Pages

Subscribe:

Ads 468x60px

Wednesday, December 25, 2013

ආදරණිය මහින්ද මාමා ..!!

                                                           

                                                                                ඇයි අප්පා මේ සමහර අය මහින්දට මෙච්චර බනින්නේ ?මටනම් හිතාගන්නවත් බෑ .බලන්ඩකෝ ඉතින් මහින්ද කියන්නේ කොච්චර හොඳ නායකයෙක්ද ?පාරවල් හදනවා .ගොඩනැගිලි හදනවා පාලම් හදනවා. වෙන මොකුත් ඕන නෑ.බයක් සැකක් නැතුව පාරේ බැහැල යන්න පුළුවන් එකම මදැයි !චුට්ටක් හොරාකනවා වෙන්න පුළුවන් ඒක ඉතින් එච්චර  හිතන්න ඕන දෙයක්ද .මොකද අනිත් අය හොරාකන්නේ නෑ කියලද?අනික මහින්ද පන්නලා කවුරු කියල ජනාධිපති කරන්නද ?රනිල්?ෆොන්සේකා ?JVP(lol)මටනම් ඕන තැනක විලිලජ්ජාවක් නැතුව මෙයා තමයි අපේ ජනාධිපති තුමා කියල පෙන්නන්න ඉන්නේ මහින්ද විතරයි .ඒක නිසා මම මහින්ද මාමට ආදරෙයි ..!!!








අලියා පිටේ  ගියපු අපිට හදල දුන්න.........පාර 
ඒ විතරක් නෙවෙයි ලඟදි දාලා  දුන්නා.....තාර 
ගිය සතියට  කලින් සතියේ ආවා  වතුර....පාර 
දිවිය තියෙන තුරු මතකයි මේවා එකක්...නෑර 

පණ බේරලා දුන්නා මදැයි ආයෙත් මොන....වාද 
ඒවා මතක නැති මිනිස්සු හරි නරකයි.........නේද 
තාමත් මතකයි එහෙමත් අමතක වෙන........වාද 
ආය ඉල්ලුවත් ඡන්දය නොදී ඉන්න.............වාද 

රනිල් ඉතින් කැගැහුවට මෙලෝ දෙයක්.....බෑනේ 
ෆොන්සේකත් ඔය හිටියට කිසි කමකට......නෑනේ 
ජේ වී පි අයියලාට දැන් අමුඩෙත්..............නෑනේ 
ඔයා තමයි මැරෙනකම්ම හැමදාමත්............ඕනේ 

වටේ පිටේ ඉන්න ඈයෝ සෙට් එක හරි..........නෝටී  
අපේ සල්ලි හොරෙන් අරන් දානවා උන්...........පාටී 
මෙහෙම ගියොත් කන්න වෙන්නෙ අපිට පාන්...වාටී 
තේරෙනවද දැන්වත් ඔය ඔලුගෙඩියට...............චූටී 

සමහරවුන් බනියි ඉතින්, ඒවට නොසැ.........ලෙන්ඩ 
අපි ඉන්නවා පිටිපස්සෙන්, ඉස්සරහට.............යන්ඩ 
මේ විදිහට කවි ලිව්වට ඔයාට ගොඩ...............එන්ඩ 
හම්බුනොතින් දවසක මට උම්මා එකක්........දෙන්ඩ 

9 comments:

  1. ශ්‍රී ලංකාව කියන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජන-රජයක්ද නැතිනම් රජකුගේ රාජධානියක්ද? මේ ප‍්‍රශ්නය පැනනගින්නේ, හැම අවුරුද්දක්ම අවසානයේ කොළඹ අගනගරය අකර්මන්‍ය කොට ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ වැඩිමහල් පුත‍්‍රයා වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් ලක්‍ෂ්මන් රාජපක්‍ෂ නටන කොළඹ නයිට් රේස් සැණකෙළිය දිහා බලන විටය.

