Pages

Subscribe:

Ads 468x60px

Wednesday, January 30, 2013

අලුත් විදිහට මාල කැඩීම...!




                                ඉස්සර අපේ රටේ මුළු සර්වාන්ගෙම වැහෙනකම් කැරට් 24 පිරිසිදු රත්තරන් වලින් හදපු මාල,වළලු,මුදු,කරාඹු,පාදගම්,පාසලඹ,පාදජාලා කියන ස්ත්‍රී අභරණ පැළඳ ගත්තු තනිකඩ ලලනාවියකට මහ දවාලේ පයින් ඇඟේ එක රෝම කුපයකටවත් හානි වෙන්නේ නැතුව දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා ගිහින් ආපහු එන්න පුළුවන් කම තිබුනා කියල කවුදෝ කියනවා මට ඇහිලා තියෙනවා.එහෙව් රටේ දැන් නම් මාලයක් දාගෙන තනිපංගලමේ අඩි දහයක් වත් යන්න බැරි තත්වයක් උදාවෙලාදෝ කියල මට හිතෙනවා.
                                                      පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත මාල වළලු කඩාගන්න සිද්ධි පුදුම විදිහට වැඩිවෙලා.බයික් එකකින් ඇවිත් මාල කඩාගන්න සිද්ධි තමයි 90%ක්ම තියෙන්නේ .මුලින් මුලින් තනියම පාලු පාරවල් වල යන එන අය තමයි බොහෝ දුරට මේකට ගොදුරු උනේ.ඒත් දැන් දැන් දෙනෝ දාහක් මැද්දේ කිසිම ගානක් නැතුව කඩාගෙන යනවා.අපේ නැන්දා කෙනෙකුගෙත් ගිය අවුරුද්දේ පාරේ යනකොට බයික් එකෙන් ආපු දෙන්නෙක් පිහියක් පෙන්නලා මාල වළලු ගලවගෙන තිබුනා.
                               
    ඉතින් මම මේ පොස්ට් එක ලියන්න හිතුවේ ඊයේ අහපු අමුතුම මාල කැඩිල්ලක් නිසා.මේක සිද්ධ උනේ අපේ අසල්වැසියෙකුගේ ඥාතියෙකුට.ඒ අක්ක වැඩට යන්න බස් හෝල්ට් එකට වෙලා ඉන්නකොට බයික් එකකින් ආපු මනුස්සයෙක් එකවරම එයාට හොඳටම බනින්න පටන් අරන් තියෙනවා හරියට ඒ මනුස්සයාගේ නෝනට බනිනවා වගේ.ඒ කියන්නේ මෙන්න මෙහෙම...."තමුසේ ළමයි ටිකත් දාල කොහෙද මේ උදේ ඉඳන් ඇවිදින්නේ","මම මේ උදේ ඉඳන් හොයනවා..ඒ මදිවට මේකි සල්ලියි රත්තරන් බඩුයි ඔක්කොම අරන් ඇවිල්ල"..(මොනවද මේ කියවන්නේ කියල අර අක්කා දැන් සම්පුර්ණයෙන්ම හොල්මන් වෙලා)එහෙම කියල මේ මිනිහා එයාගේ මුණට දෙකතුනක් ගහලා..ඒත් එක්කම මෙහාට දෙනවා ඔය මාලේ කියල ඒකත් කඩාගෙන යන්න ගිහිල්ලා..!!!
                      වටේ පිටේ හිටිය මිනිස්සු ඔක්කොම හිතල තියෙන්නේ මේක පවුලේ ප්‍රශ්නයක් කියල..ඒකනිසා කවුරුත් ලඟට ඇවිත් නෑ.පස්සේ මේ අක්ක කෑගහනකොට තමයි ටික ටික මිනිස්සු ඇවිත් අහල තියෙන්නේ එයා ඔයාගේ මහත්තයා නෙවෙයිද? මොකද මෙතන උනේ කියල.එතකොට අර මිනිහ ගිහින් ඉවරයි .අක්කගේ මූණ සීරිලා තොල පැලිලා.හැබැයි වෙලාවට ඒ මාලේ රු 100 ක ඉමිටේෂන් එකක් !!එක නිසා අවුලක් නෑ..

