ඇයි අප්පා මේ සමහර අය මහින්දට මෙච්චර බනින්නේ ?මටනම් හිතාගන්නවත් බෑ .බලන්ඩකෝ ඉතින් මහින්ද කියන්නේ කොච්චර හොඳ නායකයෙක්ද ?පාරවල් හදනවා .ගොඩනැගිලි හදනවා පාලම් හදනවා. වෙන මොකුත් ඕන නෑ.බයක් සැකක් නැතුව පාරේ බැහැල යන්න පුළුවන් එකම මදැයි !චුට්ටක් හොරාකනවා වෙන්න පුළුවන් ඒක ඉතින් එච්චර හිතන්න ඕන දෙයක්ද .මොකද අනිත් අය හොරාකන්නේ නෑ කියලද?අනික මහින්ද පන්නලා කවුරු කියල ජනාධිපති කරන්නද ?රනිල්?ෆොන්සේකා ?JVP(lol)මටනම් ඕන තැනක විලිලජ්ජාවක් නැතුව මෙයා තමයි අපේ ජනාධිපති තුමා කියල පෙන්නන්න ඉන්නේ මහින්ද විතරයි .ඒක නිසා මම මහින්ද මාමට ආදරෙයි ..!!!
අලියා පිටේ ගියපු අපිට හදල දුන්න.........පාර
ඒ විතරක් නෙවෙයි ලඟදි දාලා දුන්නා.....තාර
ගිය සතියට කලින් සතියේ ආවා වතුර....පාර
දිවිය තියෙන තුරු මතකයි මේවා එකක්...නෑර
පණ බේරලා දුන්නා මදැයි ආයෙත් මොන....වාද
ඒවා මතක නැති මිනිස්සු හරි නරකයි.........නේද
තාමත් මතකයි එහෙමත් අමතක වෙන........වාද
ආය ඉල්ලුවත් ඡන්දය නොදී ඉන්න.............වාද
රනිල් ඉතින් කැගැහුවට මෙලෝ දෙයක්.....බෑනේ
ෆොන්සේකත් ඔය හිටියට කිසි කමකට......නෑනේ
ජේ වී පි අයියලාට දැන් අමුඩෙත්..............නෑනේ
ඔයා තමයි මැරෙනකම්ම හැමදාමත්............ඕනේ