Pages

Subscribe:

Ads 468x60px

Sunday, December 8, 2013

නවක වදය (1) හා (2)

                                                                       
                                                                             නොබෝ දිනකින් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවාගැනීමට නියමිත අතර ඇතුලත් වීමට නියමිත දහස් ගණනක් සිසුන්ගේ මනසට වදදෙන එකම ප්‍රශ්නයක් තිබේ .එනම් නවකවදයයි ,මේ හේතුවෙන් රාජ්‍යවිශ්වවිද්‍යාල කරා ඇතුලත් නොවී පෞද්ගලික  විශ්වවිද්‍යාල කරා යොමුවෙන්නන්ද හිඟ නොවේ.නවකවද සිද්ධීන් නිසා ජිවිත හානි පවා වාර්තා වී ඇති බැවින්,මෙවන් ක්‍රියාදාමයක අවශ්‍යතාවක් සැබවින්ම තිබේද?මෙහි ආරම්භකයන් හා පවත්වාගෙන යන්නන් කවුද ?මෙය නතර කල නොහැක්කේ ඇයිද යන්න පිළිබඳව කතිකාවතක් ඇතිකළ යුතුව තිබේ.මේ විමසුම ඒ වෙනුවෙනි.
           

  • නවක වදය (1 )



                             රටේ උගතුන් බිහිවන ස්ථානයක් යැයි සැලකෙන සරසවි තුලට මෙවන් ප්‍රාථමික,ජුගුප්සාජනක ක්‍රියා පිළිවෙලක් ඇතුල් වූයේ කෙසේදැයි සිතා බැලීම වටි.විවිධ පීඨ තුල විවිධාකාර වේශයන්ගෙන් පැවතියද, මෙහි  මූලික අරමුණු වශයෙන් පවතින්නේ,නවක සිසුන් ජේෂ්ඨ සිසුන්ට අවශ්‍ය පරිදි හීලෑ කරගැනීමත් යම් යම් දේශපාලන පක්ෂ වල අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයේ මොළ ශෝදනයට ලක්කළ රූකඩ බිහිකරගනිමත් මිස අන් කිසිවක් නොවේ.
                                                                             විවිධාකාර ප්‍රදේශයන්ගෙන් පැමිණි නානාවිධ පුද්ගලයන් සම තැනකට ගැනීම නැමති පවිත්‍ර වූත් එපමණකටම හාස්‍යජනක වූත් චේතනාව පෙරදැරිව ඇරඹෙන මෙම ක්‍රියාවලිය මානසික අසහනකාරින්ගේ රඟ මඩලක් බවට පත්වීමට ගතවන්නේ කෙටි කලකි.(මේ කරුණ අපේ පීඨය තුල මේ වනවිට ඉතාම අවම මට්ටමක පැවතීම සතුටට කරුණකි)නිවසින් බැහැරව දහසක් බලාපොරොත්තු කරපින්නාගෙන අලුත් අත්දැකීමක් ලබා ගැනීමට පැමිණි, (බහුතරයක්)අහිංසක සිසුන්,නේවාසිකාගාර තුල ගාල් කොට තබාගෙන පරුෂ වචනයෙන් බනිමින්.අප්‍රමාණ මානසික පිඩාවන්ටද එයින් නොනැවතී ශාරීරික පිඩාවන්ටද ලක්කරමින් තමන්ගේ විකෘති මානසික තත්වයන්ද,හීන පෞරුෂයන්ද මොනවට ප්‍රදර්ශනය කරමින් මාස ගණනක් රඟ දැක්වෙන මේ නාටකය අවසානයේ, ඉහත දැක්වූ පරිදි මොළ සෝදාගත් කිහිපදෙනෙකු හෝ බිහිවීම නොවැලක්විය හැකිය .සමහර පීඨයන්හි ජේෂ්ඨ සිසුවියන් පවා නවක සිසුවියන්ට අසභ්‍ය වචනයෙන් බනිමින් ඉතාමත් හිංසාකාරී ලෙස  නවකවදය ලබාදෙන අන්දම පිළිකුල් සහගතය .කෙසේ හෝ අවසානයේ තමන් ලැබූ කටුක අත්දැකීම නැවත පැමිණෙන නවක සිසුන්ටද ලබා දීමේ මානසිකත්වයක් ඇතිකෙරෙන අතර එමගින් මෙම ක්‍රියාවලිය දිගින් දිගටම පවත්වාගෙන යනු ලැබේ.මෙම කාලය තුල තමන් පැමිණ සිටින්නේ විශ්ව විද්‍යාලයකටද නැතහොත් පිස්සන් කොටුවකටද යන්න තෝරාබේරා ගැනීමේ නොහැකියාවකින් බහුතරයක් සිසුන් පෙලෙන බව නොකිව මනාය.අවසාන වශයෙන් කිවයුත්තේ ශිෂ්ට සමාජයකට කිසිසේත්ම නොගැලපෙන මෙම අශිෂ්ට ක්‍රියාවලිය මුලිනුපුටා දැමීමට අදාල අංශ වහාම පියවර ගත යුතු බවයි .





