Pages

Subscribe:

Ads 468x60px

Wednesday, December 18, 2013

කවි කෑලි ..(2)

ඈත අතීතයේ එක්තරා දවසක බුකියේ කොටපු,තවත් පුංචි පුංචි එව්වා ටිකක් !!






1)අනේ අපොයි තේරෙන්නේ නැතිය....මට
   කැමතිද නුඹ නැතිනම් අකමැතිද........මට
   වෙලාවකට ඔය විදිහට රවන........කොට
   අම්මපල්ලා මිරිකන්නට හිතෙයි........කට













   2) Dear Kalu....

   උඹට ඕන විටදි නෙවෙයි, 
   අපිට ඕන විට බුරපන්... 
   උඹට පේන අයව නෙවෙයි, 
   අපි පෙන්නන අය හපපන්...!!


   3)කැම්පස් ගියපු මුල්ම දවස්වල ...   
     අඳුරන එකෙක් වත් නෑ නොවැ ළඟ...පාත 

     ඉන්න එවුන් ටික ඔක්කොම මල .....වාත 
     මහ රෑ නිදි නැතුව තනිවී දුර ............ඈත 
     පාලු මැකෙන්නට කියනව දුක් ..........ගීත 





  4)ආසාව.... 

   නුඹත් එක්ක අර පෙනෙනා සීත......වනේ 
   පුංචි පැලක් අටවාගෙන ඈත.......කොනේ 
   ඉන්න තිබේනම් කොච්චර සැපද.....අනේ 
   නුඹට එහෙම ආසාවක් නැතිද ........පනේ?














   5)පන්සල් ගියා ..!
   පෝයටවත් පන්සලකට නොයයි.....කියා 
   අම්ම ඇවිත් ඇතිවෙනකම් බැනල...ගියා 
   මෙච්චර කල් කල පව් හේදෙන්න...කියා 
   ඔන්න මමත් අද පන්සල පැත්තේ...ගියා








6)
   මාත් එක්ක අමනාපව උඹ.................. ඔහොම 
   කතා නොකර ඉන්නේ ඇත්තට.......... කොහොම
   හිනාවෙවී හිටියත් නුඹ ළඟ .................මෙහෙම
   මගෙ හිත රිදෙයි නුඹටත් වැඩියෙන්.... බොහොම
 









7)මෙච්චර වැඩ ගොඩක්!!! 


course work,tute,quizz අනං මනං...........අතර
එරිලා හොදටම මම දැන් කට ගාවට ..........විතර
තව මදිවට විභාග ඇත ඒ අතරින් ..............පතර
කවදානම් ඉවරවෙයිද මේ අවුරුදු ..............හතර
 








           8) විලි ලැජ්ජයි..!! සන්තෝසයි ..!!
         මොකෙක් දෝ එකෙක් මගේ පැත්තට... හැරිලා 
         ටිකක් වෙලා මගෙ කලිසම දෙස.......... බලලා 
         මොකක් දෝ කියන්නට වාගෙත් .......... හදලා 
         බකස් ගා හිනාවුනි අහකට................. හැරිලා
        
         මටත් ඉතින් නිකමට සැකයක් .............දැනිලා
         හොයල බැලුව මොකද සීන් එක .........කියලා
         පාර මැද්දේ කෑගැස්සුනි තරු ............පෙනිලා
         නුවර ඇවිත් තාමත් සිප් එක ...............ඇරලා









9)මැරෙන්න හිතුනු වෙලාවක් ...
ඉපදුන දා සිට මේ මනු ලොව.............. තුල
මෙතුවක් කල් මෙලෙසින් ගතකල....... කල
එලොව මෙලොව දෙකටම නැත කිසි... පල
මරණය ඇවිදින් මා අරගෙන.............. පල
 





















10)ඇයි මීට කලින් දැකල නැද්ද??? 

ඉඳල හිටල නුඹත් එක්ක මේ විදිහට...........ගෝරී 
දාගත්තත් අන්තිමේදී ඉන් මගේ  හද..............පෑරී 
සොවින් ගලන කඳුළු බින්දු නෙතු අතරින්.....බේරී 
මීට කලින් දැකලා නෑනේ 
මේ...........හිතුවක්කාරී





6 comments:

  1. ඔය තියෙන්නෙ..නියමයි! 3,4,5 තමයි මං ආසම කවි ටික...

    // ඉන්න එවුන් ටික ඔක්කොම මල වාත// මෙයාගෙ බැච් මේට්ස්ලා ටිකට මේක පෙන්නන්න ඕන ;)

    //කවදානම් ඉවරවෙයිද මේ අවුරුදු හතර// හිතනවට වඩා ඉක්මනට ඉවර වෙනවා මල්ලි....මටත් ඔය විදිහටම හිතුන කාලයක් තිබ්බා. ඒත් ඒ වැඩ ගොඩත් එක්කම ඒ අවුරුදු ටික හරිම ඉක්මනට ගෙවිල යනව. ඔයාගෙ අවුරුදු හතර ඉවර උනාම බලන්නකො මම කිව්වෙ බොරුද කියල :)

    ( ප.ලි: මේ...එහෙම වැඩ තියෙනව කියල කලින් වගේ බ්ලොග් එක අතැරලම දාන්න එපා හරිද..පුලු පුලුවන් වෙලාවට මේ වගේ කවි ටිකක් හරි දාන්න :) )

    ReplyDelete
  2. අදත් කවි ටික මරු :) මට පෙන්නේ මේ වගේ කවි ලියන්න කැම්පස් යන්න ම ඕනේ වගේ.

    ReplyDelete
  3. අලේ... පට්ටයි, සුපිරියි... හික්ස්

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Thank Youuu අක්කේ ..! :)))
    මුලින්ම ගිය දවස්වල කවුරුත් දන්නේ නෑනේ .ඒකයි එහෙම හිතුනේ .දැන් නම් අවුලක් නෑ ...

    ඇත්තටම කාලය යන ඉක්මන හිතාගන්නත් බැරිතරම්.අවුරුද්දක් ඉවරවෙලා දන්නෙම නැතුව... :)

    අනේ මන්දා .බලමුකෝ අක්කේ.හැබැයි පටන්ගත්තාම නම් මට මේ පැත්තේ එන්න හිතෙන්නෙම නෑ අප්පා :(
    @Chams අක්කා ..

    ReplyDelete
  6. ගොඩක් ස්තුතියි ධාරා ..ඇත්තටම නිකන් ඉන්න කාලෙකට වඩා හෙට exm කියල රත් වෙලා ඉද්දි කවි ලියවෙනවා වැඩියි !! :))
    @ ධාරා

    Thank you. .... යසිත් ... :))

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!