    ජනාධිපතිතුමා කතාවට නම් කියන්නේ තමා ලංකාවේ භාරකාරයා මිසක අයිතිකාරයා නොවන බවය. එහෙත් ක‍්‍රියාවෙන් නම් පෙනෙන්නේ එතුමා රටේ අයිතිකාරයාම වන බවත්, ලංකාව රාජපක්‍ෂ පවුලේ නින්දගමක් බවත්, තම පුත‍්‍රයන්ට රටේ අගනගරය පවා බද්දට ගෙන සිත් සේ සැණකෙළි කෙළින්නට ජනාධිපති පියා විසින්ම ඉඩකඩ සපයාදී ඇති බවත්ය. පසුගිය 14, 15 දෙදින තුළ තුන්වැනි වරටත් කොළඹ පැවැති නයිට් රේස් එකෙන් ඒ බව නැවතත් තහවුරු වෙයි. ලංකාවේ පහළ වූ විධායක ජනාධිපතිවරු මේ වන විට පස්දෙනෙකි. මීට පෙර සිටි තුන් දෙනකුටමද පුත්තු සිටියෝය. එහෙත් ඒ කිසිම ජනාධිපතිවරයකු හෝ ජනාධිපතිවරියක හෝ තම පුත‍්‍රයන්ට රටේ අගනගරයේ පාරවල් වසාගෙන ජනජීවිතය අංශභාග කොට, රිසි සේ කෙළින්නට ඉඩ දුන්නේ නැත. එක්කෝ ඔවුන්ට එවැනි දෙයක් නොකර ඉන්නට විලිලජ්ජාවක් තිබුණේය. නැතිනම් හැදිච්චකමක් තිබුණේය.

    කොළඹ කියන්නේ ලංකාවේ අගනගරයය. ඒ අගනගරයේ වැදගත්ම පදාසය අංශභාග කොට දින දෙකක් තිස්සේ තම පුත‍්‍රයාගේ නයිට් රේස් ආසාව වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් වෙන්කැරෙන්නේ තමන්ගේ හෝ පවුලේ හෝ සල්ලි වියදම් කරමින් නම් නොවේ. බදු ගෙවන ජනතාවගේ මුදල් හා රටේ සම්පත් යහමින් ඒ සඳහා යොදවමින් ය. ඒ වගේම, රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා අයකරගත යුතු බදු ලෝබ නැතිව කපාහරිමින්ය. කොළඹ නයිට් රේස් පවත්වන්නේ කාල්ටන් ක‍්‍රීඩා සමාජය විසිනි. එය ජනාධිපති පුත් නාමල් රාජපක්‍ෂගේ පෞද්ගලික සංවිධානයකි. කලම්බු නයිට් රේස්හි නිල මාධ්‍ය මෙහෙයුම බෙදාගෙන තිබෙන්නේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ආයතනයයි. ඒ යටතේ ක‍්‍රියාත්මක වන සිංහ එෆ්එම් ගුවන්විදුලිය හා සීඑස්එන් රූපවාහිනී නාලිකාවද ජනාධිපති පියාගේ රජයෙන් තම පුත‍්‍රයන්ට ලැබුණු තෑග්ගකි. සීඑස්එන් සඳහා ආණ්ඩුවෙන් විකාශන බලපත‍්‍රය නිකුත්කරන ලද්දේ 2011 මාර්තු 3වැනිදාය. එම මාර්තු 7වැනිදාම එහි විකාශය පටන්ගන්නා ලදි. ඒ රජයේ ආයතනයක් වන ස්වාධීන රූපවාහිනිය එතෙක් පවත්වාගෙන ආ ප‍්‍රයිම් ටීවී නාලිකාවේ අයිතිය හිමිකරගැනිීමනි. වර්තමානයේ සීඑස්එන්හි ප‍්‍රධානියා හැටියට කටයුතු කරන්නේ නාවික හමුදාවේ නිලධාරියකු වන ජනාධිපති දෙටු පුත් යෝෂිත කණිෂ්ක රාජපක්‍ෂ අනාගතයේ විවාහවන්නට නියමිත තරුණියයි. ඇය සිංහල සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකාගේ මිණිබිරියකි.
    හමුදාව තමයි වැලිකොට්ට ගැහුවේ. පෞද්ගලික ක‍්‍රීඩා සමාජයකින් කරන රේස් එකකට හමුදාවේ කට්ටිය වැලිකොට්ට ගොඩගහන්නේ මොකටද? කලම්බු නයිට් රේස් කියන්නේ ප‍්‍රජාසත්කාරයක්ද?