  • නවක වදය (2) 
      කවුරුන් කුමක් කෙසේ පැවසුවද නවකවදය ලෙස හඳුන්වන මෙම ක්‍රියාවලිය සකස් කිරීමේ හෙවත් අනුගත කිරීමේ ක්‍රියාවලියක් මිස අනෙකක් නොවේ.දිවයිනේ නන් දෙසින් පැමිණෙන විවිධාකාරයේ සමාජ මට්ටම්වල විවිධ අදහස් ඇති සිසුන් සියලු දෙනාම එකම කුලකයකටගොනු කර ගැනීමට එනම් විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුලට අවශෝෂණය කර ගැනීමට මෙයට වඩා සුදුසු ක්‍රියා මාර්ගයක් නොමැත.
                                                                              විවිධ විෂමතාවයන් මෙන්ම උස් මිටිතැන්ද  සමනය කොට කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමටත්, හඳුනාගැනීම් තුලින් එකිනෙකා කෙරෙහින් සංවේදී භාවයක් ඇතිකිරීමටත් මෙම ක්‍රියාවලිය ඉවහල් වෙයි .විශ්වවිද්‍යාලය යනු ස්වයං විනය රැක ගැනීම තුලින් සමස්ථ පද්ධතිය පාලනය වන ආයතනයකි .එම නිසා එම පද්ධතිය පිලිබඳ අවබෝධයක් ලබාදීම ,ස්වයං විනය ඇතිකරගැනීමට මඟ පෙන්වීමක් ලබාදීම මෙයින් සිදුවේ .සිසුන් හා සිසුවියන් තුල සහෝදරත්වය වර්ධනය කිරීමත් කටුක සරසවි දිවියටසිසුන් සුදානම් කිරීමත් මෙමගින් අපේක්ෂිතය.ඒ අනුව නවක වදය යනු සරසවියක පැවැත්මට අතවශ්‍ය වන ක්‍රියාදාමයක් හා  රසවත් අත්දැකීමක් මිස බියවිය යුතු හෝ සැක සංකා ඉපිදිවිය යුතු යමක් නොවේ .




නවක වදය =?????????????????????

13 comments:

  1. නවක වදය කියන දේ ක්‍රියාත්මක වෙන විදිහෙයි වැරැද්ද තියෙන්නේ..

