චර හොඳ නායකයෙක්ද ?පාරවල් හදනවා .ගොඩනැගිලි හදනවා පාලම් හදනවා. වෙන මොකුත් ඕන නෑ.බයක් සැකක් නැතුව පාරේ බැහැල යන්න පුළුවන් එකම මදැයි !චුට්ටක් හොරාකනවා වෙන්න පුළුවන් ඒක ඉතින් එච්චර  හිතන්න ඕන දෙයක්ද .මොකද අනිත් අය හොරාකන්නේ නෑ කියලද?අනික මහින්ද පන්නලා කවුරු කියල ජනාධිපති කරන්නද ?රනිල්?ෆොන්සේකා ?JVP(lol)මටනම් ඕන තැනක විලිලජ්ජාවක් නැතුව මෙයා තමයි අපේ ජනාධිපති තුමා කියල පෙන්නන්න ඉන්නේ මහින්ද විතරයි .ඒක නිසා මම මහින්ද මාමට ආදරෙයි ..!!!








අලියා පිටේ  ගියපු අපිට හදල දුන්න.........පාර 
ඒ විතරක් නෙවෙයි ලඟදි දාලා  දුන්නා.....තාර 
ගිය සතියට  කලින් සතියේ ආවා  වතුර....පාර 
දිවිය තියෙන තුරු මතකයි මේවා එකක්...නෑර 

පණ බේරලා දුන්නා මදැයි ආයෙත් මොන....වාද 
ඒවා මතක නැති මිනිස්සු හරි නරකයි.........නේද 
තාමත් මතකයි එහෙමත් අමතක වෙන........වාද 
ආය ඉල්ලුවත් ඡන්දය නොදී ඉන්න.............වාද 

රනිල් ඉතින් කැගැහුවට මෙලෝ දෙයක්.....බෑනේ 
ෆොන්සේකත් ඔය හිටියට කිසි කමකට......නෑනේ 
ජේ වී පි අයියලාට දැන් අමුඩෙත්..............නෑනේ 
ඔයා තමයි මැරෙනකම්ම හැමදාමත්............ඕනේ 

Wednesday, December 18, 2013

කවි කෑලි ..(2)

ඈත අතීතයේ එක්තරා දවසක බුකියේ කොටපු,තවත් පුංචි පුංචි එව්වා ටිකක් !!






1)අනේ අපොයි තේරෙන්නේ නැතිය....මට
   කැමතිද නුඹ නැතිනම් අකමැතිද........මට
   වෙලාවකට ඔය විදිහට රවන........කොට
   අම්මපල්ලා මිරිකන්නට හිතෙයි........කට













   2) Dear Kalu....

   උඹට ඕන විටදි නෙවෙයි, 
   අපිට ඕන විට බුරපන්... 
   උඹට පේන අයව නෙවෙයි, 
   අපි පෙන්නන අය හපපන්...!!


   3)කැම්පස් ගියපු මුල්ම දවස්වල ...   
     අඳුරන එකෙක් වත් නෑ නොවැ ළඟ...පාත 

     ඉන්න එවුන් ටික ඔක්කොම මල .....වාත 
     මහ රෑ නිදි නැතුව තනිවී දුර ............ඈත 
     පාලු මැකෙන්නට කියනව දුක් ..........ගීත 





  4)ආසාව.... 

   නුඹත් එක්ක අර පෙනෙනා සීත......වනේ 
   පුංචි පැලක් අටවාගෙන ඈත.......කොනේ 
   ඉන්න තිබේනම් කොච්චර සැපද.....අනේ 
   නුඹට එහෙම ආසාවක් නැතිද ........පනේ?



Sunday, December 8, 2013

නවක වදය (1) හා (2)

                                                                       
                                                                             නොබෝ දිනකින් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවාගැනීමට නියමිත අතර ඇතුලත් වීමට නියමිත දහස් ගණනක් සිසුන්ගේ මනසට වදදෙන එකම ප්‍රශ්නයක් තිබේ .එනම් නවකවදයයි ,මේ හේතුවෙන් රාජ්‍යවිශ්වවිද්‍යාල කරා ඇතුලත් නොවී පෞද්ගලික  විශ්වවිද්‍යාල කරා යොමුවෙන්නන්ද හිඟ නොවේ.නවකවද සිද්ධීන් නිසා ජිවිත හානි පවා වාර්තා වී ඇති බැවින්,මෙවන් ක්‍රියාදාමයක අවශ්‍යතාවක් සැබවින්ම තිබේද?මෙහි ආරම්භකයන් හා පවත්වාගෙන යන්නන් කවුද ?මෙය නතර කල නොහැක්කේ ඇයිද යන්න පිළිබඳව කතිකාවතක් ඇතිකළ යුතුව තිබේ.මේ විමසුම ඒ වෙනුවෙනි.
           

