යටගිය දවස සිරිලංකාදිපයෙහි මලින්ද රාජුපක්ෂ නම් රජ කෙනෙකුන් දැහැමින් හා ඉතා සෙමින් රාජ්‍ය කරන සමයේ එරට සියලු තක්සලාවන්ට අධිපතිව දළු බණ්ඩාර නම් එක ඇමැත්තෙක් විසුහ .ඌ තුමූ නුවණ නැත්තාහ.ඉතා මූඪය.කට වාචාලය.එයිදු තෙමේ වචාලයා හෙයින්ද උපායෙහි බුහුටි හෙයින්ද රජු රවටා සියලු සම්පත් ඇරගෙන කල් ගෙවන්නේය. දිනක් මේ දළු බණ්ඩාරයා සිතන්නේ,මෙකල මෙරට තක්සලාවන්හි සිසුන් නම් ආවේගශිලිහුය.කාර්යයෙහි සූරය.එහෙයින් මතු කලෙක මුන් අපිට එදිරිව ගියමනාය.මුන්ගේ හිස දැන්ම බෑ යුතු යයි සිතා ලීඩරසීපය නම් උපායක් කල්පනා කළහ.ඒ කෙසේද යත්:- සියලු සිසුන් වනමැද මහා කඳවුරක ගාල් කොට පියා නේක විධික්‍රම මගින් උන් මහත් සේ භය ගන්වා උන්ගේ බල බිද, තම බහට නැමියා වූ රූකඩයන් බවට පත් කිරීම යැයි දත යුතු.
මෙකල කල්යාණන්දයායැ,වජිරයායැ,හරූනායැ යි තිදෙනෙක් මිත්‍ර සන්ධානයෙන් කල් ගෙවන්නේ උන්ටද අසුවල් දවස අසුවල් තැනට එවූයයි රාජ අණ ලැබුහ .උන් තිදෙනාද රාජ අණ හෙයින්ද,කඩ කලොත් නපුරක් හෙයින්ද,එමෙන්ම යාම් මිස ඒම් විශ්වාස කටයුතු නොවන හෙයින්ද සිය දෙමාපිය ඥාති හිතමිත්‍රාදින්ගෙන් සමුගෙන බොහෝ දුක සේ නියමිත දින කඳවුරට වැදුනාහ.
ඒ කඳවුරෙහි තතු නම් මෙසේයැ.අඟලක් අඟලක් පාසා තුවක්කුයැ,කාලතුවක්කුයැ,බෝම්භයැ,කිනිසියැ,පොලුයැ ආදී වූ පන්චායුධයෙන් සන්නද්ධ වූ,උකුසු නෙත් ඇති නොසෙල්වෙන රූ ඇති,සද්දන්ත යුධ භටයෝය.පිටතින් බැලූකල පළමුව ස්වාසිලන්ත ජනපදයෙන් ගෙන්වූ මහා දැති මෝරුන් හා හැල කිඹුලන් ගහන දිය අගලක්ය .ඉක්බිති නයින්,මුගටින්, පිඹුරන්, ඇනකොන්ඩාවන් ගහන මහා කලල් අගලක්ය.ඉන් ඔබ්බේ අසූ රියනක් උසැති නවරියනක් පළලැති මහා පවුරක්ය.අවටතෙරක් නොපෙනෙන නිල් වන රේඛාවය.ඉදින් පලායාම නම් සිහිනෙන්ම මිස හැබැහින් නොසිතු වීරුය.
දළු බණ්ඩාරයාද තම නුවණ පිලිබඳ දර්පිතව සිසුහු රැස්වූ පසු කඳවුරු දොරටුව වසා පියා සිතැඟි පරිදි ඔවුන් මහත් වදයට පැමිණවීමට පටන් ගත්හ.දිනක කෑමට හාල් මිටක් සහ ලුණු ඇබිත්තකි.බීමට දින දෙකකට වරක් දිය උගුරකි.පිපාසයටත් දිය නැති කොට අවශේෂ කාරණා ගැන නොකිව මනාය.භටයෝද සිතු සිතු පරිද්දෙන් සිසුන් පිට වෙඩි වරුසා වස්සන්නාහ.බෝම්බ හෙලන්නාහ.සිසුන්ද පලා යාමටද මගක් නැතිව,මහත් විපතට පත්ව දුර්මුඛව යලිත් ගමරට බලා යා හැකි වේදැයි සිතමින් කල් අරින්නාහ.සා පිපාසාව ඉවසාගත නොහි තමා බාහුව සිදුරුකොට රුධිරය උරා බොන්නවුන්ද,බඩ සාය ඉවසිය නොහි තමා මාංශ තමාම කන්ට තැත් කරන්නවුන්ද එහි හිග නොවුහ.පලා යාමට ගොස් අසුවූවන් කිහිප දෙනෙක් කාහටත් පෙනෙන පරිදි වෙඩි තබා පවුරු කොනක එල්වීය.තවත් කිහිපයක් පෙති ගසා ඒ පෙති අනෙකුන් අතරේ බෙදිය.තවෙකෙකුගේ කර පය මස්වා දඟ ගෙයි ලීය.
