Pages

Subscribe:

Ads 468x60px

Monday, December 2, 2013

කවි කෑලි .... (1)

කම්මැලිකමට වගේ බුකියේ කුරුටු ගාපු කවි එකතුවක් !!

1) අනේ කුහුබුව          නේ 
    අපිටත් රජෙක් ඉන්   නේ 
    ඌට මඤ්ඤං          නේ 
    මොකදෑ කරන්        නේ.......???








2)පුන්සඳ තනිවී බබලයි අහසේ, 
   හරියට නුඹ වාගේ... 
   ඈතින් තරුවක් හිනැහේ රහසේ, 
   හරියට මම වාගේ... 


   තඩි බල්ලෙක් බුරනවා අපි දෙන්නට,
   නුඹේ අයියා වාගේ...
   කවදාවත් බෑ අපිව හපන්නට,
   බිරුවට ඔය වාගේ....






3)Result ආපු දවස ..,

ගාල කඩාගෙන     පැන්නා
අපි ඔක්කෝටම     ඇන්නා
මහින්දයෝ මුන්    දෙන්නා
දැන්වත් දාපන්       පන්නා








4)ඇය එනවිට ආයෙත් මේ පාරේ      හෙට 
   හෙමින් හෙමින් කිට්ටුවෙලා ඇය   ලඟට 
   ලස්සන මල් පොකුරක් දී ඇගෙ     අතට 
   අහනවා මං අකමැති ඇයි ඔයා        මට

සැරයක් කිව්වා තේරෙන්නේ නැද්ද    තොට
කියමින් ඇය කඩාගෙන පැන්නොත්   ඇඟට
ඇහුනද එක බලමින් වෙන කෙනෙක්   හට
දුවගෙන ඇවිත් හිමීට, රිංගනවා         ගෙට 










5)         හැමදාමත් වතුර              කලේ 
           හැඩට තියාගෙන          උකුලේ 
           නියර දිගේ පහල           වෙලේ 
           දුවන නංගි කොහෙදැ     බොලේ 

















6)     සුවඳ දෙන්න ලස්සන මල් කුමරියක්    වෙලා 
       සමනලයෙක් වී එන්නම් පියා සල        සලා 
       එලිය දෙන්න රෑ අහසේ තරු වැලක්    වෙලා 
       තනිය මකන්නට එන්නම් පුර හඳක්    වෙලා 








7)ෆෝන් ඒක කැඩුනා ...!!!
   මල කෙලියයි ආයෙත් මට කෙළ   වෙච්චි 
   බිමට වැටිලා ෆෝන් කට්ට කුඩු     වෙච්චි 
   තනිය මකන්නට කවුරුත් නැති     වෙච්චි 
   අලුත් එකක් අරන් දෙන්න          අප්පච්චි








8)  අපි පැනල ගිහින් බඳිමු රත්තරන් ..!!! 
  

        හඳපානේ නොහැකිද පැනලා     යන්ට 
        එමපානේ නරකද මගුලක්         ගන්ට 
        බැරුවානේ මැණිකේ තව ඉව     සන්ට 
        එනවානේ ළඟදිම නුඹ ගෙනි     යන්ට

11 comments:

  1. වදේ මෙන්න මෙයා ආපහු ඇවිල්ලා... මං හිතන් උන්නේ අභාවප්‍රාප්ත වෙලා ඇති කියලා... පී))))))) ඇත්තටම මොකෝ උණේ.අර ලීඩරශිප් පුහුණුව ගැන ලියපු ලිපිය හන්දා සිරගත වෙලා හිටියා නේද??

    ReplyDelete
  2. කැම්පස් ගිහින් අවුරුද්දක් නැති වුණාට අපූරුවට සරසවි කුරුටු ගී ටිකක් ගොතලා තියෙන්නේ :)

    ReplyDelete
  3. දෙයියෝ සාක්කි !!! මෙන්න වර්ෂා.... :) සැහෙන්න කාලෙකින් දැක්කේ ඉතින් ..
    මම කැම්පස් ගිහින් නන්නත්තාර උනානේ අප්පා.නිකන් හිරේ ගියා වගේ තමයි ...
    @වර්ෂා

    ReplyDelete
  4. ස්තුතියි ධාරා ...ඉගන ගන්න දේවල් වල තියෙන අප්පිරියාව කවියක් ලියල තමයි ඉතින් නැති කරගන්නේ .... @ධාරා

    ස්තුත්යි දිනේෂ් අයියේ ..... :)
    @දිනේෂ්

    ReplyDelete
  5. //ඇය එනවිට ආයෙත් මේ පාරේ හෙට // මේ කවිය කියවද්දි මතක් උනේ ඔයා අන්තිමට ලියපු "ඊයේ" කියන පෝස්ට් එක ;)
    ලස්ස්නයි මල්ලී කවි ටික.. මේකෙ පාර්ට් 2ත් ලඟදිම දාන්නකො..

    ReplyDelete
  6. තාමත් එදා වගේමයි අක්කේ .ඒක නිසා තාමත් තනිකඩයා ඉතින් ..හි හී ..
    ඔයාට ස්තුතියි ..අනිත් ටිකත් දාන්නම් ...
    @chams අක්කා

    ReplyDelete
  7. අෙඩ් මරු බං... කාෙලකින් රහ දැනුණා කවියක... තව ලියපංෙකා් මචෝ.

    ReplyDelete
  8. @Ano ස්තුතියි මචං ...තව ලියමු :)))))

    ReplyDelete
  9. පොටෝ කවි .. මමත් ලිව්ව කිපයක්.. දාන්න ඕනි :)

    ReplyDelete
  10. අනිවා දාහන් මචං ..මේකෙත් එක්තරා ආතල් එකක් තියෙනවා ...
    @සමි

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!