  • නවක වදය (1 )



                             රටේ උගතුන් බිහිවන ස්ථානයක් යැයි සැලකෙන සරසවි තුලට මෙවන් ප්‍රාථමික,ජුගුප්සාජනක ක්‍රියා පිළිවෙලක් ඇතුල් වූයේ කෙසේදැයි සිතා බැලීම වටි.විවිධ පීඨ තුල විවිධාකාර වේශයන්ගෙන් පැවතියද, මෙහි  මූලික අරමුණු වශයෙන් පවතින්නේ,නවක සිසුන් ජේෂ්ඨ සිසුන්ට අවශ්‍ය පරිදි හීලෑ කරගැනීමත් යම් යම් දේශපාලන පක්ෂ වල අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයේ මොළ ශෝදනයට ලක්කළ රූකඩ බිහිකරගනිමත් මිස අන් කිසිවක් නොවේ.

Thursday, December 5, 2013

ටිකිරි හපන්නු !!

                                                           ලෝකයේ උසම ස්වභාවික කළුගල් පර්වතයක් ලෙස සැලකෙන ඵෛතිහාසික බතලේගල පර්වතය ප්‍රථම වරට තරණය කිරීමට කෑගල්ල ප්‍රදේශයේ නිර්භීත තරුණ තරුණියන් කිහිප දෙනෙකු පසුගියදා සමත් උනා .පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකතත්වයත් ,ලෝක බැංකුවවේ මුල්‍යමය දායකත්වයත් මේ සඳහා ලැබුන බව කිව යුතුමයි .අනෝරා වැහි අතරේ ,කටු පඳුරු සහ ලඳු කැලෑ  උඩින් ,අති විශාල මඩ වගුරු තරණය කරමින්,අති බිහිසුණු මිනී කන වන මෘගයන්ගේ තර්ජන ගර්ජන අතරින් සාර්ථකව නිමාකළ මේ සංචාරය ඇත්තටම විශ්මයජනකයි.පහතින් දැක්වෙන්නේ අප විසින් විජයග්‍රහණයේ ධජය බතලේගල පර්වත මස්තකයෙහි ස්ථාපනය කල ඒ ඵෛතිහාසික අවස්ථාවයි ..!



Monday, December 2, 2013

කවි කෑලි .... (1)

කම්මැලිකමට වගේ බුකියේ කුරුටු ගාපු කවි එකතුවක් !!

1) අනේ කුහුබුව          නේ 
    අපිටත් රජෙක් ඉන්   නේ 
    ඌට මඤ්ඤං          නේ 
    මොකදෑ කරන්        නේ.......???








2)පුන්සඳ තනිවී බබලයි අහසේ, 
   හරියට නුඹ වාගේ... 
   ඈතින් තරුවක් හිනැහේ රහසේ, 
   හරියට මම වාගේ... 


   තඩි බල්ලෙක් බුරනවා අපි දෙන්නට,
   නුඹේ අයියා වාගේ...
   කවදාවත් බෑ අපිව හපන්නට,
   බිරුවට ඔය වාගේ....






3)Result ආපු දවස ..,

ගාල කඩාගෙන     පැන්නා
අපි ඔක්කෝටම     ඇන්නා
මහින්දයෝ මුන්    දෙන්නා
දැන්වත් දාපන්       පන්නා





Sunday, December 1, 2013

ආයෙමත් ආදරෙන් ......!!!!!!

