Pages

Subscribe:

Ads 468x60px

Sunday, December 1, 2013

ආයෙමත් ආදරෙන් ......!!!!!!

                                                   

                 වෙලාවකට ජිවිතේ කියන්නේ හීන ගොඩක්.සමහර හීන,හීනයක්ම වෙලා නැතිවෙලා යනවා .සමහර හීන හැබෑවෙනවා .මට තිබුන හීන ගොඩක් අතරින් එහෙම හැබෑ කරගත්ත හීනයක් තමයි පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයට  ඇතුලත් වෙන එක .ඉතින් ඒකට ඇතුල්වෙලා අවුරුද්දකුත් ගත උනා නොදැනීම.

                 පහුගිය අවුරුද්ද තරම් (අවුරුද්දක් කිව්වට මාස නවයක් විතර ) වැඩ ගොඩක් කරපු අවුරුද්දක් තවත් නැතුව ඇති.කියල ඉවරකරන්න බැරිතරම් අත්දැකීම් ගොඩක් එක්ක,අලුත් යාලුවෝ ගොඩක් එක්ක,පේරාදෙණිය සරසවියේ සුන්දරත්වය විඳගත්ත ලස්සන අවුරුද්දක් තමයි මේ විදිහට ගෙවිලා ගියේ..ඒවා  මේවා අස්සේ මමත් ඈත අතීතයේ එක්තරා කාලෙක blog එකක් ලිව්වා කියල මට ලඟදි දවසක මතක් උනා.ඉතින් මේ දවස් ටිකේ නිවාඩු නිසා ඉස්සර වගේම කවියක් ,කතන්දරයක් ලියල දුක සැප බෙදාගන්න ඕන කියල මට හිතුනා .පහුගිය දවස් ටිකේ වැඩ ගොඩගැහුන නිසා එක බ්ලොග් එකක්වත් කියවන්නත් බැරි උනා.ඒ අත්හැරිච්ච විනෝදාංශය ආපහු පටන්ගන්නයි මම මේ ලෑස්ති වෙන්නේ..
එහෙනම් මම ගියා ..
හැමෝටම ජයවේවා !!!                                                                                                                                                 




                      

5 comments:

  1. අලුත් ඉංජිනේරු මහත්තයට අපේ සුභ පැතුම්! අධ්‍යාපන කටයුතු සාර්ථක ව කරගෙන යන්න ලැබේවා කියලා හදවතින් ම පතනවා :)

    ReplyDelete
  2. එහෙනම් ආයෙම නිදහස් වෙලාවට ලියමු.. අධ්‍යාපන වැඩ ප්‍රමුඛයි මලයෝ මොන දේ තිබුනත්..

    ReplyDelete
  3. අම්මෝ මල්ලිව දැක්ක කල්...මමත් මේ සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ එනකොට තමයි ඔයා ඇවිත් ඉන්නව දැක්කෙ. ඔයාගෙ ඉගෙනීමෙ වැඩ හොඳින් කරගන්න ගමන් බ්ලොග් එකත් ලියන්න..ඒක අත අරින්න එපා. ගොඩක් සතුටුයි ආයෙත් ඔයාව දකින්න ලැබුන එකට :)

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි ධාරා ... :) මම නම් ප්‍රර්ථනා කරන්නේ මේක ඉක්මනටම ඉවර වේවා කියල !!
    @ධාරා

    ඇත්තටම අයියේ ,සේරටම කලින් ඒවා ඉවරයක් කරගෙන එන්න එපැයි ...ඒත් එකදිගට කරනකොට ඒකත් හරිම නීරසයි අප්පා :)
    @Dinesh

    ReplyDelete
  5. heloooooo අක්කේ ...!!
    මමත් ආව ගමන්ම ඔයාගේ බ්ලොග් එක පැත්තේ ගියා .ඔයත් ගොඩක් කාලෙකින් මොකුත් ලියල තිබුනේ නෑ .ඉතින් මම හිතුව ඔයත් දැන් අතහැරලා ඇති කියල ...හරිම සන්තෝසයි ආයෙම ඔයත් ආව ඒක ගැන !!!
    @Chams අක්කා ..

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!