මමත් සංසාරේ එපා වෙනකම් Revison ගිය කොල්ලෙක්නේ..:D
ඒ කාලේ පොඩි ගතියකුත් නැතුවාම නෙවෙයි. එත් ඉතින් අනේ මන්ද.
ඒකාලේ මගේ දවසක් මේ වගේ තමයි ගතවෙන්නේ..
පාන්දරම ඇහැරින්නට
හීතලේට වෙව්ලන්නට
බැරිය තවත් ඉවසන්නට
හිතෙයි ගෙදර නවතින්නට
මුණ ටිකක් තෙමාගත්ත
බත් කටකුත් ඔබාගත්ත
තවත් එකක් ඔතාගත්ත
අදත් යන්න හිතාගත්ත
විනාඩියක් දෙකක් කලින් හෝල්ට් එකට දුවාගත්ත
පණ ඇද ඇද ආ බසයට යන්තම් හිස ඔබාගත්ත
එහෙට දුවල මෙහෙට දුවල සීට් එකක් හොයාගත්ත
දෙවි පිහිටෙන් පැයක් විතර යාන්තමට නිදාගත්ත
පටන්ගන්න ටිකකට පෙර clz එකට පැනගත්තා
කකුලක් නැති බංකු කෑල්ලක් හොයාන ඉදගත්තා
පොත ගෙනැල්ල නෑ වාගේ කොලයක් ඇදලා ගත්තා
මොනවද මොනවද කියනවා ටිකක් කුරුටු ගා ගත්තා
විවේකයත් ලං වෙන්නේ
ගෙවල් පැත්ත සිහිවෙන්නේ
යාලුවෙකුත් සෙට් වෙන්නේ
පනින්නටයි සැරසෙන්නේ
පරණ Result එක සිහියට එනවා
අහපු කතන්දර සිහියට එනවා
අමුතු බයක් මගේ හිතට දැනෙනවා
ගෙදර ගියොත් නම් මට කෙලවෙනවා
ඔන්න ඔහේ මේ චුට්ටත් ඉදලම යනවා
ලියන්නනම් බෑ අහගෙන විතරක් යනවා
විනාඩි දෙක තුනක් යද්දී නිදිමත එනවා
ඔක්කොම ටික දමල ගහල මම නිදියනවා
පහයි කාල විතර වෙද්දි පන්තිය අහවර වෙනවා
හතිදාගෙන දුවල ගිහින් බස් රථයක එල්ලෙනවා
හිරවෙනවා ඇඹරෙනවා කැරකෙනවා මිරිකෙනවා
හත හමාර විතර වෙද්දී ආපහු ගෙදරට එනවා
දැන් ඉවරයි සැනසෙන්නට නොහැකිනේ
හෙට උදේම ආයේ යන්න ඕනනේ
නිදනවා මම මෙන්න මෙහෙම හිතමිනේ
මොකටද මම ලංකාවේ ඉපදුනේ
රිවිෂන් ගිය කාටත් ඔය පරිප්පුව අමතක වෙන්නේ නෑ. .....
ReplyDeleteදැන් නම් හිතෙනවා ගිහින් මොනවද කලේ කියලත් .....
කවි කෑලි ටිකත් එල
ඒකනම් ඇත්තටම පරිප්පුවක්ම තමයි...:) ස්තුතියි සහෝ ..@harshana
ReplyDeleteකවි ටික කියවන කොට මේ හැම සිදුවීමක්ම මැවිලා පෙනුනා...කවි නම් හරිම ලස්සනයි.
ReplyDeleteස්තුතියි අක්කේ .....:D
ReplyDeleteටියුෂන් කියන්නේ අද ළමයින්ට අත්‍යවශය දෙයක් වෙලා මේ තරඟයට මුහුණ දෙන්න කාටත් සිද්ධවෙනවා.
ReplyDeleteකවි සිතුවිලි ලස්සනයි
අලේ..පව් අප්පා!
ReplyDeleteඒකනම් ඇත්ත. ස්තුතියි....!!@දයානන්ද රත්නායක
ReplyDeleteඔව් අප්පා!:D @වර්ෂා