                                                   

                 වෙලාවකට ජිවිතේ කියන්නේ හීන ගොඩක්.සමහර හීන,හීනයක්ම වෙලා නැතිවෙලා යනවා .සමහර හීන හැබෑවෙනවා .මට තිබුන හීන ගොඩක් අතරින් එහෙම හැබෑ කරගත්ත හීනයක් තමයි පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයට  ඇතුලත් වෙන එක .ඉතින් ඒකට ඇතුල්වෙලා අවුරුද්දකුත් ගත උනා නොදැනීම.

Wednesday, February 6, 2013

ඊයේ......!




                              ඊයේ හරිම ලස්සන දවසක්.දවස දෙක තුනක් වහැපු වැස්ස නැවතිලා ලස්සනට ඉර පායලා තිබුනා.මම ටවුන් එකට යන්න පිටත් වුනේ විශේෂ වැඩකටත් නෙවෙයි ගෙදර ඉන්න කම්මැලි කමට.වෙලාව උදේ 9ට විතර ඇති.මම පාරට බැහැල සිංදුවකුත් කියාගෙන හෙමින් හෙමින් ගමන පටන් ගත්තා.අපේ ගෙදර පල්ලහ තියෙන ලොකු වෙල් යාය ලඟට එනකොට මම දැක්කා ඈත වංගුවෙන් කව්දෝ එනවා.ඇස් ලොකු කරලා හොඳට බැලුවම තමයි දැනගත්තේ ඒ එයා කියල !!
                                                                               එයා කිව්වේ මම කාලයක් තිස්සේ හිතින් විතරක් පෙම් කරන ගෑනු ළමයා.ලබන මාසේ ඉවර වෙන්න කලින් යාලුවෙන්න අහන්නයි මම හිතාගෙන හිටියේ.උදේ පාන්දරම කොහේ ගිහිල්ලද මන්ද.ඒ වෙලාවේ පැත්ත පළාතටම පේන්න හිටියේ උඩහ ගෙදර බල්ලා විතරයි.මේ වගේ අවස්ථාවක් ආය කවද ලැබෙන්නද කියල මට හිතුනා.අදම යාලුවෙන්න අහන්න ඕන කියල මම හිතාගත්ත.තව ටිකකින් මමත් පෙම්වතෙක් වෙයිද?කියල හිතනකොටත් මට මාර කික් එකක් දැනුනා.ම්ම කමිසේ අත් දෙක තව ටිකක්  නවාගෙන කොන්ඩෙත්  අතින් හදාගෙන අහක බලාගෙන මල් හිනාවක් ටෙස්ට් කරලා බැලුවා.තවම එයා ඈත.මම හෙමින් ඇවිදගෙන ගියා.
                         එකවරම ......මට අහන්න බෑ හිතුනා.අද විස්තර ටිකක් විතරක් කතාකරන්න ඕන කියල හිතුවා.ගුඩ් මොර්නින් නංගි.කුකුලත් අතින් අරන් උදේම කොහෙද ගියේ.බෑරක් වත්ද? ඒ මදැයි...
අව්වටද මන්ද මට දැන් ටිකටික දාඩියත් දාන්න පටන් අරන්.දැන් එයා මට හොඳටම පේන තරමට ලඟට ඇවිත්.

Wednesday, January 30, 2013

අලුත් විදිහට මාල කැඩීම...!




                                ඉස්සර අපේ රටේ මුළු සර්වාන්ගෙම වැහෙනකම් කැරට් 24 පිරිසිදු රත්තරන් වලින් හදපු මාල,වළලු,මුදු,කරාඹු,පාදගම්,පාසලඹ,පාදජාලා කියන ස්ත්‍රී අභරණ පැළඳ ගත්තු තනිකඩ ලලනාවියකට මහ දවාලේ පයින් ඇඟේ එක රෝම කුපයකටවත් හානි වෙන්නේ නැතුව දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා ගිහින් ආපහු එන්න පුළුවන් කම තිබුනා කියල කවුදෝ කියනවා මට ඇහිලා තියෙනවා.එහෙව් රටේ දැන් නම් මාලයක් දාගෙන තනිපංගලමේ අඩි දහයක් වත් යන්න බැරි තත්වයක් උදාවෙලාදෝ කියල මට හිතෙනවා.
                                                      පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත මාල වළලු කඩාගන්න සිද්ධි පුදුම විදිහට වැඩිවෙලා.බයික් එකකින් ඇවිත් මාල කඩාගන්න සිද්ධි තමයි 90%ක්ම තියෙන්නේ .මුලින් මුලින් තනියම පාලු පාරවල් වල යන එන අය තමයි බොහෝ දුරට මේකට ගොදුරු උනේ.ඒත් දැන් දැන් දෙනෝ දාහක් මැද්දේ කිසිම ගානක් නැතුව කඩාගෙන යනවා.අපේ නැන්දා කෙනෙකුගෙත් ගිය අවුරුද්දේ පාරේ යනකොට බයික් එකෙන් ආපු දෙන්නෙක් පිහියක් පෙන්නලා මාල වළලු ගලවගෙන තිබුනා.
                               