    ReplyDelete
  2. රජීව් ශර්මා අනාවරණය කරන ආකාරයට චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සෑම ආයෝජනයකින්ම රාජපක්ෂ පවුලට 10% – 15% ත් අතර කොමිස් මුදලක් හිමිවේ. 2015 වන විට පවුලට ලැබීමට ඇති ස්ථාවර කොමිස් මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.2 සිට 1.8 ත් අතර ප්‍රමාණයකි. මෙම කොමිස් ගිලගැනීම සඳහා වූ රාජපක්ෂ පවුලේ වෙනම සමාගමක් ගොඩනගාගෙන ඇත. ඒ ගේට්වේ ඉන්ඩස්ටී්‍රස් නම් සමාගමකි. මෙම සමාගමේ සභාපතිවරයා වන්නේ ප්‍රභාත් නානායක්කාරය. මෙම ව්‍යාපාරයේ අනෙක් පාර්ශ්වකරුවා වන්නේ ඩිල්ෂාන් වික්‍රමසිංහය ඩිල්ෂාන් වික්‍රමසිංහ යනු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරෙකු වන නිශාන්ත වික්‍රමසිංහගේ පුතාය. නිශාන්ත වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති වරයාය. රාජපක්ෂ පවුලට අයත් මෙම ව්‍යාපාරයේ තවත් කොටස්කරවෙකු වී ඇත්තේ බන්දුල වීරවර්ධන නමැති පුද්ගයෙකි. බන්දුල වීරවර්ධන යනු ශ්‍රී ලංකාවේ ඉපිද බි්‍රතාන්‍යයේ පුරවැසි භාවය ලබාගත් පුද්ගලයෙකි. ඩිල්ෂාන් හා ප්‍රභාත් යන දෙදෙනාට අයත් සමාගමක් ලෙස පිහිටුවා ඇති තවත් ආයතනයක් වන්නේ ඇසෙට් නෙට්වර්ක් පුද්ගලික සමාගම හා ඇසෙට් හෝල්ඩින් පුද්ගලික සමාගම යන සමාගම් දෙකය. ඇසෙට් හෝල්ඩින් සමාගම් මැදිහත්වීම මත සිදුකරන ත්‍රිකුණාමල වරාය හා ජැටිය ව්‍යාපෘතිය සඳහා බිලියන පහක මුදල් වැයකර ඇත. ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමද ඉහත ගනුදෙනුවට සම්බන්ධ කරගෙන ඇත. අක්කර 1200 ක් පුරා විහිදුන මෙම ව්‍යාපෘතිය ඩොලර් බිලියන 02 ආයෝජනයක් ලෙසද හැඳින්වේ. අදියර තුනකින් නිමකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඩොලර් මිලියන 700 ක මුදලක් ලබාගැනීමට 2011 පෙබරවාරි 23 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන ඇත. රජීව් ශර්මාගේ ලිපියට අනුව රාජපක්ෂලා විසින් ලොවපුරා ප්‍රබල සමාගම් සමග එක්ව ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත. ඉන් එකක් වන ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමය. මෙම මූල්‍ය සමාගම මිචෙල් ගෘෘප් ඕස්ටේ්‍රලියා සැල්වා කෝපරේෂන්, ඇසෙට් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් යන උප සමාගම් 04 කින් යුක්තය. මෙහි මුදල් ලබාගැනීමේ ප්‍රමුඛ කාර්ය කර ඇත්තේ ප්‍රභාත් නානායක්කාරය. ඒ රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය මතය. චීනය සමග මේ සැඟවුණු ගනුදෙනු ආරම්භ කර ඇත්තේ 2005 බන්දුල වීරවර්ධනගේ මාර්ගයෙනි. ආරම්භය චන්ද්‍රිකා ආණ්ඩුව තෙක් දිවයයි. එවකට චීන සමාගම් සමග කටයුතු කළ ශ්‍රී ලංකා නියෝජිතයා වූයේ බන්දුල වීරවර්ධනය. ඔහු ගනුදෙනු කළ සමාගම බහමා සෙල්වීර ටේ්‍රඩින් ලිමිටඩ්ය. මහින්ද රාජපක්ෂ බලයට පැමිණීමත් සමග මොහු චීන සමාගමක් සමග කෙලින්ම සම්බන්ධ වී ඇත. මොහුගේ නමින් චීන සබඳතා ගොඩනගා ගත්තද පසුව ඔහුට එම කාර්යයෙන් ඉවත්කොට එම කාර්ය සඳහා ප්‍රභාත් නමැත්තා පත්කොට ඇත. මොහු මෙම ව්‍යාපාර ඇරඹීමට පෙර ප්‍රභාත් නානායක්කාරට තිබී ඇති වත්කම් ප්‍රමාණය සේවකයන් 200 ක් සේවය කළ zමවුටන්් ජීන්Z නම් තේ වත්තය. මේ වන විට ගණනය කළ නොහැකි තරම් වත්කම් ප්‍රමාණයක් ප්‍රභාත් නානායක්කාර නමට ඇත. චීන ආයෝජන මත පාලම් හා මාර්ග ඉදිකිරීමේදීද ප්‍රධාන කොටස්කරුවන් බවට පත්වී ඇත්තේ ප්‍රභාත් හා ඩිල්ෂාන් සංයෝගයය. රාජපක්ෂ පවුලේ සමාගම් හරහා රාජපක්ෂ පවුලට පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ චීන ව්‍යාපෘතිවලින් කොමිස් මුදල් ලැබී ඇත්තේ මේ ආකාරයෙනි. හම්බන්තොට වරායෙන් අමෙරිකානු ඩොලර් මිලියන 360 කි. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඩොලර් මිලියන 200 කි. මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 252 කි. හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 76.5 කි. ත්‍රිකුණාමලය වරාය ව්‍යාපෘතියෙන් කොමිස් කොපමණද යන්න සඳහන් කර නැත. ඒ අනුව 2005 – 2015 කාලය තුළ බිලියන 1.2 සිට බිලියන 1.8 ක් දක්වා වූ කොමිස් මුදලක් රාජපක්ෂ පවුලට ලැඛෙන්නේ චීන ආයෝජනවලින් පමණකි.

