Pages

Subscribe:

Ads 468x60px

Tuesday, October 9, 2012

උද්ගෝෂණයක් කරමුද ..??




උද්ගෝෂණයක් කරලා වැඩක් තියෙයිද ?
                                     දැනට නම් නෑ වගෙයි..
ඒ මොකද ?
             උද්ගෝෂණ කලට රජය ගණන් ගන්නේ නෑ .

ඇයි ගණන් ගන්නේ නැත්තේ ?
                   ඒවගෙන් රජයට හානියක් නැති නිසා.
පැහැදිලි මදි ?
                      දැනට තියෙන තත්වේ හැටියට අපි ඔලුවෙන් හිටගෙන පොළොවේ පස්කකා උද්ගෝෂන කලත් රජය එක ඡන්දයක්වත් පරදින්නේ නැත්නම්,අඩුම තරමේ ඡන්ද අඩුවෙන්නේ වත් නැත්නම් රජය කලබල වෙලා වැඩක් නෑ .
ඇයි එහෙම වෙන්නේ ??
                                         විසදාගතයුතු ප්‍රශ්නය අන්න ඒකය. තියෙන සද්දේ හැටියට කුමක් හෝ විය යුතු යයි හිතෙන නමුත් එසේ වන්නේ නැත.ලංකාවේ බහුතරය තවත් අයි ටි එන් බලන ජනතාවය. රජයේ සේවකයන්ට,ආචාර්යවරුන්ට හෝ නාගරික මධ්‍යම පන්තියට ඇති ප්‍රශ්න, බහුතරයට බල නොපායි .උදා ලෙස අධ්‍යාපනයට මුදල් වැඩිකිරීම හෝ අඩු කිරීම වැදගත් වන්නේ ඉතා සුළුතරයකට මිස බහුතරයකට නෙවේය.(හැමෝටම වැදගත් නමුත් දැන් තත්වය එහෙමය ) එහි ප්‍රථිපල ක්ෂණිකව පෙනෙන දෙයක්ද නොවේ .එසේ පෙනෙන්නේ පාරක් කොන්ක්‍රීට් කිරීමක්,ලයිට් දීමක්, වතුර දීමක් වැනි දෙයක්ය .මැතිවරණයක් ආසන්නයේ හැම පාරකටම තාර කෝප්පය බැගින් හලාගෙන ගියානම් ඡන්දය ඉහලින්ම දිනීමට එය  ප්‍රමාණවත්ය .                                                          වැදගත්ම කරුණ වන්නේ  ලංකාවේ ජනතාවට දේශපාලඥයන්ගේ ප්‍රතිපත්ති වදගත් නොවීමය.රු 500 යට, අරක්කු බෝතලයට ඡන්දය දෙන්නවුන් තවමත් බොහෝය. නමුත් බොහොමයක් දියුණු රටවල් සලක බැලීමේදී ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ඇති අතර ජනතාවද ඒවා කෙරෙහි අවදියෙන්ය .තම ප්‍රතිපත්ති ඉටුකිරීමට නොහැකි වූ දේශපාලඥයින්ගේ ඉල්ලා අස්වීම් බහුලය.ලංකාවේ අපි එහෙම දේවල් දන්නෙවත් නැත.සමරු මේකට පකිස්ලන්තය කියන්නේ ඒ නිසාය.කොහොමටත් අනික් රටවල මිනිස්සුන්ට වඩා ලංකාවේ මිනිස්සු වෙනස්ය  :D.රට පාලනය කිරීමට කුඩ්ඩන්, මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ පත් කරන්නේ රටේ ජනතාවමය .