                                                දැන් මේ ජිවන වියදම ඉහල යන විදිහට මේ වගේ සිද්ධි ඉස්සරහට තව ගොඩක් වැඩිවෙයි.ඒක නිසා ඔය  රත්තරන් බඩු දාගෙන පාරේ යන අක්කලා නංගිලා ගොඩක් සැලකිලිමත් වෙන්න වෙයි .දැන් ගොඩක් අය කරනවා වගේ ඉමිටේෂන් බඩු දාගෙන ගියානම් හරි.හැබැයි ඉමිටේෂන් දාගෙන ගිහින් කවුරුහරි කඩාගත්තොත් පැත්ත පළාතේ ඉන්නේ නැතුව ඉක්මනටම මාරු වෙන්න.එක පාරක් මේ පැත්තේ ඉස්කෝලෙක ටීචර් කෙනෙක් උදේ වැඩට එනකොට මාලේ කඩාගෙන.එක ඉමිටේෂන් එකක්.බයික් එකේ ආපු හොරුදෙන්නා ඒක ඉමිටේෂන් කියල දැනගෙන විනාඩි දෙකතුනක් ඇතුළත ආපහු ඇවිත් අර ටීචර්ට හොඳටම ගහලා තිබුන කේන්තියට ..!!කොහොම උනත් අවසානේ කියන්න තියෙන්නේ පාරේ යනකොට බොහෝම පරිස්සම් වෙන්න කියලයි ... :)

19 comments:

  1. අපි පරිස්සම් වෙන්න ඕනි තමයි. ඒත් වෙන්න ඕනි මාල හොරු අල්ලලා දෙකක් දීල ලක්ෂ විස්සක විතර දඩයක් ගහල අව්රුද්දකට දෙකකට හිරේ යවන එක.
    සිංගප්පූරුවේ පොදු ගමනාගමන සේවා වල යනකොට වතුර බිව්වොත් දඩුවම ඩොලර් දාහක විතර දඩයක්. අන්න එහෙම තේරෙන්න දඩ ගහන්න ඕනි.

    ReplyDelete
  2. හප්පේ ඔය මාල කැඩිල්ලනම් අපේ පැති වලත් ජයටම කෙරෙනවා... පහේ කාසි වලින් හදපු ඉමිටේෂන් මාලයක් දා ගෙන ගියානම් හරි..

    CSK LANKA

    ReplyDelete
  3. මාලෙ කඩාගෙන යනව මදිවට තව ගහලත් යනවද...පුදුම වැඩක්නෙ ඒක :O

    ReplyDelete
  4. මට නං කිසි කරදරයක් නෑ.මොකද මම රත්තරන් තියා ඉමිටේෂන්වත් කිසිම ආභරණයක් දාන්නැති නිසා..

    ..ඇයි යකෝ සල්ලි දීල නිකං අතපයේ කන්වල බරවල් එල්ලන් ඉන්න ඕනයැ....P

    ReplyDelete
  5. උඹ කියන්නේ මචන්, දැන් කොල්ලෙක්ට පාරේ බැහැලා යන්නත් බෑ බන්. හිඟන කොල්ලෝ සෙට් ඉන්නවා, උන් සල්ලි ගසා කන්නේ අමුතුම විදිහකට. ලඟට ඇවිත් හෙන පට්ටන්දරයක් කියනවා "මචන් 50 දියන් බස් එකේ යන්න, පර්ස් එකවැටුනා." අනම් මනම් කෙප්ප කියල කොහොම හරි කඩා ගන්නවා. නොදී එන්නත් බෑ, පස්සෙන් එනවා බන්. උඹලටත් අහුවෙලා ඇති.

    ReplyDelete
  6. උඹ කියන්නේ මචන්, දැන් කොල්ලෙක්ට පාරේ බැහැලා යන්නත් බෑ බන්. හිඟන කොල්ලෝ සෙට් ඉන්නවා, උන් සල්ලි ගසා කන්නේ අමුතුම විදිහකට. ලඟට ඇවිත් හෙන පට්ටන්දරයක් කියනවා "මචන් 50 දියන් බස් එකේ යන්න, පර්ස් එකවැටුනා." අනම් මනම් කෙප්ප කියල කොහොම හරි කඩා ගන්නවා. නොදී එන්නත් බෑ, පස්සෙන් එනවා බන්. උඹලටත් අහුවෙලා ඇති.