    ශර්මා සඳහන් කරන්නේ චීනය විසින් මේ ආකාරයෙන් රාජපක්ෂ පවුලට කොමිස් ලබාදෙන්නේ ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ තමන් සතුකර ගැනීමටය. කුරහන් සාටකගේ ග්‍රාමීය ආරෝපණයේ හයියෙන් බලයට ආ මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් හඳුන්වා ඇත්තේ සර්වපිත්තල පාලනයක් ලෙසය. ලැජ්ජාසහගත පවුල් පාලනයක් ගෙන යන මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් සමකර ඇත්තේ ලෝකයේ සිටි දූෂිතම පාලකයන් වන සුකර්තෝ, බූතෝ හා මුගාබේගේ පාලනයටය. පසුගිය කාලය තුළ මහින්ද රාජපක්ෂ විසින් ආශ්චර්ය ලෙස ශ්‍රී ලාංකිකයන්ට පෙන්නූයේ හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මොරගහකන්ද ව්‍යාපෘතිය, මත්තල ගුවන්තොටුපළ යන ව්‍යාපෘතිය. ශ්‍රී ලංකාවේ තවත් පරම්පරා ගණනක් ණය කාරයන් බවට පත්කරමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිවලින් 10% – 15% ත් අතර මුදලක් ගොස් ඇත්තේ රාජපක්ෂලාගේ සාක්කුවලටය. කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පැවැරුණේද චීනයටය. එයින් ලැබූ කොමිස් මුදල කොතෙක්ද යන්න ශර්මා විසින් අනාවරණය කර නැත. එම ලිපිය කටුනායක අධිවේගී මාර්ගය තැනීමට පෙර සකස්වූවක් බැවිනි.

    ReplyDelete
  3. රටේ ජනාධිපතිවරයා ලෙස 2005 දී මහින්ද රාජපක්ෂට බලය ලබාදුන්නේ කප්පරක් බලාපොරොත්තු ඇතිවය. බලයට පත්වූ වහාම මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන ලද්දේ ආරක්ෂක ලේකම්වරයා ලෙස අමෙරිකාවේ සිටි තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ පත්කිරීමය. ඉන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හිස්වූ වහාම එම මන්ත්‍රීධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරන ලද්දේ තම සොහොයුරා වන බැසිල් රාජපක්ෂය. ඔහුගේ වැඩිමල් සොහොයුරා වන චමල් රාජපක්ෂ කථානායකාවරයා ලෙස පත්කරනු ලැබිණි කථානායකගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් මහා ඇමැතිවරයා ලෙස පත්කෙරිණ. ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගත්තේය. එම මැතිවරණයෙන්ම ඔහුගේ පවුලේ ඥාතියෙකු වන හේමාල් ගුණසේකරද පාර්ලිමේන්තුවට ගත්තේය. ඒ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ භාර්යව වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ සොහොයුරා වන අ. පො. ස. සාපෙළවත් සමත් නැත ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කෙරිණ. වර්තමානයේ ප්‍රධාන රාජ්‍ය ආයතන බොහෝමයක ප්‍රධාන තනතුරු දරන්නේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ය.

    ශ්‍රී ලාංකිකයන්ගේ හිස මත යෝධ ණය බරක් පටවමින් රාජපක්ෂලා රට ගිලින ආකාරය ශ්‍රී ලාංකිකයන්ට නොතේරුණාට විදේශිකයන්ට එය හොඳින් පෙනීගොස් ඇත. මාධ්‍යවේදී රජීව් ශර්මා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව රාජපක්ෂලාගේ මකර සෙවනැල්ලට හසුවී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂලාගේ සර්ව පිත්තල ලෝකයට රැවටී ඇති නිසාය.

