Pages

Subscribe:

Ads 468x60px

Wednesday, January 30, 2013

අලුත් විදිහට මාල කැඩීම...!




                                ඉස්සර අපේ රටේ මුළු සර්වාන්ගෙම වැහෙනකම් කැරට් 24 පිරිසිදු රත්තරන් වලින් හදපු මාල,වළලු,මුදු,කරාඹු,පාදගම්,පාසලඹ,පාදජාලා කියන ස්ත්‍රී අභරණ පැළඳ ගත්තු තනිකඩ ලලනාවියකට මහ දවාලේ පයින් ඇඟේ එක රෝම කුපයකටවත් හානි වෙන්නේ නැතුව දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා ගිහින් ආපහු එන්න පුළුවන් කම තිබුනා කියල කවුදෝ කියනවා මට ඇහිලා තියෙනවා.එහෙව් රටේ දැන් නම් මාලයක් දාගෙන තනිපංගලමේ අඩි දහයක් වත් යන්න බැරි තත්වයක් උදාවෙලාදෝ කියල මට හිතෙනවා.
                                                      පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත මාල වළලු කඩාගන්න සිද්ධි පුදුම විදිහට වැඩිවෙලා.බයික් එකකින් ඇවිත් මාල කඩාගන්න සිද්ධි තමයි 90%ක්ම තියෙන්නේ .මුලින් මුලින් තනියම පාලු පාරවල් වල යන එන අය තමයි බොහෝ දුරට මේකට ගොදුරු උනේ.ඒත් දැන් දැන් දෙනෝ දාහක් මැද්දේ කිසිම ගානක් නැතුව කඩාගෙන යනවා.අපේ නැන්දා කෙනෙකුගෙත් ගිය අවුරුද්දේ පාරේ යනකොට බයික් එකෙන් ආපු දෙන්නෙක් පිහියක් පෙන්නලා මාල වළලු ගලවගෙන තිබුනා.
                               

Monday, January 14, 2013

මහා ලීඩරශිප් ජාතකය ....!!!!!!


                                                                  යටගිය දවස සිරිලංකාදිපයෙහි මලින්ද රාජුපක්ෂ නම් රජ කෙනෙකුන් දැහැමින් හා ඉතා සෙමින් රාජ්‍ය කරන සමයේ එරට සියලු තක්සලාවන්ට අධිපතිව දළු බණ්ඩාර නම් එක ඇමැත්තෙක් විසුහ .ඌ තුමූ නුවණ නැත්තාහ.ඉතා මූඪය.කට වාචාලය.එයිදු තෙමේ වචාලයා හෙයින්ද උපායෙහි බුහුටි හෙයින්ද රජු  රවටා සියලු සම්පත් ඇරගෙන කල් ගෙවන්නේය. දිනක් මේ දළු බණ්ඩාරයා සිතන්නේ,මෙකල මෙරට තක්සලාවන්හි සිසුන් නම් ආවේගශිලිහුය.කාර්යයෙහි සූරය.එහෙයින් මතු කලෙක මුන් අපිට එදිරිව ගියමනාය.මුන්ගේ හිස දැන්ම බෑ යුතු යයි සිතා ලීඩරසීපය නම් උපායක් කල්පනා කළහ.ඒ කෙසේද යත්:- සියලු සිසුන් වනමැද මහා කඳවුරක ගාල් කොට පියා නේක විධික්‍රම මගින් උන් මහත් සේ භය ගන්වා උන්ගේ බල බිද, තම බහට නැමියා වූ රූකඩයන් බවට පත් කිරීම යැයි දත යුතු.
                                   මෙකල කල්යාණන්දයායැ,වජිරයායැ,හරූනායැ යි තිදෙනෙක් මිත්‍ර සන්ධානයෙන් කල් ගෙවන්නේ උන්ටද අසුවල් දවස අසුවල් තැනට එවූයයි රාජ අණ ලැබුහ .උන් තිදෙනාද රාජ අණ හෙයින්ද,කඩ කලොත් නපුරක් හෙයින්ද,එමෙන්ම යාම් මිස ඒම් විශ්වාස කටයුතු නොවන හෙයින්ද සිය දෙමාපිය ඥාති හිතමිත්‍රාදින්ගෙන් සමුගෙන බොහෝ දුක සේ නියමිත දින කඳවුරට වැදුනාහ.

                    ඒ කඳවුරෙහි තතු නම් මෙසේයැ.අඟලක් අඟලක් පාසා තුවක්කුයැ,කාලතුවක්කුයැ,බෝම්භයැ,කිනිසියැ,පොලුයැ ආදී වූ පන්චායුධයෙන් සන්නද්ධ වූ,උකුසු නෙත් ඇති නොසෙල්වෙන රූ ඇති,සද්දන්ත යුධ භටයෝය.පිටතින් බැලූකල පළමුව ස්වාසිලන්ත ජනපදයෙන් ගෙන්වූ මහා දැති මෝරුන් හා හැල කිඹුලන් ගහන දිය අගලක්ය .ඉක්බිති නයින්,මුගටින්, පිඹුරන්, ඇනකොන්ඩාවන් ගහන මහා කලල් අගලක්ය.ඉන් ඔබ්බේ අසූ රියනක් උසැති නවරියනක් පළලැති මහා පවුරක්ය.අවටතෙරක් නොපෙනෙන නිල් වන රේඛාවය.ඉදින් පලායාම නම් සිහිනෙන්ම මිස හැබැහින් නොසිතු වීරුය.