කල්යාණන්ද තෙමේ වන්නාවූ මහා විනාශය දැක උපයෙම්ම මිස මෙතනින් පලායාම නම් සිහිනයකැයි සිතා සිය සගයන් බනවා සබඳ, මසු දහසක් සෙවිය හැකිදැයි විචාළහ.ඒ කුමක් පිණිසද යත්:-මේ මුර භටයෝ නම් මුදලට ගිජුය.ඉදින් මසු ලදිත් නම් අත්ලස් දී උන් නම්මා ගත හැකි බැවිනි.ඉක්බිති උන් මසු දහසක් සොයා ආ කල්හි කල්යාණන්ද තෙමේ මුර භටයෙකු අමතා යහළුව,තෙපිටත් අපිටත් යහපතක් වෙන ගනුදෙනුවක් ඇත.මනාපදැයි විචාළහ.එවිට උන් යහපතැයි ගිවිස කල්හි කල්යාණන්ද තෙමේ ,එසේ විනම් අද රැය පහන් වීමට පෙර අප තිදෙනා මින් පිට කල මැනවයි පවසා මසු දහස උන් අත තැබුහ .මුර භට තෙමේද එදින රෑ කඳවුරු දොර හරවා උන් තිදෙන පිටතට ලීය.උන්ද සිය පෙර පින ගැන උදම්ව සියලු වෙර දෙපයට දී පසු නොබලා දුවගොස් වනයෙන් එලියට පැන යහතින් ගම් රටවල් බලා ගියහ.
ප.ලි.එකල මලින්ද රජුපක්ෂ රජු නම් මෙකල මහින්ද රාජපක්ෂයෝය .දළු බණ්ඩාර ඇමතියා නම් මෙකල සුදුබන්ඩා දිසානායකයාය. වජිරයා හා හරූනා යනු මෙකල මා මිත්‍ර විරාජයා සහ හිරුනාය.කල්යාණන්ද නම් කසුන් දයා වූ මම්මය.
මහා ලිඩරශිප් ජාතකය නිමි ...!!!!
එකල කල්යාණන්ද නම් ව වැස මෙකල කසුන් දයා නමින් මේ ශ්‍රී ලංකාද්වීපයෙහි උප්පත්තිය ලද්දා වූ මේ අසරණ දරුවා පසුගිය වකාවානුවෙහි පැවතුණු ශ්‍රී ලංකාද්වීප සරසවි ලීඩරශිප් පුහුණුව මහත් සේ රසාස්වාදනය කොට ඇති බව මෙයින් දත යුතු..))
ReplyDeleteඅයියෝ මල්ලී... :P
ReplyDeleteහ්ම්..හ්ම්...කොහොම හරි ඉතින් දැන් ඒකත් ඉවරයිනෙ.දැන් ඊලඟ පියවරට ලෑස්තිවෙන්න තමයි තියෙන්නෙ...
කොහොම උනත් ඔයා මේ විස්තරය කියල තියෙන විදිහ නම් නියමයි. හරිම නිර්මාණාත්මක විදිහට ලියල තියෙනව :)
අඳෝ මැයි..!
ReplyDeleteමෙවන් අකටයුත්තක් සසරාරම්භයේ පටන් වෙර සිත් බැඳි උන්ටවත් නොසෑදේවා.
බස හැසිරවීම මනාය
ඉළ ඇදෙන තුරු හිනාය
ෆට්ටයි ආහ් :D
මචං සෙයා බටන් ටික ඇඩ් කරලා දාපං..සෙයා කරන්න ගියාම මේ ලිංක් එක උස්සන් අතන මෙතන යන්න වෙනවා...