    ReplyDelete
  4. හත්ඉලව්වයි ...!!!!!!
    මේ පොස්ට් එක විහිලුවට දාපු එකක් කියල බැලූ බැල්මට පේන්නෙ නැද්ද කියල සැකයක් මට ඇතිවුනා .
    කොහොම උනත් දන්න කියන කාලේ තිබුන හැම ආණ්ඩුවක්ම වගේ මහින්දගෙ ආණ්ඩුවත් බලය උපරිමයෙන්ම පාවිච්චි කරලා දාන්න පුළුවන් හැම සෙල්ලමක්ම දානවා කියල ඕන කෙනෙකුට පේනවා.මොකෙක් උනත් රටට ආදරයක් තියෙන්න එපැයි රට දියුණු කරන්න.!දැන් ඉන්න එවුන් රටම හූරගෙන කාලා හත්මුතුපරම්පරාවට සල්ලි හොයනවා මිසක් වෙන මොනවද කරන්නේ ?වෙන ආණ්ඩුවක් ආව කියල මේක වෙනස් වෙයිද?මම නම් හිතන්නේ නෑ .කෝක ආවත් එකම ඇමති සෙට් එකනේ ඉන්නේ .රටේ ඉදිරි ගමන තීරණය කරන තැන ඉන්නේ කුඩ්ඩො,මිනීමරුවෝ,ඉස්කෝලේ ගියේ නැති උන් උනහම කොහොමද ඉතින් රටක් දියුණුවෙන්නේ ??
    එයාලත් එතෙන්ට යවන්නේ මිනිස්සුමනේ .අන්තිමට බලපුහාම මිනිස්සුන්ටම ගැලපෙන ආණ්ඩුවක් හම්බෙලා තියෙනවා..කරන්න දෙයක් නෑ .මොකද වෙන්නේ කියල ඔහේ බලන් ඉන්න තමයි තියෙන්නේ ..

    ඔයාගේ අදහස් වලට ස්තුතියි Damiika Wijesinghe ...

    ReplyDelete
  5. /// මේ විදිහට කවි ලිව්වට ඔයාට ගොඩ...............එන්ඩ
    හම්බුනොතින් දවසක මට උම්මා එකක්........දෙන්ඩ//

    මල්ලිටත් හිතෙන දේවල් :D

    ReplyDelete
  6. මචං සුදුවෑන් එක එළියේ ....

    ReplyDelete
  7. හි හි ...නිකන් ජොලියට වගේ ලිව්වේ .... :)))
    @Chams අක්කා ...

    ඔන්න ඔහේ ආවවේ බන් .මෙහෙම ඉන්නවට වඩා මැරිලා යන එක හොඳයි කියල කවුදෝ කියනව ඇහුන !! @මගේ දිනපොත

    ReplyDelete
  8. මම මේ ආවෙ මගෙ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාපු පාර දිගේ..

    ඔයාට අනිවාර්යෙන්ම තේ පැන් සංගරහයක් ලබා දෙන්න ඕනි :D


    ඒක නෙමේ .. මට මේ ඉන්ටෆේස් එකේ කමෙන්ට් දාන්න තැනක් පෙනුනෙ නෑ.. කමෙන්ට් එකකට රිප්ලයි කරන්න විතරයි උලුවන්.. ඒකයි මේ විදියට කමෙන්ට් එකක් දාන්නෙ.. ටිකක් මීට වඩා සරල ටෙම්ප්ලීට් එකක් හොයාගත්තොත් හොද නැද්ද ?

    මම මේක ෆලෝ කලාට අප්ඩේට් වෙලා නම් තිබුනෙ නෑ ... මොකක් හරි අවුලක්.. බ්ලොග් යූ ආර් එල් එක වෙනස් කලා නම් ආයෙ හැමෝටම කියන්න වෙයි අලුතෙන් ෆලෝ කරන්න කියලා ..


    ජය!!

    sami

    ReplyDelete
  9. මෙච්චර කඩේ ගියාම තේ එකක් දීලා ඇද්ද මං අහන්නේ ... :))))

    හරි ..ටෙම්ප්ලේට් ඒක මරු කලා .ආයෙත් පරණ එක .මේක මල විකාරයක් බන් .කෝ මේකේ reply කරන කෑල්ලත් නෑනේ .අනේ මන්දා හදාගන්න තේරෙන්නෙත් නෑ :((
    @සමි

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!