    ReplyDelete
  7. @දූපත් වැසියා ...ඒක සහතික ඇත්ත ..දැනෙන දඬුවමක් දෙන්නේ නැති නිසා පටන් ගත්ත අය දිගටම මේවා කරගෙන යනවා.නීතියෙන් සලකන්නේ නැතිනිසා මේ පැත්තේ නම් මිනිස්සු හොඳට සලකනවා ඔහොම හොරු අහු උනාම :)

    @chinthaka ..අනිවා මචං.ඒක තමයි කරන්න තියෙන හොඳම වැඩේ.දැන් ගොඩක් අය එහෙම කරනවා ..

    ReplyDelete
  8. @chamz අක්කා .ඔව් අක්කේ.බෙල්ල කඩල හරි මාලේ ගලවගෙන යන හොරු තමයි දැන් ඉන්නේ ..ගොඩක් අය එන්නෙත් පියවි සිහියෙන් නෙවෙයිනේ.අනන් මනං පාවිච්චි කරලනේ ..

    @Timathu ~ ටික්කා ..එකනේ ..මේවා අපි කවදා නම් අහපුවද .. :D

    ReplyDelete
  9. @වර්ෂා..හැබෑට එහෙම කලානම් කිසි අවුලක් නෑ නොවැ .. :))
    හැබැයි එහෙම අය හොයාගන්න දුර්ලභයි ...

    @පැතුම් [සිතුම් පැතුම්]...අනිවා මචං .කෑගල්ලේදි දෙතුන් වතාවක් අහුවෙලා තියෙනවා.ඒක නම් මල වදයක් ..ඇයි බන් දෙනකන් පස්සෙන් එනවනේ ටවුන් එක මැද !!

    ReplyDelete
  10. හොරාට මාර ටැලන්ට් එකක් නෙහ් තියෙන්නෙ ;)..බෙල්ල පරිස්සන් කරගන්න ඇහැකි ඉතින් ඕව නැති තරමට :(

    ReplyDelete
  11. මාර හොරු නේ මුන්. අපි වුනත් ඔහොම එකක් දැක්කට මැද්දට යන්නේ නෑනේ. කොහොම වුනත් අත්‍යවශ්‍ය නැත්නම් ජුවලරි සාප්පු ගෙදර තියල යන එක තමයි හොඳ.

    ReplyDelete
  12. දූපත් වැසියා: සිංගප්පූරුවෙ එහෙම නීතියකුත් තියෙනවද? අදනේ දන්නේ... මීට කලින් කවුරුවත් කියලත් නැහැ... මං අහල තිබ්බේ එහෙ චුවින්ගම් කන්න බැහැ, තැන් තැන් වල කුණු දාන්න බැහැ කියල විතරයි...

    ReplyDelete
  13. මාල කැඩිල්ල දැන් හැම තැනම . මම දන්න එකෙකුත් හම් ලගදි මාලයක් කඩලා හොදට ගුටිකාලා තිබ්බා , මෝඩ යක්කු

    ReplyDelete
  14. @ඉසුරු සම්පත් ..ඔව් බන් .මරු බඩු දැන් ඉන්නේ.ඔච්චර හොඳට රඟපාන්න පුළුවන් එකේ නළුකමට වත් බැස්සනම් ගොඩම තමා.


    @Chandana..මිනිහ දැන් ඔය විදිහට සැහෙන්න මාල ගලවල ඇති!!ඕව ගෙදර තියලා යනවනම් මොකුත් අවුලක් නෑ තමයි ..

    ReplyDelete
  15. @අහවලා...දැන් සල්ලි නැතුව මෙලෝ දෙයක් කරන්න බෑනේ.මිනිස්සු ලේසි ලේසි විදිහට බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න පුරුදුවෙලා..නීතියවත් තදට තියෙනවනම් මේවා ටිකක් හරි නැවතෙයි ..

    @අටම්පහුර ..ගුටිත් කනවා.හිරෙත් යනවා.ආයේම ඇවිල්ල ඒකම කරනවා !අනේ මන්ද ඉතින් ..

    ReplyDelete
  16. අම්මියෝ.... මෙහෙම මාල කඩිල්ලක් ගැන මම ඇහුවමයි.....

    ReplyDelete
  17. @සමනළීඅක්ක ...කියල වැඩක් නෑ අක්කේ. තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ..

    @Yasiru Udana ...ස්තුතියි සහෝ..

    ReplyDelete
  18. අද කාලෙට ගැලපෙන එකක්

    ReplyDelete

මේ පැත්තේ ආවට ස්තුතියි යාලුවනේ ...!!