    ReplyDelete
  2. 1 මචන් අනිවාර්යයෙන්.මොකද කියනවනම් කවුරු හරි ලම්යෙක් විශ්ව විද්්‍යාලයකට ඇතුල් වෙන්නෙ අවුරුදු 13ක මහන්සියකින් පස්සෙ.එහෙම ඉගෙන ගන්න අවුරුදු 13 දි ඒ ලමය කරන කැපකිරීම් බොහොමෛ.එ වගේම තරගකාරී ලාංකීය විබාග රටාවට අනුව විශ්ව විද්‍යාල වලට තේරෙන්නෙ අතලොස්සක් වූ දක්ෂයන් ප්‍රමාණයක්.පහැදිලිවම ඔවුන් තමා ලංකාවෙ බුද්දිමය සාරය.නමුත් මේසා විශාල කැප කිරීමක් කරමින් වසර 13ක් දුක් විදිමින් පැමිණන ඒ බුද්ධිමය සාරයට විශ්ව විද්‍යාලයට ඇතුල් වීමෙදි නම් ලැබෙන්නෙ ඒ තරම් හොද පිලිගැනීමක් නෙමේ.ඒකට මූලිකම හේතුවනම් අන්තරය නැමති හීනමානයෙන් පෙලෙන්නන් නඩයක් විසින් අටවාගත්තක් විසින් නවක අනුගත කිරීමෙ ක්‍රියාවලිය යන බැටලු හමින් වසාලූ සරල වචනයෙන් කියනවානම් නවක වද ක්‍රියාවලිය මගින් කායිකව ,මානසිකව එසේ ඇතුලු වන්නන් පෙලීම නිසයි. නවක වදය ගැන එය ක්‍රියාත්මක කරන්නවුන්ගේ මතය වනුයේ එය විශ්ව විද්‍යාල උප සංස්කෘතිය මගින් එන ඉතා සංකීරණ මානසික ක්‍රියාවලියක් බවයි.නමුත ඇත්ත කරුණ නම් නවක වදය එසේ නොකඩවා දිගටම ක්‍රියාත්මක වන්නේ යම් පිරිසක් තමන්ට පෙර වසරේ ලැබුණු ඒ කායික හා මානසික පීඩනය ඊලග වසරේ එන නවකයන් පිටින් පිරිමසා ගැනීම නිසයි.නවක වද සමය තුල බොහෝ දුරට නවකයන්ගේ මනස ශෝදනකට ලක්කරනු ලබයි.ඉන්පසු ඒ තුලට අන්තරයේ අන්තවාදී මත කවනු ලබයි.විශ්ව විද්‍යාල තුලින් රට බලාපොරොත්තු වනුයේ නිදහස් චින්තකයෙකි.නමුත් නවක වදයෙන් පසු බිහිවනුයේ කාට හෝ කඩේ යන සමූහයකි. වෙලාව මදි නිසා මම මේතනින් මෙක ඉවර කරන්නම්.ඒත් මේ ගැන ගොඩක් විස්තර තවත් කොමෙන්‍ටුවකින්ම දාන්නම්!!!

    ReplyDelete
  3. මම දෙවෙනි කාරනයට එකගයි පලමු එකත් සමහර අවස්තා වලදි වෙන්න පුලුවන් ඒත් දෙවෙනි කරුන තමා මූලිකවම නවකවදයේ අරමුණ

    ReplyDelete
  4. සහතික ඇත්ත කතාව.. ඕක ජෙප්පොන්ට පු.. දෙන නපුංසක‍යන්ට හැර අනිත් ඕනම කෙනෙක්ට තේරෙන දෙ‍යක්.. නවකවධ‍ය තුරන් වෙනවානම් ලොකු දෙ‍යක්.

    ReplyDelete
  5. දෙවෙනි කොටසෙදි කියනවනෙ //නවක වදය යනු රසවත් අත්දැකීමක් මිස බියවිය යුතු හෝ සැක සංකා ඉපිදිවිය යුතු යමක් නොවේ// කියලා.ඒක එහෙම නොවෙන එකනෙ තියෙන ප්‍රශ්නෙ. මේ නවක වදය නිසා ජීවිත අහිමි උන අය වගේම දරුණු විදිහට හිංසනයට ලක් වුනු අයත් ඉන්නවා.

    අනිත් අතට කෙනෙක්ව සරසවි ජීවිතයට හුරු කරන්න නවක වදය අවශ්‍යම නෑ. කොහොමත් කාලයක් යනකොට ඕනම කෙනෙක් ඒ ජීවිතේට හැඩ ගැහෙනවා.

