Pages

Subscribe:

Ads 468x60px

Monday, January 6, 2014

දෙවියෙක්ද? භුතයෙක්ද? මොකෙක්ද??





                                     හැමදාම අනං මනං විකාර පොස්ට් කර කර ඉඳල හරියන්නේ නෑ  කියල කවුදෝ කිව්වා .එක නිසා ටිකක් වැදගත් වගේ දෙයක් කියන්නයි මම මේ ලෑස්තිවෙන්නේ මේක බොරුවක් නම් නෙවෙයි 100 % ඇත්ත කතාවක්..
                                         ඔයාල ගුප්තදෙවල් ගැන මොකද හිතන්නේ?යන්ත්‍ර මන්ත්‍ර, හදි හූනියම්,දෙවියෝ භූතයෝ, කුම්භාණ්ඩයෝ,සාස්තර..... මේ වගේ දේවල් ගැන...??මට නම් ඉතින් පැහැදිලි අදහසක් නෑ .හරිම පැටලිලි සහගත අදහසක් තමයි තියෙන්නේ (හරියට හොඳට නිදාගෙන ඉන්නකොට කවුරුහරි එකවරම ඇහැරෙව්වහම ඉන්නේ කොහෙද, මොකද වෙන්නේ, මම කවුද,
කියල ඇතිවෙන මඤ්ඤං හැඟීම වගේ )කොහොම උනත්  අර හේ තුවාදියෝ වගේ නැතුව අපිට නොතේරෙන අපි නොදන්න, දැනට දන්න දේවල්වලින් පැහැදිලි කරන්න බැරි ගොඩක් දේවල් මේ ලෝකෙ තියෙන්න පුළුවන් කියල විවෘත මනසකින් ඉන්න ඒක කෝකටත් හොඳයි
                                                                    ඉතින් මම මේ කතාව කියන්න යන්නේ, හිතා  ගන්න බැරි විදිහට සාස්තර කියන කෙනෙක් ගැන.කෑගල්ල පැත්තේ අයනම් සමහරවිට දන්නවත් ඇති .සාමාන්‍යයෙන් සාස්තරයක් අහනවා කියන්නේ අතේ තියෙන සල්ලි ටිකත් නැතිකරගෙන, වෙච්ච දේකුත් ලැබිච්ච දේකුත් නැතුව හිස් අතින් ගෙදර එන සිද්ධියක්නේ .ඒක නිසා අපිටත් මෙයා ගැන ඇහුවට වැඩි  උනන්දුවක් තිබුනේ නෑ කොහොමහරි අපේ ගෙදර කට්ටිය ගිහින් කිව්ව දේවල් අහල මටත් යන්න හිතුනා .මමත් ගියා .

                      එදා කට්ටිය 20ක් විතර හිටියා.ගෙදර ඉස්සරහ තියෙන පොඩි කාමරයක තමයි එයා  හිටියේ .සාමාන්‍ය මැදි වයසේ කෙනෙක්.එයා ඉස්සරහ අපි 'අඳුනක්' කියල කියල කියන එකක් තිබුනා .නිකන් පිරිසියක් වගේ.ඊට පස්සේ තමයි හොඳම හරිය.!!
                                                                    එයා  මගෙන් කිසිම දෙයක් අහන්නේ නැතුව අර පිරිසිය දිහා බලාගෙන,මම ආවේ මොකටද,ඉන්න තැන විස්තර,මීට කලින් ගෙදර කට්ටිය ආපු හැටි,අම්ම තාත්ත ගැන,.....ඔය වගේ සැහෙන්න විස්තරයක් හරියටම කිව්වා. මටනම් කොහොම කිව්වද කියල හිතාගන්නත් බෑ ..ආවේශ වෙලා වගේ හරි, පොල් මලක් අරන් මට ගහ ගහ හරි නෙවෙයි .නිකන් සාමාන්‍ය විදිහට කිව්වේ .අපේ ගෙදර අයටත් මේ වගේම සැහෙන්න හොඳ විස්තරයක් කියල තිබුනා.එයා ඒවා දැනගන්න විදිහක් නම් කොහොමටවත් නෑ .පස්සේ තව අපි අඳුනන කීප දෙනෙක් නැතිවුන බඩු හොයාගන්න එහෙම ගියා. එයාලටත් සැහෙන්න උදව්වක් උනා කියල කිව්වා.මොකද්දෝ පැහැදිලි කරන්න බැරි දෙයක් එතන තියෙනවා කියල අන්තිමට අපිට පිළිගන්න උනා.ඔයාලටත් සමහරවිට මේ වගේ අත්දැකීම් ඇති.
                                                                  ඉතින් මේ ගැන වැඩි  විස්තර හොයල බලන්න හරි එයාගෙන් උදව්වක් ගන්න ඕන හරි කෙනෙක් ඉන්නවනම් මෙතනින් බුකියට ඇවිත් මට පණිවුඩයක් තියන්න ,යන පාර ,දුරකථන අංක,විස්තර  මම එවන්නම්..