Monday, January 14, 2013

මහා ලීඩරශිප් ජාතකය ....!!!!!!


                                                                  යටගිය දවස සිරිලංකාදිපයෙහි මලින්ද රාජුපක්ෂ නම් රජ කෙනෙකුන් දැහැමින් හා ඉතා සෙමින් රාජ්‍ය කරන සමයේ එරට සියලු තක්සලාවන්ට අධිපතිව දළු බණ්ඩාර නම් එක ඇමැත්තෙක් විසුහ .ඌ තුමූ නුවණ නැත්තාහ.ඉතා මූඪය.කට වාචාලය.එයිදු තෙමේ වචාලයා හෙයින්ද උපායෙහි බුහුටි හෙයින්ද රජු  රවටා සියලු සම්පත් ඇරගෙන කල් ගෙවන්නේය. දිනක් මේ දළු බණ්ඩාරයා සිතන්නේ,මෙකල මෙරට තක්සලාවන්හි සිසුන් නම් ආවේගශිලිහුය.කාර්යයෙහි සූරය.එහෙයින් මතු කලෙක මුන් අපිට එදිරිව ගියමනාය.මුන්ගේ හිස දැන්ම බෑ යුතු යයි සිතා ලීඩරසීපය නම් උපායක් කල්පනා කළහ.ඒ කෙසේද යත්:- සියලු සිසුන් වනමැද මහා කඳවුරක ගාල් කොට පියා නේක විධික්‍රම මගින් උන් මහත් සේ භය ගන්වා උන්ගේ බල බිද, තම බහට නැමියා වූ රූකඩයන් බවට පත් කිරීම යැයි දත යුතු.
                                   මෙකල කල්යාණන්දයායැ,වජිරයායැ,හරූනායැ යි තිදෙනෙක් මිත්‍ර සන්ධානයෙන් කල් ගෙවන්නේ උන්ටද අසුවල් දවස අසුවල් තැනට එවූයයි රාජ අණ ලැබුහ .උන් තිදෙනාද රාජ අණ හෙයින්ද,කඩ කලොත් නපුරක් හෙයින්ද,එමෙන්ම යාම් මිස ඒම් විශ්වාස කටයුතු නොවන හෙයින්ද සිය දෙමාපිය ඥාති හිතමිත්‍රාදින්ගෙන් සමුගෙන බොහෝ දුක සේ නියමිත දින කඳවුරට වැදුනාහ.

                    ඒ කඳවුරෙහි තතු නම් මෙසේයැ.අඟලක් අඟලක් පාසා තුවක්කුයැ,කාලතුවක්කුයැ,බෝම්භයැ,කිනිසියැ,පොලුයැ ආදී වූ පන්චායුධයෙන් සන්නද්ධ වූ,උකුසු නෙත් ඇති නොසෙල්වෙන රූ ඇති,සද්දන්ත යුධ භටයෝය.පිටතින් බැලූකල පළමුව ස්වාසිලන්ත ජනපදයෙන් ගෙන්වූ මහා දැති මෝරුන් හා හැල කිඹුලන් ගහන දිය අගලක්ය .ඉක්බිති නයින්,මුගටින්, පිඹුරන්, ඇනකොන්ඩාවන් ගහන මහා කලල් අගලක්ය.ඉන් ඔබ්බේ අසූ රියනක් උසැති නවරියනක් පළලැති මහා පවුරක්ය.අවටතෙරක් නොපෙනෙන නිල් වන රේඛාවය.ඉදින් පලායාම නම් සිහිනෙන්ම මිස හැබැහින් නොසිතු වීරුය.