    ReplyDelete
  6. මමත් යන්න ඉන්නෙ .. කටුක නොවේවා!!

    ReplyDelete
  7. ano 1... දෙවෙනි විදිහ වැඩිවේවා කියල අපිත් ප්‍රර්ථනා කරනවා :)

    @Dinesh අයියා ..මිනිස්සු එක්කෙනෙක් අනික් කෙනාට වඩා කොච්චර වෙනස්ද?එක එක්කෙනාට තියෙන්නෙ එක එක අදහස් .ඉතින් හරි විදිහට නවක වදය දීමක් කියල එකක් කොහොම බලාපොරොත්තු වෙන්නද ..තම තමන්ගේ ඕනෑ එපාකම්ඉටුකරගන්න එක තමයි වෙන්නෙ :(

    ReplyDelete
  8. @ano 2 ... ගොඩක් ස්තුතියි මචං වටිනා අදහස් වලට !මේක කොහොම ඇති උනාද කියල නම් දන්නේ නෑ.ඒත් දැන් නම් ඕන කෙනෙකුට තේරෙනවා මොකද්ද වෙන්නේ කියල.එක එක වෙස් මූණු දාගෙන ආවට මේක තනිකරම බංකොලොත් පක්ෂවල පෝස්ටර් ටික ගහගන්නයි පාරේ බෙරිහන් දෙන්නයි ළමයි හොයාගන්නයි කරන නින්දිත වැඩක් වෙලා ඉවරයි .අන්තිමට උඹ කිව්වා වගේ මෙලෝ සිහියක් නැතුව අන්ධයෝ වගේ ඒ පක්ෂවලට කඩේ යන එවුන් රැලක් බිහිවෙනවා.
    මේ පීඩනය දරාගන්න බැරුව කැම්පස් අත හරින,අසනීප වෙන අය ඕන තරම් දැකල තියෙනවා .අනාගතෙදිවත් කැම්පස්වල ඉන්න මානසික ලෙඩ්ඩු අඩුවෙලා දියුණු මිනිස්සු ටිකක් ඇතිවෙයි කියල හිතනවා ......

    ReplyDelete
  9. @නාට්‍යකාරයා .... හැම දේකම හොඳ අරමුණ විතරක් ඉෂ්ට වෙනවනම් කොච්චර හොඳද ?හැංගිච්ච අරමුණු ඉටුකරගන්න ලස්සන අරමුණු ටිකක් ඉස්සරහට දාගෙන වැඩකරන එක තමයි කරුමේ ..

    @Ruwan ..ඔව් මචං .හැබැයි දැන් ටික ටික අඩුවෙනවා ..බලමු ඉස්සරහට ... :)

    ReplyDelete
  10. @Chams අක්කා ..අපොයි ඔව් ..නවක වදය ඕනමයි කියන්නේ මල විහිළුවක් !අනික් අයට වද දෙන්නේ මොන කෙහෙල්මලටද ..කොහොම උනත් අර උඩදී කිව්ව එක එක හේතු නිසා මේක දිගින් දිගටම ඇදිල යන එක නවත්තන්න බෑ වගේ :(

    @සමී .... අවුලක් නෑ බං ..වැඩේ කැතයි.ඒත් වැඩිය ගණන් ගන්නේ නැතුව හිටු.උඹ යන පැත්තේ අවුලක් නෑ එච්චර

    ReplyDelete
  11. 2 ත් ඇත්තක් තියනවා. හැබැයි එකතරා සීමාවක් තුල ක්‍රියාත්මක උනොත් විතරයි. එහෙම වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඒ නිසා එකඟ වෙන්න වෙන්නේ 1 ත් එක්ක තමයි.

    ReplyDelete
  12. හ්ම්ම්ම් ..එහෙම සීමාවල් නම් කොහොමටත් තියෙන්නේ නෑ .චූටි හොඳක් එක්ක නරක ගොඩක් !!
    @සයුරි

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!