12 comments:

  1. අනේ මන්දා මම නමි ඔවා විශ්වාස කරන්නෙ නෑ වැඩිය... ඒත් අවිශ්වාස කරන්නෙත් නැහැ..
    කොයි දේටත් අපේ හිත තමයි..
    දකින හැමදේම ඇත්ත නෙවෙයි වගේම තමයි නොදකින දේවලුත් තියෙනවා කියන එක...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් බන් .අපි දන්නේ නැති කොච්චර දේවල් තියෙන්න පුලුවන්ද ?

      Delete
  2. yakek awillooooooooooo

    ReplyDelete
    Replies
    1. මොකෙද්ද මන්දා .භූතයෙක් වෙන්න ඇති :)))))

      Delete
  3. මංදා ඉතින්.. ඕවා ගැනනම් මගෙත් ලොකු විශ්වාසයක් නෑ.. මාත් ඔහොම දෙයක් පස්සේ ගියාට කිසි වැඩක් වුනේ නැහැනේ..

    ReplyDelete
    Replies
    1. මගෙත් කිසිම විශ්වාසයක් තුබුණේ නම් නෑ අයියේ ,ඒත් ඇස දෙකටම දැක්කට පස්සේ මොකද කරන්නේ ඉතින්....

      Delete
  4. තාම මේ වගේ දෙයක් කරල බලල නැති නිසා ඕවා විශ්වාස කරන්නවත් අවිශ්වාස කරන්නවත් තරම් අදහසක් නෑ ඔය ගැන. සමහරවිට අපිට පැහැදිළි කරන්න බැරි දෙයක් ඔතන තියෙනවා වෙන්නත් පුලුවන්. එහෙම නැත්තන් බොහොම සූක්ශමව, යන අයට නොතේරෙන විදිහට එයා ඒ විස්තර හොයා ගන්නව වෙන්නත් පුලුවන්

    ReplyDelete
    Replies
    1. එයාට ඒවා හොයන්න වෙලාවක් නෑ අක්කේ.අපි නිකම් හිතුන ගමන් යන්නේ .අනික යන්නේ මොකටද කියල කාටවත් කියන්නේ නෑ .නිකම් හිතාගෙන විතරයි යන්නේ .එකපාරක් ඉඩමක් ගැන අහන්න ගිහින් එයා තියෙන තැනයි,සයිස් එකයි ,හරියටම කිවා .ඒක කෑගල්ල පැත්ත පලාතක වත් නෙවෙයි .කවුරුවත් දන්නෙත් නෑ .ඒ වගේ ගොඩාක් කියනවා .මටනම් එතන පැහැදිලි කරගන්න අමාරුයි

      Delete
  5. ඇ පිලිගත හැකි කියලා නේ මේ කියන්නේ... හ්ම්ම්... මගේ විශ්වාසය බිඳිලා තියෙන්නේ ඔය දෙවල් ගැන නම් කොටින්ම කෙන්දරේ කියද්ද තරහා එනවා කොහෙන් එනවද මන්දා හැක් :) 

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් රට වටේම බොරුවනේ තියෙන්නේ.එකම දෙයියෝ එකවර තැන කියක සාස්තර කියනවද .. "D
      ඒත් දැන් මෙතන මෙයා මෙහෙම කියද්දී කොහොමද ඒක පැහැදිලිකරන්නේ?????
      මට තියෙන ප්‍රශ්නේ කොහොමද එහෙම කියන්නේ ???

      Delete
  6. මම ටිකක් විශ්වාස කරනවා.. අපි අදුරන කෙනෙක් ටත් ඔහොම පුළුවන්

    ReplyDelete
  7. කාමරේ හිටියේ පිටසක්වල ජීවියෙක් වෙන්න බැරි ද 🤔

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!