Pages

Subscribe:

Ads 468x60px

Thursday, July 26, 2012

පිස්සන් සමග වාසේ ......




                                                මහින්ද චින්තනය යටතේ 2011 උසස්පෙළ සදහා නිකුත් වූ තෙවන ප්‍රතිපලයද ආවේය.ඒ අනුව නව නිර්දේශයෙන් පෙනී සිටි සිසුන් කැවුම් කිරිබත් කන අතරේ පැරණි නිර්දේශයෙන් පෙනීසිටි  අපිට සිදුවී ඇත්තේ වහ කෑමටය.පැරණි සිසුන් සියල්ලගේම Z අගයන් අඩුවී දිස්ත්‍රික් හා දිවයින් කුසලතා  පසුපසට ගොස්  තිබන අතර බහුතරයකට තමන් ඇතුලත් වීමට සුදුසුකම්  ලබා  තිබු පාඨමාලාව  නොලැබී ගොස් ඇත.ඛේදජනක තත්වය නම්  විශ්ව විද්‍යාල වරම් ලබා තිබු බොහෝ පිරිසකට (විශේෂයෙන්  කලා   විෂය ධාරාවේ ) කිසිදු පාඨමාලාවකට ඇතුලත් නොවිය හැකිසේ එය අහිමි වීමයි .ඔවුන්ට නැවත විභාගයට පෙනී සිටීමට විභාග දෙපාර්තමේන්තුව විසින් සති තුනක් ලබාදී ඇති අතර ඒ අනුව  වසර දෙකක උ .පෙ විෂය නිර්දේශ
ය සති තුනෙන් අධ්‍යනය කොට  ඔවුන් විභාගයට පෙනී සිටිනු ඇත .
                                                      නව ප්‍රතිපල වල සුන්දරත්වයට නිදසුන් කිහිපයක් මෙසේය .A3 ක් ඇති සිසුවාගේ දිස්ත්‍රික් කුසලතාව 310 වන අතරේ BBC ඇති සිසුවාගේ එය 116 වී ඇත.(කලා).ABB ඇති සිසුවාගේ 35 වන අතරේ  BBC  සිසුවා  34 වී ඇත (ගණිත).ඒ අනුව අලුත් නිර්දේශයෙන් පෙනී සිටි සිසුන් අසාමාන්‍ය දක්ෂතාවක් සහිත වුවන් ලෙස පෙනෙන්නේය  . එය විය නොහැක්කක්ය.සිදුවී ඇති අසාධාරණය පහත ප්‍රස්ථාරයෙන් පැහැදිලි වේ .


                 මේ සේ සිදුවී ඇත්තේ විෂය නිර්දේශ දෙක සදහා වෙන වෙනම ලබාගත් Z අගයන් එක පෙළකට පෙළ ගැස්වීම නිසාය. සාමාන්‍යයෙන් පළමු  වර සිසුන්ගේ මධ්‍යයනය අඩු අතර එමනිසා z සෙවීමේ සුත්‍රයට අනුව  එම අගය බොහෝ සෙයින් ඉහල  ගොස්  මධ්‍යයනය වැඩි දෙවන වර සිසුන්ගේ Z අගය පහල ගොස් ඇත. ඉහත ප්‍රස්තාරයට අනුව  වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වන සිසුන්ට   විශාල අසාධාරණයක් සිදුවී ඇත .ලංකාවේ බහුතරයක් සිසුන්ට අනාගතයේ  වෛද්‍යවරයෙක් වීමට ඇති එකම මග රජයේ  විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමය.පිටරට වාගේ  නෙවේය .නමුත් මෙම අගයන් අනුව සුදුසුකම් ලබා සිටි  බොහොමයකගේ එම සිහිනය එක  රැයින්  බොඳවී ඇති අතර එය හුදු අසාධාරණයකට වැඩ වැඩි දෙයක්ය. ජිවිත විනාශ කිරීමක්ය .මෙසේ Z ලකුණු නිකුත් කිරීමට මුලික වුයේ තටිල්ය. දැන් සිසුන්ට  සාධාරණය ඉටු වී දැයි ඔහු සිතනවදයි  අපි දන්නේ නැත .ඔහු දැන් දැකගැනීමට නැතිය .
                          අපට  සාධාරණය ඉටු කල  හැකි එකම ක්‍රමය  නම් පරණ Z අගයන්ට තේරුන යද  ඇතුලත් කර ගැනීමය .වෙන විකල්ප නැතිය .රජය කුමක් කරයිදැයි අපි නොදනිමු .මෙයට වගකියන්නේ කවුදැයි තවම ප්‍රශ්නයක්ය.මුලින්ම  මෙම ප්‍රශ්නය ඇතිවෙන බව   දැන   දැනත් කල් තබා සුදුසු පියවර නොගත් විභාග දෙපාර්තමේන්තුවය .ඉන්පසු මෙය දේශපාලන ප්‍රශ්නයක් කරගත් කාලකන්නි වෘත්තීය සමිතිය .තාමත් ඔවුන් අපි වෙනුවෙන් පෙනී සිටියිදැයි  අපි දන්නේ නැතිය. ඉන්පසු මෙම විනාශය කිරීමට පෙරමුණ ගත තටිල් නමැති හාදයාය.ඊ ලගට SB, බන්දුල බානය.අවසානයේ අංගොඩ යැවිය යුතු පුද්ගලයන්ට රටේ අධ්‍යාපනය බාරදී සියලු අංශ දේශපලනිකරණය කරමින් රටම අගාධයට ගෙනයන රාජපක්ෂ ජනාධිපතිවරයාය . කෙසේ වුවත් අවසානයේ විනාශවන්නේ රටේ වටිනාම සම්පත්වන තරුණ ජීවිතය .
                            අවසාන වශයෙන් කිව යුත්තේ මේ සියල්ලෙන්ම පිළිබිඹු වන්නේ ලංකාවේ ප්‍රථමික බව හා නොදියුණු බව මිස වෙන කිසිවක් නොවන බවය .මෙවැනි අඳබාලයන් රැසක් රජයන රජයක් ලොව වෙන ඇත්දැයි  සැක  සහිතය. ඉපදුන කරුමෙට ජිවත් වීම ඇරෙන්න අපට වෙන කරන්න දෙයකුත් නැතිය .   

4 comments:

  1. baya wenna deyak nane bn.sb mahaththaya okata wisaduma vidihata campus walata ganna gana wadi karanawalu.

    ReplyDelete
  2. මුන් ඔක්කොටම පිස්සු. වැරැද්ද උන්ගෙ වැඩ නිසා අහක ඉන්න අහිංසකයොන්ටත් පිස්සු හැදෙන එක. ළමයෙක් කොයි තරම් බලාපොරොත්තු තියාගෙන ද උසස් පෙළ කරන්නෙ.

    ReplyDelete
  3. අපොයි ඔය ගැන නම් කතා කරල වැඩක් නෑ අප්පා...

    ReplyDelete
  4. ගන්නවා කිව්වට මෙච්චර ගොඩක් කොහොම ගන්නද.? අනේ මන්ද

    ස්තුතියි යාලුවනේ අදහස්වලට@ අවතාර්,DDT, මධුරංග

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!