ReplyDeleteඅඩේ සෙයා බටන් එකයි කොමෙන්ට් රිප්ලයි ගැජ්ජයි එල්ලපං මයෙ දෙයියෝ
ReplyDeleteමහා ලිඩරශිප් ජාතකය ජාතකය පට්ටමැයි..මාගේ රස නහර මධු විතෙන් සනහාළුවක් බඳුය.
ReplyDelete:D :D
ReplyDeleteමැක්සා ජාතකේ!!! :D
ReplyDeleteඑය එසේමැ බවත් පෙර ජාතියේ කලා වූ මහත් කුසලයක් හේතුවෙන් මෙසේ දිවි රැකගත් බවත් දත යුතු .....:) @ වර්ෂා
ReplyDeleteහි හි ...මට ඕක හොදටම එපා උනා අක්කේ .සති තුනක් එහෙම තිබුනම් එක්කෝ මම මැරෙනවා .එක්කෝ පන යනවා :D @chams අක්කා
මචං ඉසුරු ..උඹට සහ මට සිදුවූ මෙවිපත වනේ වන හතුරෙකුටවත් නොවේවා යන්න මගෙත් පැතුමයි :(
ReplyDeleteතැන්කු මචා ඒක මතක් කරාට .ඔන්න දැම්මා .... @amila chathuranga
ෂෙයා එකනම් දැම්මා මචන් .රිප්ලයි එක දාන්න ගියාම දැනට දාල තියෙන සමහර කෑලි හැලෙනවනේ අප්පා ..තවටිකක් බලන්නම්කෝ .තැන්කු මචන් :) @ ඕනමැන්ටල්
ස්තුතියි ...!!පැතුම් [සිතුම් පැතුම්],වකා,lakshika..ඔබේ සතුට මගෙත් සතුටයි :D :D
ReplyDeleteඈ බං.. අච්චර කට්ට කාල විභාගේ ගොඩ දාගත්ත නම් මේ කට්ට කුමක්දැයි ? :D
ReplyDeleteහික්....මරු ජාතකයක් නොවැ... ලෙසටම ලියා ඇත මලේ..... :)
ReplyDeleteනියමයි..භාෂාවත් නියමම නියමයි.. මට සයිට් එක ගැන විස්තර එව්වෙ ඉසුරු..හයියො අපිටත් තව ටික දොහකින් ඔය සෙතේම තමයි.. සුදුබණ්ඩා මාමා නම් සංසාරෙ හැමදාම ඔව්වාම තමයි කරන්න ඇත්තෙ.හි හි..
ReplyDeleteකළු සුදු
අනේද කියන්නේ ..මේ කුමන කට්ටක්දැයි හෝ මේ කට්ට කුමටදැයි කියා මට නොතේරේ ..@යසිත්
ReplyDeleteස්තුතියි අක්කේ .පන බේරගත්ත සන්තෝසෙට ලියවුනේ .. :))@ සමනලී අක්කා ..
ස්තුතියි යසිරු සහෝ ..ඔයාගේ එකත් පට්ටයි @ යසිරු
ReplyDeleteඉසුරුත් අපිත් එක්ක හිටියේ ,,එයාටත් අසනීප උනා සින්දු කියන්න ගිහිල්ලා ..:)අපිට නම් සතිදෙකයි .ඔයාලට මාසයක්ම තියයි සමහරවිට..බණ්ඩගේ විකාරනේ .. හි හි @සජානි
Fatta
ReplyDeletethxxxxxxx ඇනෝ .... :)))
ReplyDeleteඅපූරු ලියවිල්ලක් :D
ReplyDelete:))
ReplyDeleteසමි ,රෙහානි ...ස්තුතියි ඔයාල දෙන්නටත් ... :D
ReplyDeleteඅම්මප ඒකත් ෆට්ටම ෆට්ට ජාතක කතාවක්ය..එය කියවන්ට ගොස් මාගේ ඉල ඇදී ගොස් කෙලින් හිට ගන්නට බැරුවාය....සිංහල බොලොග් ලෝකයට බොලා වගේ උන් උවමනාය...දිගටම ජාතක කතා ලියැ වේවායි ප්‍රාර්ථනා කරමි....!!
ReplyDeleteCSK LANKA
බොහොම ස්තුතියි chinthaka මිත්‍රයා ... :))
ReplyDeleteඇඬෙනවා ඈ... නියමයි :) :) ;)
ReplyDeleteThank you Owinto .. :))
ReplyDelete