Pages

Subscribe:

Ads 468x60px

Tuesday, April 3, 2012

Revison ගිය කාලේ.........


මමත් සංසාරේ එපා වෙනකම් Revison ගිය කොල්ලෙක්නේ..:D 
ඒ කාලේ පොඩි ගතියකුත්  නැතුවාම නෙවෙයි. එත් ඉතින් අනේ මන්ද. 
ඒකාලේ මගේ දවසක්  මේ වගේ තමයි ගතවෙන්නේ.. 




පාන්දරම       ඇහැරින්නට
හීතලේට       වෙව්ලන්නට 
බැරිය තවත්     ඉවසන්නට   
හිතෙයි ගෙදර  නවතින්නට  

මුණ  ටිකක්   තෙමාගත්ත
බත් කටකුත්    ඔබාගත්ත 
තවත් එකක්     ඔතාගත්ත 
අදත් යන්න     හිතාගත්ත 

විනාඩියක් දෙකක් කලින් හෝල්ට් එකට    දුවාගත්ත  
පණ ඇද ඇද ආ බසයට යන්තම් හිස         ඔබාගත්ත 
එහෙට දුවල මෙහෙට දුවල සීට් එකක්    හොයාගත්ත 
දෙවි පිහිටෙන් පැයක් විතර යාන්තමට       නිදාගත්ත  


පටන්ගන්න ටිකකට පෙර clz එකට         පැනගත්තා 
කකුලක් නැති බංකු කෑල්ලක් හොයාන       ඉදගත්තා   
පොත ගෙනැල්ල නෑ වාගේ කොලයක් ඇදලා  ගත්තා 
මොනවද මොනවද කියනවා ටිකක් කුරුටු ගා  ගත්තා

විවේකයත් ලං       වෙන්නේ 
ගෙවල් පැත්ත   සිහිවෙන්නේ 
යාලුවෙකුත්   සෙට් වෙන්නේ 
පනින්නටයි     සැරසෙන්නේ 

පරණ Result එක සිහියට        එනවා 
අහපු කතන්දර  සිහියට            එනවා
අමුතු බයක් මගේ හිතට      දැනෙනවා 
ගෙදර ගියොත් නම් මට  කෙලවෙනවා  

ඔන්න ඔහේ මේ චුට්ටත් ඉදලම      යනවා 
ලියන්නනම්  බෑ අහගෙන විතරක්   යනවා 
විනාඩි දෙක තුනක් යද්දී නිදිමත     එනවා
ඔක්කොම ටික දමල  ගහල මම නිදියනවා 

පහයි කාල විතර වෙද්දි පන්තිය අහවර       වෙනවා 
හතිදාගෙන දුවල ගිහින් බස් රථයක      එල්ලෙනවා 
හිරවෙනවා ඇඹරෙනවා කැරකෙනවා    මිරිකෙනවා 
හත  හමාර  විතර වෙද්දී ආපහු ගෙදරට        එනවා 

දැන් ඉවරයි සැනසෙන්නට            නොහැකිනේ 
හෙට උදේම ආයේ යන්න                   ඕනනේ 
නිදනවා මම මෙන්න මෙහෙම            හිතමිනේ 
මොකටද මම ලංකාවේ                      ඉපදුනේ 

7 comments:

  1. රිවිෂන් ගිය කාටත් ඔය පරිප්පුව අමතක වෙන්නේ නෑ. .....
    දැන් නම් හිතෙනවා ගිහින් මොනවද කලේ කියලත් .....

    කවි කෑලි ටිකත් එල

    ReplyDelete
  2. ඒකනම් ඇත්තටම පරිප්පුවක්ම තමයි...:) ස්තුතියි සහෝ ..@harshana

    ReplyDelete
  3. කවි ටික කියවන කොට මේ හැම සිදුවීමක්ම මැවිලා පෙනුනා...කවි නම් හරිම ලස්සනයි.

    ReplyDelete
  4. ස්තුතියි අක්කේ .....:D

    ReplyDelete
  5. ටියුෂන් කියන්නේ අද ළමයින්ට අත්‍යවශය දෙයක් වෙලා මේ තරඟයට මුහුණ දෙන්න කාටත් සිද්ධවෙනවා.

    කවි සිතුවිලි ලස්සනයි

    ReplyDelete
  6. ඒකනම් ඇත්ත. ස්තුතියි....!!@දයානන්ද රත්නායක

    ඔව් අප්පා!:D @වර්ෂා

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!