                                                             රටක් ගොඩනැගෙන්නේ බුද්ධිමය සම්පත් මතිනි .ඇමෙරිකාව වැනි රටවල් ඉතා ඉහල පහසුකම් සපයා අනෙක් රටවල බුද්ධිමට සම්පත් ඔවුන් වෙත ඇදගනිමින්
සිටී.ඒවා ගැන අපේ රජයට කිසිදු තැකීමක් නැති අතර කොන්ක්‍රීට් දැමීම හැරෙන්නනට වෙන දෙයක් හිතාගැනීමට ඔවුන්ට අපහසුය.දැනට පාර්ලිමේන්තුවේ ඉන්නුන්ගෙන් ඊට වැඩ වැඩි යමක් බලාපොරොත්තු වීමද කල නොහැකිය. මෙයින් අදහස් වන්නේ යටිතල සම්පත් නගා නොසිටිය යුතු බව නොවේ .එය පමණක් කිරීම ප්‍රමාණවත් නැති බවය. උදා ලෙස ඒ 3ක් රැගෙන විශ්ව විද්‍යාලයට යාමට නොහැකිවන සිසුන් සිටින රටක ඔවුන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් තනා දීම පාරකට තාර දැමීමට වඩා  දහස් ගුණයක් වටිනා මුත් රජයට එහෙම අවශ්‍යතාවයක් නැත.
                                          කෙසේ හෝ දැන් ලංකාවේ ඇතිවී තිබෙන්නේ අමුතුම තත්වයකි .තමන්ගේ කිළුටු සෝදන තමන්ට කඩේ යන උදවියට ඇත දිගහැර සැලකීමට රාජපක්ෂ පාලනය පසුබට නොවේ .මෙනිසා ලැජ්ජාව පසෙක තබා රෙදි  ගලවාගෙන කඩේ යන්නවුන් පිරිසක් බිහිවී ඇත .සියලු අංශ වලට රජය මැදිහත් වන අතර බොහෝ වැදගත් තනතුරු සුදුසුකම් රහිත රජයේ හෙන්චයියන්ට ලබා දී ඇත.සියලු අංශ එකවර කඩාවැටීමට ලක්ව ඇත්තේ මේනිසාය.
                     පුවත් වාර්තාකරණය පසෙක තබා රාජ්‍ය මාධ්‍ය මිනිසුන්නේ මොළ සේදීමේ රාජකාරිය බාරගෙන ඇත .(සජීවීව මොළ සෝදාගැනීමට සිටී fm හි උදේ 7ට  විකාශය වන හඩ්ඩාගේ රට යන අත වැඩසටහන හෝ ලක්හඩේ සංජිව එදිරිමාන්නගේ හෙළිදරව්ව හෝ අයි ටි එන් news අහන්න )එය බොහෝ  දුරට සාර්ථක වී ඇති බවද පෙනේ. ආණ්ඩු පෙරළියකින් වුවද මේ තත්වයන් වෙනස් වේ යයි සිතිය නොහැකිය.මන්ද සිටින්නේ එකම ජනතාවක් නිසාය .අවසාන වශයෙන් කිව යුත්තේ බහුතරයට ගැලපෙන ආණ්ඩුවක් ලැබී තිබෙන අතර හඬා දොඩ පලක් නැත. තමන්ගේ පාඩුවේ තියෙන දෙයක් කාගෙන සිටීම ප්‍රමාණවත්ය .

                                            මේ මොකද               වෙන්නේ
                                            කවුරුවත් නැහැ            දන්නේ
                                            මෙහෙම             ගියොතින්නේ
                                            හපය විතරයි    ඉතුරු වෙන්නේ
                                                                                                           

7 comments:

  1. අනේ මන්ද බං මොනව කියන්නද කියල, කවදහරි මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්නෙ නැතෑ.
    දැනට ඉතිං අපි හම්බකරගත්ත දේකින් කාල වෙනදෙයක් බලන් ඉන්න තියෙන්නෙ, වෙන මොනව කරන්නද?

    ReplyDelete
  2. ara awasaneta thiyana kawi kalla nam supiri.

    ReplyDelete
  3. ඔව් DDT.උදේ පාන්දරම අර හඩ්සන් කාරය බෙරිහන් දෙනවා ඇහිලා ආපු කේන්තිය නිවෙන්න තමයි post එක දැම්මේ .අපිට කොරන්ට දෙයක් නෑ.


    හී හී ..ස්තුතියි අවතාර් ....:))

    ReplyDelete
  4. කතා කරලා වැඩක් නැ බං :D සහතික ඇත්ත :D

    ReplyDelete
  5. ඔව් අප්පා පිස්සු හැදෙනවා මේකේ ඉන්න ගියාම ... :D @කණියා

    ReplyDelete
  6. අනේ මන්ද අප්පා..දැන් වෙලා තියෙන්නේ කාලයට ඉඩ දීල බලන් ඉන්න තමා ..

    ReplyDelete
  7. බලන් ඉන්න අමාරුයි කෙන්තියනවා .ඒත් බලන් ඉමු :)@ හිරු

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!