
විශේෂයෙන්ම මේ ප්‍රදේශයට ආවේනික ඇනකොන්ඩා විශේෂයකගෙන්(වි .න .Bathalegalaz Anacondaz) අපිට එල්ල වූ තර්ජන නිමක් නෑ .අප කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙක් ඔවුන් හා සටන් කිරීමට ගොස් සුළු තුවාල ලැබුවා.මේ දැක්වෙන්නේ ඉතාම අසීරුවෙන් ලබාගත් එම සත්වයෙකුගේ සේයාරුවක් .කෙසේ හෝ සර්පයන්ගෙන් මිදී පර්වතයට යන අතරතුර තවත් තර්ජනයක් එල්ල උනා.ඒ දැනට වඳ වී ගියා යැයි සැලකු 'Hulu Huluzz'නැමති ගෝත්‍රික ජන කොටසින්.මුලින්ම අප දුටු විට ඔවුන් සාමකාමී ස්වරුපයක් දැක්වූ නමුත්,අප කණ්ඩායමේ සාමාජිකයෙක් විසින් ගෝත්‍රික තරුණියකට යමක් පැවසීමත් සමග ඇති වූයේ ඉතාම බිහිසුණු තත්වයක්.(ඉහත දැක්වෙන්නේ එම ගෝත්‍රික ස්ත්‍රියයි.)
විෂ පෙවූ ඊතල සහ හෙල්ල වර්ෂාවක් අපේ හිස මතට පතිත වෙන්නට උනා.පණ බේරාගැනීම සඳහා ඔවුන්ට වෙඩි තැබීමට අපිට සිදුවූ බව කණගාටුවෙන් නමුත් පැවසිය යුතුයි.කෙසේ වෙතත් එක හී සැරයක් කණ්ඩායම් සාමාජිකයෙකුගේ ගෙල පසාකරගෙනගොස් තිබුනා ..පහත දැක්වෙන්නේ ඔහු බේරාගැනීමට ගත් උත්සාහයයි .
පර්වතය මුදුනේ තිබුනේ ඉතාම අධික සීතලක්.එමෙ න්ම,මුදුනේ තිබූ ඉතාමත් අඩු ඔක්සිජන් සාන්ද්‍රනයද අපි මුහුණ පෑ තවත් විශාල ගැටළුවක්.සියලුදෙනාම ඉතාමත් කම්පනයට පත් උන සිදුවීමක් වූයේ,මෙයට පෙර මෙම පර්වතය තරණයට පැමිණ ජිවිතයෙන් වන්දි ගෙවූ පුද්ගලයන්ගේ ඇටසැකිලි හමුවීමයි .එම සිදුවීම සියලුදෙනා තුල ඇතිකළේ මහත් භීතියක්.(මේ එවැනි එක් අයෙක්).කෙසේ වෙතත් සියලු සිද්ධීන් අවසානයේ සියලු දෙනාටම නිරුපද්‍රිතව පර්වතය මුදුනට ලඟාවීමට හැකිවීම සැබවින්ම අප ලද විශාල ජයග්‍රහණයක් ..මිල කල නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නටබුන් රාශියක් ,ප්රාග් බෙහෙත් ඵෛතිහාසික මානවයින් භාවිතා කල උපකරණ රාශියක්,අධික වටිනාකමකින් යුත් ඹෞෂධ පැළෑටි රාශියක්,'බඩ රතු තිත් මුවා'වැනි රතු දත්ත පොතට ඇතුලත් සත්ව විශේෂ රාශියක් සොයාගැනීමට අපට හැකිවුණා .පහත දැක්වෙන්නේ අපි ලබාගත් වටිනා ඡායාරූප කිහිපයක් .
![]() |
| ප්රාග් ඵෛතිහාසික ගල් ගුහාවක් |
![]() |
| වළගම්බා රජු විසින් රෝපණය කල සඳුන් ගසක් |










ඔයාට පහුගිය ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උන එක අහන්නත් දෙයක්යැ මේ කරල තියෙන දේවල් වල හැටියට :O
ReplyDelete//අප කණ්ඩායමේ සාමාජිකයෙක් විසින් ගෝත්‍රික තරුණියකට යමක් පැවසීමත් සමග ඇති වූයේ ඉතාම බිහිසුණු තත්වයක්// මේ නිකන් අහන්නෙ....ඒ සාමාජිකයා "සලාදය" කියල බ්ලොග් එකක් ලියනවද????
මොනව උනත් ඔයා ගැන ආඩම්බරයි මල්ලි..මේ චාරිකා සටහන් ඇතුලත් කරල පොතක් ලිව්වනම් තමයි හොඳ.
මම මුලින් හිතුවේ මංචි ටිකිරි මාරි ගැන ද කියලා! ආවට පස්සේ දැන ගත්තේ වැඩේ මොකද්ද කියලා. ඒක නෙමෙයි, දැන් අර පින්තූරේ කොයි එක් කෙනා ද ඔයා? මේ ග්‍රෝතික තරුණියක් කියලා ෂුවර් ද? හෙන පොෂ් පාට යි ;)
ReplyDeleteඋබල නම් හැබෑම දක්ශයො ටිකක් :)
ReplyDeleteආඩම්බරයි පුතේ.. :D
අම්මප අක්කේ .ඔයා නිකන් හුණා කිව්වා වගේ ඒක කිව්වේ කොහොමද ඈ !!! :)
ReplyDeleteඇත්තටම මම එයාගේ අතත් පොඩ්ඩක් ඇල්ලුවා.වෙන දෙකට නෙවෙයි.අපේ අත්වලට වඩා එයාලගේ අත් වෙනස්ද බලන්න :o
.@chams අක්කා
මැද ඉන්නේ මම .ලා නිල් ඩෙනිම ඇඳගෙන ..
ReplyDeleteඇත්තටම ධාරා මටත් ඕක හෙන ප්‍රශ්නයක් . ආය දවසක ගිහින් බලන්න ඕන ....
@ ධාරා
උඹ එහෙම කිව්වම හීනියට ලැජ්ජාවකුත් එක්ක පොඩි ආඩම්බරයක් දැනුනා ..ස්තුතියි ඉතින් :))
ReplyDelete@සමි
බැරිද තව හොද පින්තූර ටිකක් එහෙම දාන්න..නියම ගමනක්.
ReplyDeleteම්ම්ම්ම්ම් ..අනික් ඒවානම් වැඩිහරියක අපේ මුණු ටික තමයි තියෙන්නේ .. ඒවා බලන්න නම් උබල එච්චර කැමති වෙන එකක් නෑ කියලා මට හිතෙනවා....:)
ReplyDelete@රජ විදිය
යකෝ මර්ලිනුත් බැලුවා මේ තරම් බයානක දර්ශන ටිකක් දැක්කේ නැහැනේ...))))))
ReplyDeleteඒකනේ වර්ෂෝ ..පණ බේරාගෙන ආව එකම මදැයි අප්පා ..@වර්ෂා
ReplyDelete